
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනාතවිල්ලුවේදි අද (01) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමියක් කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති ආකාරය ගැන සොයාබැලීමට ගිය අවස්ථාවේදීය.
වසර සිය ගණනක් පැරණි වනාන්තරයක සිමෙන්ති සංස්ථාවට අයත් කොටසේ කිසියම් පිරිසක් විසින් මීට මාසයට පමණ පෙර නීතිවිරෝධී අයුරින් ඇතුල් වී යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත ගස් කපා ගිනි තබා වනසා තිබුණි.
ඒ දුටු පරිසර අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“කවුරුන් කුමන ලෙසකින් කුමන බලයක් යොදා ගනිමින් සිදුකළද, පරිසරයට කරනු ලබන හානිය සුළු පටු ලෙස තැකිය නොහැකියි. මේ ආකාරයේ වසර සිය ගණනක වනාන්තර කපා විනාශ කිරීම නම් රජයක් ලෙස අනුමත කරන්නේ නැහැ .
එසේම කුමන දේශපාලන බලයක් යොදා ගනිමින් කළද, ඒ සඳහා අපි අදාල නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි ආනවිළුන්දාවේ සිද්ධිය... අපි ඒ සඳහා සියලුම පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට පසුබට වුනේ නැහැ.
ඒ නිසා කිසිම ලෙසකින් පරිසරයට හානි කරන කිසිවකුටවත් බලය, නිලය අදාල නොකර නිසි නීතිය ක්‍රියාත්මක කරන්න අපි පසුබට නැහැ.
වනසා දැමූ මෙම භුමිය සිමෙන්ති සංස්ථා අයත් වන අතර එය බදු පදනම මත ‘ඉන්සි‘ සිමෙන්ති පුද්ගලික සමාගම එම භුමියේ නැවත වන වගාව අරඹා තිබේ. ඇමතිවරයාද මෙහිදී පැල රෝපණය කිරීමට එක්විය. මේ අවස්ථාවට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ එම්.කේ. දිසානායක යන මහත්වරු ඇතුලු නිලධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කිව්වා නේද ඊයේ නිව්ස් වලට ඔය කියන තරම් විනාශ කරලා නැහැ කියලා.
ඒ වුනාට කටවචනය තමා අලුත් නීතිය කියන කෙනා කියන්නේ මේවා බොරු ප්‍රචාර කියලා නේද.?
අපේ සිංහලයෝ කැලයකින් ගස් ටිකක් කපා ගත්තම මොකද වෙන්නේ? අනික රටේ ජාතික ආරක්ෂාවත් ටක්කෙටම තියන එකේ ඔය ගස් තියාගෙන, කන්නද?
මේවා වේලාසනින් දකින්නේ නැත්තේ මොකද.?
පොල් ගස් ටික කපලා දැන් පොල් ගන්නේ ටේප් එකෙන් මැනලා.
කොන්ද පන නැති යහපාලන කාලෙද කරලා තියෙන්නේ.?
කෝ ඒ අයට දෙන දඬුවම්.
අනේ මුකුත් නොදන්නා බබා මෙන්න දැන් ගිහින් ඇවිත් කියන දේවල්.
ඔබතුමාගේ ප්‍රතිචාරය ඉතාමත් ප්‍රමාදයි. කන්කෙඳිරිල්ලක් විතරයි. ඔබට හෘද සාක්ෂියක් තිබෙනවද ? එහෙම නැත්නම් හෘද සාක්ෂියතුල හිරකාරයෙක් වුනාද ?
ඇමති කියනවා වනාන්තර කපලා විනාස කරන පැමිණිලි ගොඩක් ඒවා බොරුලු.
මේ මහත්තයා කියනවා හානිය සුළුපටු නැහැලු. සර් කියනවා කියන තරම් හානියක් වෙලා නෑලු.
මහ වනයක් වනසනවා. එක පැළයක් හිටවනවා. මෙන්න සෞභාග්‍යයේ දැක්ම... මෙවන් දේශයක් තව කොහි වේද?
2/3 ලැබුණොත් ඇමැති පුතෝ ඔය කපපු ගස් ටික වැවෙයිද? මට තේරුම් ගන්න බැහැ... ඔය 20 සංශෝධනේ...
අන්දරේ සහ ගෝලයින්ගේ පාලනයක් දැන් තියෙන්නේ..
මෙයාගේ කතා සේරම පුහු. මතකද කිව්වා අපි ළඟදීම තෙල් මිල අඩුකරනවා කියලා.
ඇමැති ඔය පැලේ හිටවලා ගියාම වතුර ටිකවත් දාන්න කෙනෙක් නොමැතිව පැලටික මැරිලා යාවි.
වචනෙන් හරි ඛනිජ තෙල්මිල අඩුකළාට ඔබට ස්තුතියි.