IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘

(අංජුල මහික වීරරත්න)

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) පැවසීය.

එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්  රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘

nimal Wednesday, 15 January 2025 09:19 PM

පසුගිය රාජ්‍යයන් ( ආණ්ඩු ) විදෙස් රටවල් සමග ආයෝජන සදහා ගිවිසුම් අත්සන් කිරීමට සුදානම් වූ අවස්ථාවේ , JVP පක්ෂය දැඩි විරෝදත්වයන් දැක්වූ සියලු ආයෝජන, ව්‍යාපෘති අද ඔවුන්ගේම ජනපතිවරයකු යටතේ ඔවුන්ගේම 2/3 ආණ්ඩුවක අනුමැතිය යටතේ අත්සන් කිරීම සිදුවුවන්නේ කිසිදු පාර්ශ්වයකගේ විරෝදතාවයන් නොමැතිවය.

:       0       4

Samith Thursday, 16 January 2025 12:14 AM

උදව් කරන්නම් . ඒත් තායිවානය අල්ලගන්න උඹලා ඇත උස්සන්න ඕනේ .ඒක නේද කොන්දේසිය

:       0       4

BandaraThursday, 16 January 2025 03:41 PM

තායිවානය චීනයේ කොටසක් බවට රටවල් 180ක් බොහෝ කාලයක සිට පිළිගනී. ශ්‍රී ලංකා රජයද එය පිළිගනී. චීනය එය පිළිනොගන්නා කිසිඳු රටක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි...!

:       1       1

Sarath Thursday, 16 January 2025 09:55 AM

‘දික්තලා හා කාලගෝල ’ ------ අහෝ ශ්‍රී ලංකා.... බලමු වෙනස.... අපි මාලිමාවට........ කොටෙක් ගිය උඩ."

:       0       4

karolis Thursday, 16 January 2025 02:41 PM

නව යුගය කිව්වේ මහා චේතිය යුගයටද?

:       0       0

Gamini Thursday, 16 January 2025 03:29 PM

චීනටත් වඩා කොට කෙනෙක් දැක්කාමයි.

:       0       2

Himali Thursday, 16 January 2025 03:34 PM

ජෙබයියන්ගේ සිංහයා. ගැම්මට පයට කිලෝමීටර බරගාණක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site