
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වසර 15 කට පෙරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු එම කාර්යාංශය තුළදී මියයාම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරී තහනම් කළ බව පොලිස් මුල ස්ථානය සඳහන්කරයි.
වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකුගේය
2011 ක් වු ඔක්තෝබර් මස 30 වන දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ මහාධිකරණ බල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසන් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆාහිම් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එමෙන්ම කාර්යාංශය තුළ රඳවාගෙන සිටියදී මියගොස් තිබිණි
වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව මත්ද්‍රවය නාශක කාර්යාංශය තුළදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් නීතිපති විසින් මහාධිකරණයේ චෝදනා දෙකක් යටතේ අධි චෝදනා ගොනුකර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd