IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය  ඊශ්‍රායලයට නියෝග කළේය.

රෆා නගරයේ ඊජිප්තු දේශසීමා පිවිසුම් මාර්ගය විවෘත කර ජීවිතාරක්ෂක ආධාර ගාසා තීරයට ඇතුල්වීමට ඉඩ සලසා දෙන ලෙසද ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය.

නමුත් ඊශ්‍රායලය මෙම නියෝගයට අවනත වනු ඇතැයි අපේක්ෂා නොකළත් මෙම නියෝගයෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ තවත් හුදෙකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහුගේ සමීපතමයන් ජාත්‍යන්තර අධිකරණය ලබාදුන් මෙම නියෝගය දැඩිව විවේචනයට ලක් කර ඇත.

නෙදන් යාහු රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයකු වන එයිලෝන් ලෙවී ප්‍රකාශ කර සිටියේ නියෝගය ප්‍රකාශයට පත් කළ පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාෆ් සලාම් ලෙබනන ජාතිකයෙකු බවත් වැරදි නියෝගයක් ලබා දුන්නේ නම් ඔහුට ආරක්ෂිතව නැවත ලෙබනනය බලා යෑමට අවස්ථාවක් නොලැබීමට ඉඩ තිබූ බවත්ය.

පලස්තීන ජනතාව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායල හමුදා රෆා නගරයට පහර දීම නැවැත්වීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකානු නීතිඥයන් ජාත්‍යන්තර අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම වසර තුළ ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ තෙවැනි අවස්ථාව මෙය වේ.

පහළොස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දහතුන් දෙනකුගේ එකඟත්වයෙන් ජාත්‍යන්තර අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (3)

‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

Xxxxxxxx Sunday, 26 May 2024 05:52 AM

කවුද යුද්ධය මුලින්ම පටන්ගත්තේ කියලා සොයාගෙන නැහැ වගේ .පටන්ගත්තු එවුන්ට මුලින්ම සමාව ගන්න කිව්වා නම් නේද හොද

:       6       5

Ariyathilaka Sunday, 26 May 2024 10:45 AM

අතිශයින් ජනප්‍රිය වූ මුවන් පැලැස්ස නම් ගුවන්විදුලි නාට්‍යයට අප සවන් දී ඇත. රස විඳ ඇත. එහි කෝරළේ මහතාගේ (ආරච්චිල) හා පිනාගේ චරිත ඉතා රසවත් ය. යායේ කවරෙකුගෙන් හෝ පැමිණිල්ලක් කොර්ළේ මහතාට ලද හොත් කෝරළේ මහතා එය විභාග කිරීමට බහින්නේ, යුත්තිය සාධාරණය ඉටු කිරීමට, ඉටු වීමට වඩා තමන්ගේ කෝරළේ ගම්මුලෑදෑනි පට්ටමේ ගර්වය තම යායේ එවුන්ට පෙන්වීමටත් තම ගම්මුලෑදෑනි ඇඳුම් ආයිත්තම්වල පුරාජේරුකම සහිත පුහු මාන්නය යායට ගමට පෙන්වීමත් ය. පිනා විසින් ද කියන ඕපදූප විශේෂයෙන් කෝරළේ මහතා අසා සිටී. පිනා විසින් කරන පැමිණිල්ලට ද විශේෂ සැළකිලිමත් බවක් ඔහු දක්වයි. මුවන්පැලැස්සෙහි මෙන් කොර්ළේ මහතා සහ පිනා යන චරිත නූතන වශයෙන් ජාත්‍යන්තර කරලියට පැමිණ ඇති සෙයකි. පිනාගේ පැමිණිල්ලට කෝරළේ උන්නැහේළා විසින් තම ගර්වයට තත්වයට අපිත් ඉන්නවා කියන්න මොකවත් කළ යුතු ය. ඒ වුණත් මුවැන් පැලැස්සේ කෝරළේ මහතාගේ සහ පිනාගේ චරිත තරම් රසවත් නැත.

:       0       5

nimal Monday, 27 May 2024 08:36 PM

පාණ ඇපකරුවන් නිදහස් කිරීමට සහ ඊශ්රායලයට මිසයිල පුහාර එල්ල කිරීම නැවැත්වීමට අධිකරණය හමාස් සංවිධානයට නියෝග නොකිරීම සහ අධිකරණය එක් පාර්ශවයකට යුද්ධය නවත්වන ලෙස නියෝග කිරීම සාධාරණ නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද
2024 ජුනි මස 18 183 0

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලක


වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති
2024 ජුනි මස 18 766 0

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී


දිඹුලාගල‍ සෙල්ලිපිය මාසයක්ම කියවලා
2024 ජුනි මස 17 1207 0

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර අද (17) අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනා


නීති ප්‍රතිසංස්කරණ කර වාර්තාවක් තබයි
2024 ජුනි මස 17 274 0

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්


ගොයම් කයිය අටක් රෝහලට යවයි
2024 ජුනි මස 17 718 0

ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල


රනිල් - සජිත් - අනුර බලයට ඒම අපරාධයක්
2024 ජුනි මස 17 2310 0

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3042 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2491 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site