
(රෝෂන් තුෂාර)
යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (17) නඩු පැවරුවා ය.
සංගමයේ ලේකම්,තේරීම් බාර නිලධාරීන්,සභාපති ධූර අපේක්ෂකයින් ඇතුළු නිලධාරීන් දොළොස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පැවරීය.
නීතිඥ සංගමයේ නිලවරණය අනිද්දා පැවැත්වීමට නියමිතය.
පැමිණිලිකාරියේ සිය පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ සභාපති ධූරයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉවත් වී ඇති බැවින්,යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ඡන්දය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාජය ඉවසාගත නොහැකි අයගේ අසාර්ථක උත්සාහයක්...
ඉතා හොඳ මනාව හිතවාදි සංගමය තිබුණු මේ දැන් මාෆියා එකක් වෙලා... දේශපාලුවන් රකින සංගමය කියලා නම වෙනස් කරගන්න