(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ  ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම කරන්නට එපා යැයි ද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබා දෙන්නැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපතිට විරුද්ධව තිබෙන විශ්වාසභංගයට ඉඩ දුන්නේ නැතොත් කතානායකගේ ගෙයත් වටලනු ඇතැයිද ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා කීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:-

මගේ ඇඟේ සෙලවීම ඔබතුමාට දැනෙන එක හරිම පුදුමයක්(සභාවේ සිනා)