IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘

(ආරියරත්න රණබාහු)

චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත්  අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය .

රිලවුන් ලක්ෂයක් චිනයේ සත්වොද්‍යන වලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසර වෙදින් අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය බැවින් එය අත්හිටුවීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා  පරිසර වේදි සංවිධාන සමඟ තමා සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවද ඔවුන් පිළිගත හැකි ප්‍රායෝගික විසඳුම් නුදුන් බවද සඳහන් කළේය.
ඇතැම් පරිසර සංවිධාන වල පිරිස් පැවසුවේ සාරි එල්ලීම ගස්වලට තහඩු බැඳීම අක්කර පහක් තිබේනම්  අක්කර භාගයක් සතුන්ට අත්හැරීම ආදී  ප්‍රායෝගිකනොවන යෝජනා යයිද අමරවීර මහතා කීය.
කෙසේ වෙතත්රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට තාමත් ඉඩකඩ ඇති බැවින් වහාම එම යෝජනාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (19)

‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘

විපරමා Wednesday, 11 December 2024 06:22 PM

රිලව් නොවෙයි රට යවන්න ඕනෑ ඔබලා. මොකද නුඹලාගෙන් තරම් කරදරයක් රිලවුන්ගෙන් නැහැ.

:       0       1

මංජුල Wednesday, 11 December 2024 06:25 PM

හොඳම ලණුවක්...

:       0       1

fairoos Wednesday, 11 December 2024 06:36 PM

පැරැදුණු අයගේ උපදෙස් ඕන නැතෝ...!

:       0       1

Neel Wednesday, 11 December 2024 07:03 PM

ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව මෙය බව පැහැදිලියි...

:       1       0

පසිදු Wednesday, 11 December 2024 07:34 PM

ඒත් එක්කම මුවත් යවන්න පලවෙනි ටිප් එකටම...!

:       0       1

බකල ජයා Wednesday, 11 December 2024 07:54 PM

පාස්පෝට් එකනං රෑ දවල් නැතුව පෝලිමේ ඉඳලා හදාගත්තා සර්. ඒත් වීසා දෙයිද? එහෙ භාෂාවත් අමාරුයිලු නේද සර්? අපිව විතරක් තනියෙන් යවන්න එපා සර්. වැඩ නැති එකේ සර්ලගේ කට්ටියවත් එක්කගෙන යං, සර්.

:       0       1

Ariyathilaka Wednesday, 11 December 2024 08:03 PM

සමහර අය කියන කියම්නක් තමයි "බල්ලො මරලා හරි කම්ක් නෑ සල්ලි සොයන්න ඕනෑ" කියා. ඒ කියමන සේ ඉදිරියේ මෙසේ කියන්නත් පුළුවන්. ඒ තමයි " රිලව් මරලා හරි කමක් නෑ සල්ලි සොයන්න ඕනෑ" යනුවෙනි. 21 වෙනි සියවසේ සිංහල භාෂාවට එක් වූ වැකියක් වශයෙන් ලෝකයට ම එය ව්‍යාප්ත කළ හැක. ඩයිනමයිට් සොයා ගත් ඇල්ප්‍රඩ් නොබෙල් තමා අරභයා අනුන් කළ අපහාසය වළකා ගැනීමට නොබෙල් ත්‍යාගය නිර්මාණය කළේය. අවමානයෙන් බේරීමට ඒ ඔහු කළ සූක්ෂම විජ්ජාවයි. අදත් ඒ ඩයනමයිට් වෙඩි තවමත් පත්තු වේවි. මනුෂ්‍ය ඝාතන සිදුවේ. පේටන්ට් බලපත්‍ර වලින් තවමත් මුදල් ලැබේ. යුද්ධ වලින් මනුෂ්‍ය ඝාතන නිමක් නැත. ඒ නමුදු නොබෙල් විසින් සෑදූ නොබෙල් සාම ත්‍යාගය ඇල්ප්‍රඩ් නොබෙල්ගේ මිනී මරණ කුණු සෝදාලමින් ලෝකයේ විරාජමාන වී ඇත. දියුණු යයි සම්මත ලෝකයේ විජ්ජාකාරයින්ගේ සූක්ෂම ගැටවලට අසු වී සාටෝප වින්දනයක් ලබන හැටි අහෝ පුදුමයි...!

:       0       1

අනුරුද්ධ ලියනගේ Wednesday, 11 December 2024 08:13 PM

මෙයත් ඇතුළු හිටපු මහා රිලව් කට්ටිය මුලින් යවලා පටන් ගනිමු...

:       0       1

බද්රානි Wednesday, 11 December 2024 08:43 PM

මෙතුමා ඒ වකවානුවේ, රිලවුන්ව චීනෙට පැටවීමට ගත් යහපත් තීරණයට මේ රටේ අමන පරිසර වේදියෝ සහ තක්කඩි පූජක රැල විරුද්ධ වූවා... ඒ නිසා, එම ව්‍යාපෘතියෙන් මේ රටට ලබාගත හැකිව තිබූ ආදායමකුත් අහිමි වුණා. තමන් කන ආහාර වේලට කෙලෙහිගුණ නොදක්වන, ගොවියාට වඩා වන සතුන්ට ගෞරව කරන මේ අමනයින්ට ආහාර වේලත් සත්තුන්ගෙන්ම පිරිමසා ගන්න කියලයි මම නම් යෝජනා කරන්නේ... අලි, රිලව්, මොනර උවදුර මේ රටට මහා ව්‍යවසනයක් හා ශාපයක් වී ඇති බව සමහරක් මන්ද බුද්ධිකයින්ට නොවැටහීම ගැන මට නම් ඇත්තේ පිළිකුලක්... මනුස්ස වෙසින් සිටියත් තිරිසන් සත්ව වර්ගයාගේ ගණයට අයිතිවෙන මේ අමනුස්ස රැල මේ රටට පිළිලයක්... මොවුන්ගේ ගෙවල් වලට රිලවුන් හා මොනරුන් ගෙනැවිත් දමන්න ඕනෑ. එතකොට "සත්ව ආලේ" තරම අපිටත් බලාගන්න පුළුවන්... වර්තමාන රජය මේ අමනයින්ගේ අභියෝගය ජයගත යුතුමයි...!!

:       1       0

Gamaya Wednesday, 11 December 2024 09:02 PM

මෙතනම රිළවුන් 3 දෙනෙක් ඉන්නවා. එකම මුහුණු තියෙන...

:       0       1

පොඩිඑකා Wednesday, 11 December 2024 11:25 PM

පොඩ්ඩක් ඉවසලා හිටපං මල්ලී, අපි අර ගෙදර යවපු රිලව් සෙට් එක වැලිකඩ යවලා ඉන්නකන්.

:       0       1

අනුරාධ Thursday, 12 December 2024 03:37 AM

එතකොට ඔයාටත් යන්න වෙනවානේ. ඔයත් එහෙටයි මෙහෙටයි පනින කෙනෙක්නේ...

:       0       1

sam Thursday, 12 December 2024 05:52 AM

මහින්ද අමරවීරවයි, පවුලේ අයවයි ඉස්සෙල්ලාම යවමු.

:       0       1

Nama Thursday, 12 December 2024 08:23 AM

රිලව් එක්ක මෙයාවත් යවන්න බැරිද?

:       0       1

Sriyal Thursday, 12 December 2024 10:32 AM

පරිසර වේදියො ටික අල්ලලා සත්තුවත්තට දැම්මනම් රිලා පුශ්නෙ විසදෙයි

:       1       0

ලුම්බිණි Thursday, 12 December 2024 11:53 AM

මෙතුමාත් ඒ සමගම යවන්න .

:       0       1

සමීර Thursday, 12 December 2024 01:15 PM

සියලු දෙනාගෙන් අවසර අරන් කරන්න ඉන්නවා නම් මොනම ව්‍යාපෘතියක් වත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ. මුලින් හරියටම කරන්න යන දේ තීරණය කරලා ඉන්න. ඊට පස්සේ ලංකාවම ආවරණය වන විදිහට සමීක්ෂණයක් තියන්න. එකේ ප්‍රතිපල ප්‍රසිද්ධ කරලා වැඩි දෙනාගේ කැමැත්තට අනුව වැඩ කරන්න.

:       1       6

Jayasekara Thursday, 12 December 2024 04:12 PM

හිටපු පැරදුණු ගොඩක් රිළව් දැන් රට පටවන්න තමයි තියෙන්නේ... ඔහෙත් එක්කම.

:       0       1

ජිල්බු Friday, 13 December 2024 12:21 PM

රිලවුන් බහුල ප්‍රදේශවල චීන පවුල් පදිංචි කිරීම වගේ විසඳුමක් යෝජනා උනේ නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මාළු ලොරියට යට වී කතක් මරුට
2025 ජනවාරි මස 25 616 0

මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී අද (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිස


යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්
2025 ජනවාරි මස 25 2383 2

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ


මහනගර සභාවේ සේවකයකුගේ සිරුරක් පාලම යටින් හමුවෙයි
2025 ජනවාරි මස 25 645 0

නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)


කුඩලිගම විදුහලේ ශාලාවකට ගසක් කඩා වැටෙයි
2025 ජනවාරි මස 25 333 0

බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.


දූෂිත ලොක්කෝ පිරිසක් ගැන විමර්ශන
2025 ජනවාරි මස 25 2773 0

දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනාධිපති අරමුදල ගමට යයි
2025 ජනවාරි මස 25 1239 1

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 19 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 551 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 648 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site