IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘මේ ශාපය උදා වුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසයි‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ විවාදයේදීය.

අද ජනතාව බෙහෙත් නැතිව මැරෙන තත්වයක් උදාවී ඇති බව පැවසූ අමරවීර මහතා මේ  මොන  ශාපයක් දැයි විමසුවේය.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් අද මෙරටට ඩොලර් එවන්නේ නැති බවත්  එවන ඩොලර්වලිනුත් සොරකම් කරාවි යන විශ්වාසය  නිසා ඔවුන් එසේ කටයුතු කරන බවත්  මන්ත්‍රීවරයා කීවේය.

මිනිස්සුන්ට ඉන්ධන ගේන්න තියන මුදල්වලින් පාරවල් කාපට් කළ බවත්  මේ සියලු ප්‍රශ්නවලට  මෙතන සියලු දෙනා වගකිවයුතු බවත්  මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපතිවරයා පැමිණෙන විට තාප්ප වල චිත්‍ර ඇඳපු තරුණ තරුණියන් අද සිටින්නේ පාරවල්වල යැයි  පැවසූ අමරවීර මහතා  වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය වසර 50කින්වත්  වෙනස් කළ හැකි වේ යැයි  සිතිය නොහැකි බවත් සඳහන් කළේය.

රටේ මවුවරුන්ට අද  පෝෂණය අහිමි වී ඇති බවත්  මන්ද පෝෂණය වැඩි වී ඇති බවත් හෙතෙම කීවේය.

දරුවන්ට කන්න බොන්න නැති කිරිපිටි නැති තත්වයක් උදාවී ඇතැයිද  මන්ත්‍රීවරයා පැවසීය මේ අවස්ථාවේදී කිසිවකුත් බොර දියේ මාළු බෑමට කටයුතු නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය.



 

 



අදහස් (6)

‘මේ ශාපය උදා වුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසයි‘

අගුපිලගේ Friday, 06 May 2022 02:45 PM

ඉතින් කියව කියවා නොසිට (අපි ඊයේ කළ දේ දැක්කා) එක්කො අයින්වෙලා යන්නකෝ.. බැරි නම් දැනට ඉදිරිපත් කරලා තියෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවලා ජනාධිපති අයින් කරන්නකෝ... එහෙම කරලා තවත් අවුරුදු ගණනක් දුරට යාමට තියෙන අර්බුදය කෙටි කිරීමට සූදානම් වෙන්නකෝ...!

:       4       15

pri Friday, 06 May 2022 02:46 PM

මේ අය තමයි GSMB එකට ලියුම් එව්වේ. ලයිසන් දෙන්න කියලා හෙංචයියලාට...

:       1       10

Nihal Friday, 06 May 2022 02:52 PM

ඔය කියන්නේ බොර දියේ මාලු අල්ලන එක හොඳයි... නොඅල්ලන එකට වැඩිය..

:       0       5

sharm warn Friday, 06 May 2022 02:54 PM

ඒවට ඔහෙත් 100%ක් වගකියන්න ඕනෑ. මොකද 20ට අත් ඉස්සුවේ අපි නෙවෙයි. සියඹලාපිටියට ඡන්දෙ දුන්නෙත් අපි නෙවෙයි. ඒ නිසා ඔහෙත් ඒ පව් කරගහන කෙනෙක් තමයි.

:       0       7

Hafeel Friday, 06 May 2022 03:16 PM

ගොවීන්ගේ ශාපය පමණක් නොවේ. බලය ගන්න සහ තමන්ගේ දුෂණ, වංචා, හොරකම වහන්න වෛද්‍ය ශාෆි සිංහල මව්වරුන්ව වඳ කළා කියලත්, වඳ කොත්තු, වඳ බෙහෙත්,... ඕවා කියලා ජාතීන් අතර බේදය ඇතිකළා. තමන්ට ඡන්දෙ දීපු 69 ලක්ෂය සතුටු කරන්න කිසිම පදනමක් නැතිව මුස්ලිම් කෝවිඩ් මළසිරුරු පිච්චුවා. දැන් වෙලා තියන්නේ සාමාන්‍ය මළ සිරුරු පුච්චන්නවත් ගෑස් නැති තත්වයක් උදා වෙලා. මම කිසිසේත්ම ජාතිවාදියක් නොවේ. දැන්වත් ජනතාව අවදිවිය යුතුයි.

:       5       7

Bamunuarachchi Friday, 06 May 2022 06:28 PM

ඔන්න කටුස්සා පාට මාරු කෙරුවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site