
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව නිසා නාය යමෙන් දුම්රිය මාර්ගයට වූ දැඩි හානි නිසා උලපනේ වරකාපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර වූ දුම්රිය මාස හතරක් තිස්සේ තවමත් එම ස්ථනයේම නවතා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
කොළඹ සිට මහනුවර නාවලපිටිය හරහා නානූඔය බලා ධාවනය වූ එම දුම්රියේ මැදිරි නමයකි, වායූ සමනය කළ මැදිරිරියක්ද තිබේ.
එන්ජිම පමණක් රුපියල් කෝටි 20 ක් පමණ වටින , අතර මුලු දුම්රියේම වටිනාකම රුපියල් කෝටි 70 ක් ,පමණ වන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
මෙම දුම්රිය අලුත්ම තත්ත්වයේ එකක් වන අතර ,දුම්රිය මාර්ගය ඉතා බරපතළ ලෙස නායයාමෙන් අබලන් වී තිබෙන බැවින් ,මෙම දුම්රිය කිසිදු දුම්රිය ස්ථානයකට ගෙන යා නොහැකි බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
දෛනිකව රුපියල් ලක්ෂ 04 ක ආදායමක් ලබන මෙම දුම්රිය මෙලෙස ධාවනය අකර්මණ්‍ය වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව රුපියල් කෝටි ගනනකි.
මෙම දුම්රිය නවතා තිබෙන දුම්රිය මාර්ගය පිහිටි උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ බරපතළ ලෙස සිදුවී තිබෙන නායයාමෙන් දුම්රිය මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියව කියව ඉන්නේ කට්ටිය ගිහිල්ලා මේක ගොඩ ගන්න පාර තාවකාලික පාලම හරි සවිකරපල්ලා, ජෙප්පොන්ට බැන බැන ඉන්නෙ නැතිව.
වැඩිපුර මාසයක් කාගෙ අතින්ද දැම්මෙ....
ඊලඟ ආන්ඩුව එනකම්ඉන්න වෙයිවගේ
ඉතින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරියට කියලා වැඩ කරගන්න. නැතුව ඇමති ඇවිත් උස්සලා තියන්න බෑනේ.
ඒ වුනාට කයිය නම් තියෙනවා බිළියන ගණන්වලින්.
කට්ටියක් පුරාවිද්‍යාව ගල් ගලවන්න අවසර දෙනුන් බලාගෙන ඉන්නවලු නේද පේරාදෙණිය පාලම හදන්න. අපේ පුරාවිද්‍යාව තාම විසිවන සියවසේ වැඩ කරන නිලධාරීන් පිරුණ තැනක්... දුම්රිය දෙපාර්තමේන්තුවත් ඒ වගේම නේද? ජීවත්වන ජනතාව ගැන මිස අතීත ආවර්ජනය කරන කට්ටිය එක්ක රටක් ගොඩනැගීම බෑ.කට්ටියක් ඉතිහාසය අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්නෙත් මේ වගේම නේද?
හැබැයි ජෙප්පෝ විපක්ෂයේ හිටියා නම් කොහොමද?
ඕක කියන්න හරි ලේසියි, හැබැයි රේල්පාර දකින ජනතාවට තේරෙනවා මේක කරන්න සැහෙන්න කල්යනවා කියලා... කරුණාකර හරිදේ කියන මිනිසුන් කුලප්පු කරන්නේ නැතිව...
අනේ මන්දා ආණ්ඩු මාරු වුණාට ඔතැන ඉන්න නිලධාරීන් පරණ අයමනේ... එයාලාට ඕනේ නිකන් ඉදන් පඩිගන්න.
උඩ රට දුම්රිය මාර්ගය යලි පිළිසකර කිරීමට ආණ්ඩුවේ ඇති අවධානය ඉතා අඩු බවක් පෙනෙන්නට ඇත. IMF නියෝජිතයින් රටට පැමිණි අවස්ථාවේදීවත් මේ පිළිබඳවද සාකච්ඡා වුණු බවක් පෙනෙන්නට නැහැ.