
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට ගියහොත් රටේ විකල්ප බලවේගයක් බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
ආණ්ඩුව කරන කිසිම දෙයක් ජනතාව නොදන්නවා සේම ඇමැතිවරුන් කියන කිසිම දෙයක් අද ජනතාව විශ්වාස නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද ප්‍රකාශ කළේය.
රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මහතා ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ මේ ආකාරයට දිගින් දිගටම අහස උසට නගිද්දී රටක් පාලනය කිරීම දුෂ්කර වනු ඇතැයිද පැවසුවේය.
ආණ්ඩුව මේ යන්න හදන්නේ කොතැනකටද දැයි තවමත් බලා සිටින බවත් පවතින තත්ත්ව යටතේ මේ ආණ්ඩුවේ ඇමැති තනතුරක් බාර ගැනීමට කිසිම අදහසක් තමාට නැති බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේය .
COMMENTS
ආණ්ඩුව අසාර්ථක නෑ ඇමැතිතුමා... ජනතාවට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ.
ලෝකයේම පවතින වසංගත හා ආර්ථික තත්වය හමුවේ මෙහි සත්‍යයක් ඇතත් දේශපාලන වාසි සඳහා මිස සීනි වැඩියි, හාල් වැඩියි කියලා කට්ටියක් කෑ ගැහුවාට සල්ලි නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්න නම් බාර් එකක් ළඟට යන්නම වෙනවා..
විකල්ප බලවේග අපිට අවශ්‍ය නැහැ.. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ හොඳයි...
ඔගොල්ලො ඔක්කොම එක වල්ලෙ පොල් කියල මිනිස්සු දන්නවා. ඒ හින්ද කටවහ ගෙන ඉන්න එක ඇගට ගුනයි.
බය වෙන්න එපා හරක් ඉන්න රටක කවදාවත් සිංහයෙක් රජ වෙන්නේ නැහැ.
මට පේන විදිහට මේ ප්‍රතිචාර 03ම දාලා තියෙන්නේ එකම පුද්ගලයෙක්... එකම අදහසක් තියෙන්නේ. නමුත් මේ කතාවේ ඇත්තක් තියෙනවා. කන්න නැහැ... බොන්න නැහැ.. බඩුමිල අහස උසට කියපු අය රට ඇරියා විතරයි නටන නැටිල්ල පේනවා නේද? මුහුදු වෙරළේ, පාක්වල, මල්වතුවල සෙනග පිරිලා...
බලයට කෑදරව පාලකයින් කළ හදිය. රටේ විනාසෙට මුල්වූ බව කිව යුතුය. දවසින් දවස පත්වෙන විට රට අඩිය. රට කෑ උන්ට හෙන ගැහුවත් මදිය.
ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරන කොට මෙතුමා ඇන්ග බේරගන්ඩ වගේ හදන්නේ .කොහොමද ටිකිරි මොලේ .අපි නොදන්න දේසපාලුවෝ ?
විකල්ප බලවේග හදන්නේ ආණ්ඩුවෙන්මයි.
ඔයාටත් ඇමැති කමක් ලැබුණානම් ඔය අසාර්ථක ගොඩේ බැනුම් අහ අහ වරප්‍රසාද විඳිමින් ඉන්නවා. හෘද සාක්ෂියට අනුව කතා කරන්නේ කීයෙන් කීයද ?
ඔබතුමාත් මේවාට වගකියන්න ඕනෑ.. මේ වගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ..
එහෙම වෙන්නේ නැහැ ,ඔබතුමා ඇතුළු පොහොට්ටුවේ අනුග්‍රහයෙන් රටේ බිහි වුන වලි කාරයන්,කුඩු කාරයන් ,එතනෝල් ගංජා කාරයන්ගෙන් සමන්විත විශාල පාදඩ ජාලයක් රටේ පවතිනවා .චන්දයක් ලංවුණා ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙනවා .අරක්කු බාගෙට ,බත් පැකට් එකට ප්‍රාඩෝ එකේ චන්දපලට ප්‍රවාහනය කිරීම වැනි දේවල් වලට චන්දේ දෙන බයියෝ විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා
විකල්ප බලවේග කියන්නේ ඇමැතිතුමා හැමතැනම වැහි වැහැලා. දැන් බලන්න ඔබතුමා වෙනුවට ජොනී විකල්ප බලවේගයක් විදිහට පෙරට ආපු හැටි...
ජොනී පෙරට, ඔබ ගෙදරට... ඔබත් හෙමිහිට ඔය කියන විකල්ප බලවේගයක නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න..