(ඉන්දිකා රාමනායක)
මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වෙයි.
මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
COMMENTS
මම මේ විවෙිචනය කරනවා නෙවෙයි. අදහසක් දක්වනවා විතරයි. කරන සේවය අපි අගය කරනවා. ඒත් ඔබතුමාලා තීරණ ගන්නවා ඊට පහුවදාම ඔබතුමාලම ඒ තීරණ වෙනස් කරනවා. මුලින් තීරණ ගන්නකොට ඔය පිළිබඳව ඔබතුමාලා හිතල බැලුවනම් මෙහෙම වෙන්නේ නෑ නේද? දැනටමත් පොලිස් නිලධාරීන් කී දෙනෙකුට මෙ රෝගය මේ නිසා පැතිරෙන්න ඇති ද? ඇයි මේ වගේ පොඩි දෙයක්වත් හරියට සැලසුම් කරල කරන්න බැරි. ඉදරියටවත් නිවැරදි තීරණ ගන්න ඔබතුමාලට ශක්තිය ධෛර්ය ලැබේවා.
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා. රේන් කෝට් එකයි මාස්ක් එකයි තොප්පියයි දාගෙන පොලිස් නිලධාරීන් මිනිසුන්ව කුදලන් යන හැටි දැක්කම තේරෙනවා මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න අණ දෙන්නෙ කොයි තරම් මෝඩ නිලධාරීන් ද කියල. මේවායින් අමාරුවේ වැටෙන්නේ ඒවා කරන්න වෙන අනිත් නිලධාරීන්ව. ගෝලීය වසංගතයක් වන කොරෝනා පාලනයේ මුල් පුටුවේ ඉන්නෙත් රෝග පාලනයේ විද්‍යාත්මක පැතිකඩ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති හමුදාව.
ඉන්දියාවේ වගේ කස පහර ගහන්න. හොඳට මතක තියෙයි එතකොට.
ඔව් නීති කඩන්නන් වඩාගෙන යන්න. නැතිනම් කකුල් දෙකෙන් ඇදගෙන යන්න. දණහිසෙන් ඉහළට උස්සන්න එපා කිව්ව අයගේ අදහස මොකක්ද?
නිරෝධායනය කඩන්නන්ට වාහනය පෙන්නලා ඉන්දියානු ක්‍රමයට සැලකුවොත් නරකද?
"මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා" අන්න ඒ වගේ තමයි දැන් ලංකාවේ සර්ලා කරන්නේ...
ඕක ඉතින් ඕනම පොඩි එකෙක්ට තේරෙන දෙයක්.. ඇයි පොලිස් නිලධාරින්ට ඒ සරල දේ නොතේරෙන්නෙ කිය්න එක ප්‍රශ්නයක්.. ඔහොම කුදලගෙන යාම නිසාම කී දෙනෙකුට අනීවාර්තේ කොරෝනා බෝවුනාද දන්නෑ...
කලොත් ගොන් කතාවක්ම තමයි.
නීති කඩන අයට කනට ගහන්නම ඕනෑ. ඔය හැතිකරය තමයි අවුරුදු කාලේ මාස්ක් නැතුව බස්වල ගියේ ආරක්ෂක හා සෙක්‍ය අංශයේ අයවළුන් පමණයි නීති රැක්කේ ව්ශේෂයෙන් දුරගමන් බස් වල මම දැක්කා ගොන් ගෑනු නාම්බෝ මාස්ක් එක ගලවගෙන බස්වල ගියා අපි කිව්වාම ඇහුවේ නෑ. කියන දේ මේ අයට තේරෙන්නේ නැත්නම්, මානුෂීය විදිහට හදන්න බැරි නම් අමානුෂීය විදිහට කණ පැලෙන්න ගහන්න අවසර දුන්නා නම් ඔය කොරෝනා ප්‍රශ්ණ ඔව්චර දරුණු වෙන්නේ නෑ. කාලකණ්ණින්ව හුරතල් නොකර..
ඔහොම අල්ලලා වාහනය ඇතුළට දාන විදියට අමානුෂික ගතියක් තියනවා .
මෙක ඇවිල්ලා මැණියන්ගේ නීති තියෙන රටක්නේ... මෙ නියෝගය දුන්නේ මොකද දන්නේ නැහැ. එතකොට මිනීමරුවෝ මංකොල්ල කාරයෝ වත් මෙච්චරකල් උස්සගෙන යනවා අපි දැකලා නැහැ. කියන එක අහන්නේ නැති අය ඇයි උස්සගෙන යන්නේ...? ඛෙල්ලෙන් අල්ලලා ඇදගෙන යන්න පුළුවන්නේ...
දියුණු වුණු රටවල්වල හොද කළාම සහ විදි ඔනෑ තරම්... අපේ අය කෙරුවොත් කරන්න ඉන්දියන්, බංග්ලාදේශ, පාකිස්තාන 3 වැනි ලෝකයේ රටවල වැඩ...
මොනව වුණත් පොලීසිය මීට වඩා හැම විටම තදින් ඉන්නව නම් හොඳයි. විශේෂයෙන්ම මාර්ග නීති වගේ තැන්වලදි පොලීසිය ලිහිල් වැඩියි.
පොලිස්පති සහ අජිත් රොහන මහතගේ අවධානය පිනිස ! නීතිය කාටත් එකද ? "මිතුරු මිතුරියන් පිරිසක් සමග මාතලේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගතකිරීම සඳහා ගිය ඇමති දියණියක කූඩැල්ලන් කෑම නිසා අසාධ්‍යව දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. මේ වනවිට ඇය දඹුල්ල රෝහලේ ITU (Intensive care unit ) ඒකකයේ ප්‍රතිකාර ලබයි. කූඩැල්ලන් විසින් ලේ උරා බීම නිසා බරපතල ලෙස අසාධ්‍ය වූ ඇමති දියණියව වහාම රෝහල වෙත රැගෙන විත් ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසිනි. අදාල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අයකු බව පැවසේ. ඇමති දියණිය ඇතුළු පිරිස මෙසේ විනෝද චාරිකාවක් ගොස් ඇත්තේ, රජය විසින් සංචරණ සීමා පනවා ඇති මොහොතකදී වීම විශේෂ කාරණයකි."
පොලිසියේ සිටින මිනීමරු ඝාතකයින් ඔබ කියන දේවල් අහනවා කියලා ඔබ හිතනවා නම් ඒ විහිළුවකි. පොලිසිය බාරයේ සිටින සිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් බව ඔබ නොදන්නවාද..? කොස්ගොඩ තාරක නම් සැකකරුව තව පැය 24 තුලදී මරාදැමීමට පොලිසියෙන්ම ප්ලෑන් එකක් ඇතිබවත්, ඒ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න " කියා පොලිසියේ ලොක්කාවන ඔබ වෙත කොස්ගොඩ තාරකගේ නීතිඥයා මරණයට කලින් දින රාත්‍රියේ දැන්වුවා. නමුත් ....ඔබට බයනැති පොඩ්ඩෝ පරණ බොරුවම ගොතලා ..සැකකරුව ඝාතනය කළා. තම බෑනා වන කෙනෙක් පාතාල නායකයා කිරීමට පොලිසියේම ලොක්කෙක් කල මිනීමැරුමක් බව ඔබ දන්නේ නැතිද.?. නැතිනම් ජොබ් එකට බයද...?
ඔහොම කුදලාගෙන යාම නීති විරෝධියි, පස්සේ ඕක තේරිලා මිනිස්සු මානව හිමිකම් යයි... කියලා බයවෙලා තමයි ඕක අයින් කලේ.., බොරු හේතු කිව්වාට...
සෞඛ්‍ය අංශ වල උපදෙස් අපි කාටත් කලින් ආණ්ඩුවේම ආයතන පිලිපැද්දොත් නරකද?