(අංජුල මහික වීරරත්න)
කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා පදිංචිව සිටින පස්වන පටුමගෙහි නිවස පරිත්‍යාග කිරීමට සූදානම් බවට මාධ්‍යවල පළවූ වාර්තා පිළිබඳව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විමසූ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා තවමත් ජීවත්ව සිටින හෙයින් නිවස සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තව කල් ගතවනු ඇති බවයි.
කෙසේ වෙතත් සිය පෞද්ගලික නිවසට අදාළව යෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එජාප සභාපතිවරයා මතු මතු කළ කාරණයට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
කුහකකමින් තොරව බැලුවොත් රනිල් කවදත් සල්ලි පස්සේ දිව්වෙ නෑ කියන එක කවුරුත් පිළිගනියි. එතුමා කිසිම ප්‍රසිද්ධියකින් තොරව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට බොහෝ උපකාර කර ඇති බව මට එම වින්දිතයින් සමග වැඩකරන පියතුමෙකු පවසා සිටියා. ඔහු අනිවාරෙන් ඔහුගේ මෙම කෝටි ගානක නිවස සමාජ සේවා වැඩකට පරිත්‍යාග කරනවාට සැක නැහැ. මහබැංකු වංචාව, පාස්කු ප්‍රහාරය වැනි දේ යොදාගෙන එතුමාට පහර ගැසීම මගින් එතුමාගේ පරිත්‍යාගශීලී බව යටපත් කිරීම නුසුදුසුයි. ප.ලි. මා කවදාවත් එතුමාට ජන්දය දී නොමැත.
හැබැයි හොද ලෝකෙක උපදින්න නම් දැන්මම දන් දෙන්න වෙයි.
හැබැයි ඉස්සරනම් ඔය වයසට ගියාම දේපල දන් දීලා තපසට යනවා.
එතුමා පක්ෂයේ නායකත්වයෙන් පන්නන්න හැදුව එක කරගන්න බැරිවුණු තැන එතුමාව නිවසින් පන්න ගන්නද සූදානම...?
රනිල් මහත්මයාණෙනි, ඔබට කරන්න පුලුවන් උපරිම දේ තමා යහපාලන ආණ්ඩුව කලේ. ඔබ ෆේල්. ලොකුම දුර්වලකම නම් කුලියට ගත් මෛත්‍රිපාලව පාලනය කිරීමට නොහැකි වීමයි. දැන් ඉතිං කරන්න පුළුවන් හොදම දේ නම් සියළු දේ දනට, පිනට දී ජීවිතය අතහැර දන්නා ආගමක සරණ යන එකයි.
රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිනිය උගතුන්ය බුද්දීමතුන්ය. එමනිසා යම්කිසි දිනෙක එම දෙපල පදිංචිව සිටින පස්වන පටුමගෙහි නිවස පරිත්‍යාග කරනවානම් කලයුත්තේ බුද්දි කේන්ද්‍රයක් දැනුම ලබාදෙන ආයතනයක් වශයෙන් මිස වෙනත් කට යුත්තකට නම් නොවේ.
නහින දෙහින කාලේ දැන් නම් ලගනේද .... අටලෝ දහම දැන් සිහියට එනවාද... යනකොට කලදේ අප ගෙන යනවානේ... මේ බව තේරෙන්නේ මිනිසුන්ටම නේද......
බෞද්ධ පන්සලක් හදන්න
ඒකෙන් එළවගන්නත් අමාරු වෙයි වගේ.. බහිරවයෙක් වෙලා ඔතන හරි සිරිකොතේ හරි ඉන්න තමා ඔය හදන්නෙ
තවම පණ අදිනවා.... මින් ඉඩම ලියාගන්න දඟලනවා....