IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘‘අරගලකරුවන් ගිනි තැබූ ගෙවල් හදා ගන්න රජයෙන් පිහිටක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ )

අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා රජයෙන් කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි එම මන්ත්‍රීවරු චෝදනා කරති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස සිටියදී නිවාස ඉදිකරගැනීම සඳහා යම් ආධාරයක් කර ඇතත් වර්තමාන රජයෙන් ඒ සඳහා කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි ඔවුහු පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම මේ හේතුව නිසා තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ

ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරන ලද මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පොරොන්දුවක් ලබා දුන්නේය.

දේපළ හානි වූ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ලේ වියත් පුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස කුලී පදනම මත ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර එම නිවාස දැනට ලබාගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බව වාර්තා වේ.

විශාල මාසික වාරිකයක් පවතින හෙයින් එම නිවාස ලබා ගැනීම ඉතා දුෂ්කර බව මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.

මේ අතර ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ පවුලේ උදවියටද මෙතෙක් කිසිදු ආධාරයක් ලැබී නැතැයි වාර්තා වේ.

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ අමරකීර්ති අතුකෝරල මහතාගේ පවුලේ උදවියට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නැති හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

අරගල කරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස 9 වැනිදා කරන ලද ප්‍රහාරවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සියයකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.

 



අදහස් (18)

‘‘අරගලකරුවන් ගිනි තැබූ ගෙවල් හදා ගන්න රජයෙන් පිහිටක් නෑ‘‘

ගමේ එකාලා Saturday, 20 August 2022 02:21 PM

ජනතා නියෝජිතයෝ, ජනතාවට සේවය කරන්න කියලනේ බලය ගත්තේ? කරපු සේවයකුත් නැහැ. හොරකම්, වංචා, දූෂණ... කොමිස් වලින් ගසාකෑවා මිසක්... තව ගෙවලුත් හදලා දෙන්නද කියන්නේ? හම්බකරගත්තුවා ඕනෑතරම් ඇතිනේ..?

:       133       300

dami Saturday, 20 August 2022 03:32 PM

ඔය ගෙවල් ගිනිතියලා මංකොල්ල කාලා හොරකම් කරපු අය අල්ලන්න. බහුතරයක් ජවිපෙ පෙරටුගාමීන්. එයාලාගේ පක්ෂවල අය කියාවි අරගලේ මර්ධනය කරනවා කියලා... ලොක්කන් කියනවනේ පොදු සමාවක් දෙන්න කියලත්... ඒ ඔවුන්ට කොටස් තියෙන හින්දා. ඒකට කමක් නැහැ. ඒ අයගේ දේපළ රාජසන්තක කරලා ඒවායින් වන්දි ගෙවන්න...

:       0       0

Amara Saturday, 20 August 2022 03:59 PM

ආණ්ඩුව කියන්නෙ කළකෛා්ලාහල වලට වන්දි දෙන රක්ෂණ සමාගමක් නොවේ.

:       76       69

පිටිගල මිලානෝ Saturday, 20 August 2022 04:26 PM

කිසිම ආධාරයක් දෙන්න එපා. ගෙවල්වල වටිනාකමට සාපේක්ශව විගනනයක් කර බලන්න ගෙවල් හදාගන්න ලැබුන මුදල් නීත්‍යානුකූලද යන වග.

:       34       74

senaSunday, 21 August 2022 11:47 AM

හරියටම හරි මෙයාලා වන්දි කෝටි දෙසීය තුන්සීය ඉල්ලනවා. මේ සල්ලි හොයාගත්තේ කොහෙන්ද?

:       0       7

APerera Saturday, 20 August 2022 05:51 PM

මේ හුඟක් ගෙවල් හදලා තියෙන්නෙ හොරකං කරපු මහජන මුදල් වලින්. තව දීපල්ලකො වන්දිත්.... අනික, මේ දේපල සහ එ්වායේ වටිනාකම්, මුංගෙ වත්කම්-බැරකම් ප්‍රකාශන වල තියනවද...???

:       22       56

K. RanaweraSunday, 21 August 2022 08:11 AM

ඔබ ඇත්තෙන්ම හරි... එක උදාහරණයක් තමයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග...!

:       0       0

Deepal Nirosh Saturday, 20 August 2022 05:59 PM

ආ මේක ජනාධිපතිතුමා දීපු මැතිවරණ පොරොන්දුවක් නෙව, ඕව කවුද කවදද කොතැන ද ඉෂ්ට සිද්ධ කළේ?

:       13       42

Kumara Saturday, 20 August 2022 07:20 PM

තඹ සතයක් දෙන්න වටින්නේ නැහැ. හොරාකාපු, කොමිස් ගහපු සල්ලි. අදත් කිරි දරුවන් බඩගින්නේ. බොන්න පිරිසිදු වතුර පොදක් නැතිව මිනිස්සු දුක් විඳිනවා.

:       0       0

jagath Saturday, 20 August 2022 07:50 PM

හම්බ කරපුවයින් සීයට 58ක් වත් විනාශ කරන්නේ නෑ..

:       6       19

pakeer Saturday, 20 August 2022 10:48 PM

රජකම කෙරුවත් කළකම් පලදේ. සත පහක් දෙන්න එපා. උඹලට අනුන්ගෙන් හොකරම් කරපුව නැති වුණාම ඔහොම දුක නම් අපෙන් උඹලා හොකරම් කරාම අපිට දැනෙන දුක උඔලට දැනෙන්නෙ නෑ නේද ?

:       0       10

සෙනෙවිරත්න Sunday, 21 August 2022 06:24 AM

මහින්ද මහත්තයාගෙන් ඉල්ලගන්න බලන්න... එතුමා තමයි මේ විනාසෙ මූලිකයා...

:       0       0

fickmich Sunday, 21 August 2022 10:31 AM

මේ හැම අරගලයකටම රාජපක්ෂලගේ බූදලය, දනස්කන්දය වග කිව යුතුයි.

:       0       8

දාස Sunday, 21 August 2022 11:25 AM

කාලයකට පස්සේ හොද ආරංචියක්.

:       0       5

fairoos Sunday, 21 August 2022 12:33 PM

මෙහෙම කියලා ඇතුළෙන් වැඩේ කරගන්නවා කියලයි ආරංචි..!

:       0       0

PODIMALLI Sunday, 21 August 2022 01:50 PM

පසුගිය ජාතිවාදී කලබල කාලේ අහිංසක දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ගෙවල් ප්‍රාදේශීය දේශපාලකයෝ සහ එයාලගේ ගෝලයෝ ගිණි තිබ්බා. එයාලට කවුද පිහිට වුණේ?

:       0       3

Shaminda Sunday, 21 August 2022 03:50 PM

සාධාරණව හම්බ කරපු මිනිස්සුත් ඉන්නවා. එයලට සාධාරණයක් විය යුතුයි. අනික ගිනිතියන්න සම්බන්ද උන අයගෙන් අයකර ගන්න ඕනේ.

:       1       1

sharm warn Monday, 22 August 2022 09:56 AM

ඇයි අර ලොක්කා ජනාධිපති වෙන්න ජන්ද ගන්න අධි සුඛෝපභෝගී නිවාස 104ක් සුද්ද කරලා ගත්තේ. දුන්නේ නැද්ද තවම? ඒවයි මේවයි දෙකක් ඉල්ලන්නේ මෙතන හතර මහා නිධානේ පහාල වෙලා කියලා හිතාගෙනද? මුන්ට තවත් ජන්දේ දෙනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 110 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 5 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 882 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 441 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 530 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 990 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site