
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන තිබූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
සහයෝගය ගැන රටට හොඳ පණිවිඩයක් ලබාදීම සඳහා එම තීරණය ගෙන තිබූ බව කී අමාත්‍යවරයා නමුත් විපක්ෂය දෙපැත්තකට බෙදී සිටින අවස්ථාවක එක පැත්තක් ගැනීමට ආණ්ඩුවට සිදු වූ බව ද සඳහන් කළේය.
බෙදී ඉන්නේ ආණ්ඩුව නොව විපක්ෂය බවත් විපක්ෂය තනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් ආණ්ඩු පක්ෂය ඔහුට ඡන්දය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා කීය.
විපක්ෂයේ බෙදීම හමුවේ රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්දය ලබාදීමට ආණ්ඩු පක්ෂයට සිදු වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අනේ බයිලා කියන්න එපා ප්‍රමිත. මාතලේ අපිටත් ලැජ්ජයි ඔය කරන පාවාදීම් වලට. ඇයි එහෙනම් ඉමිතියාස්ට ඡන්දෙ දුන්නේ නැත්තේ..? වැඩේ කෙළ වෙලා ඉවර වෙලා විකාර කියවනවා. අපි අහුවෙන්නේ නැහැ ඔයාලගේ වැල් බයිලාවලට... ඒක මතක තියා ගන්න.
තමුන් හිතන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩය බැඳපු චීන්නු කියලද? සියඹලා කියන්නේ පොහොට්ටුව යටතේ මැතිවරණය දිනලා ජනතාව නොමග යවන්න විපක්ෂයට ගියා කියලා සියඹලා විපක්ෂයේ නොවෙයි. විපක්ෂයට ඡන්දය දෙන්න හිටියා නම් සියඹලාට ඉල්ලා අස්වෙලා උගත්, බුද්ධිමත් අනෙක් අපේක්ෂකයාට නිතරගයෙන් පත්වෙන්න ඉඩ දෙන්න හැකියාව තිබුණා.. බොරු එපා ගොයියෝ...
විපක්ෂයට නියෝජ්‍ය කතානායකකම වත් දිනාගන්න බැරි නම් කොහෙද හලෝ 113 පෙන්නලා ආණ්ඩුව බාරගන්නේ? විකාර කියවනවා.