(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගිනිගෙන විනාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සූම් රැස්වීමට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමන්ගෙ නිවාසවලට අරගලකරුවන් පහරදී ගිනි තැබීම නිසා පරිගණක සම්පූර්ණයෙන්ම විනාශවූ බවද ඔවුන් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත්, ඔවුන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්නේ..?
නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් ටිකක් ඕනෑලු. සූම් ෆෝන් එකෙන් එන්න පුළුවන්. නිකන් කිව්වේ.. නැත්නම් ළඟම නැණසළ වෙත එන්න.
සූම් කරන්න මහ පරිගණතයක්ම අවශ්‍ය නෑ... ජංගම දුරකථනයෙනුත් පුළුවන්.. ඔවුන් හදන්නේ බොරු කියමින්, කල් මරමින් ප්‍රශ්නෙන් මග අරින්න.
ඇයි ෆෝන් එකෙන් කරන්න පුළුවන්නේ?
පොඩි එවුන් ඔන්ලයින් පංති කරන්නේත් මොබයිල් එකේ සූම් වලින්. කාවද ගොනාට අන්දන්නේ...? කවුරුවත් රටට ආදරය අය නෙමේ... ආදරයක් තියෙන අය මොන විදිහකින් හරි රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා.
කාටද මේ බොරු කරන්නේ..? දැන් ඉන්න පොඩි ළමයිවත් මේවා කියලා රවට්ටන්න බෑ..
කල් මරලා කොහොම හරි අවුරුදු 5 ම හිටියොත් පෙන්ෂන් එක අරගන්න තමයි දඟලන්නේ...
ජංගම දුරකථනත් ගිනි අරන්ද?
දැන් මුකුත් කියන්න බැහැ. තව කාලයක් කල්ලියක් ඔවුන්ට නිදහසට කරුණු හදා දුන්නා. වැඩේ ඇදෙන තරමට ඔවුන් කැමැතියි...
ජංගම දුරකථන හරහා සූම් රැස්වීම් තියන්න බැරි ඇයි?
මේ අය කතාකරන්නේ ඔරැකල්, ස්මාර්ට්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ලොකු දේවල්.. ස්මාර්ට් වොච් එකෙන් හරි ඔන්ලයින් එන්න. මේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ මිසක් බංකර්වල නෙමෙයි.
පහුගිය කාලේ ඉස්කෝලෙ ළමයි ඔන්ලයින් ඉගෙන ගත්තේ පරිගණකවලින් නෙමෙයි. අම්මලා, තාත්තලා ණයවෙලා අරන් දුන්නු ස්මාර්ට් ජංගම දුරකථන වලින්. ඉස්කෝලේ යන පොඩි එකාගෙන් අහන්න ෆෝන් එකෙන් සූම් එකට ලොග්වෙන හැටි කියලා දෙයි.
ඇති ඔයින් ගියා. ආණ්ඩුව බේරාගන්න අවසන් සටනට පැමිණි සමහරු මහපාරේ වැනිවැනි ගියේ උපන් ඇඳුම පිටින්. සමහරු බේරේ. තවත් සමහරු බේරේ. දැක්කේ නැද්ද?
බබාලා පව්... අහිංසක මිනිස්සු..!
මෝඩයින් පාර්ලිමේන්තුවට යවලා දැන් මොකද වෙලා තියෙන්නේ?
මහජනතාව ඔය හැම කෙනාටම ලැප්ටොප් අරන්දෙයි. හදීසි අවශ්‍යතාවයක් නිසා ඉක්මණට නම් ටික දෙන්න කල්දාන්න එපා...!