IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘දහ දාහට පොහොර නොදුන්නොත් රටින් ගේන හාල් 400ට විකුණන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

රුපියල් දස දහසටවත් පොහොර නොදුන්නොත්  හාල් රටින් ගෙනැවිත් රුපියල් තුන් හාරසියයකට විකුණන්නට සිදුවනු ඇතැයි කෘෂිකාර්මික, පොහොර සහ වැවිලි අංශයේ පවතින ගැටළු පිළිබඳ සෙවීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවවෙි සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා කමිටු රැස්වීමේදී පැවසීය.

ඉන්දියා ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ලබාදීමට එකඟ වී තිබෙන අතර මෙම යූරියා ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 40,00ක් වී වගාව සඳහා ද මෙට්‍රික් ටොන් 20,000ක් අනෙකුත් භෝග වගාවන් සඳහා ද ලබාදිමට අපේක්ෂිත බව ද කමිටු සභාපතිවරයා  කීය.

අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම  සාකච්ඡාව පැවැත්විණි.

වර්තමානයේ මෙරට පවතින විදේශ විනිමය ගැටලුව හේතුවෙන් වී, එළවලු, ලොකු ළූණු සහ අනෙකුත් බෝග බීජ අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය විය. 

බීජ හිඟ වීම කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ  තීරණාත්මක ගැටලුවක් බවත් එම ගැටලුව විසඳීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීහු මෙහිදී පැවසූහ. 



අදහස් (7)

‘දහ දාහට පොහොර නොදුන්නොත් රටින් ගේන හාල් 400ට විකුණන්න වෙයි

Kamal Koyrala Monday, 23 May 2022 12:56 PM

දැන් වොයිස් කට් අවශ්‍ය නැහැ... මහ මැතිවරණයේදී ගෙනාපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් කරගන්න. විධායක අගමැතිගේ කමිටුවේ බලය තියෙනවනේ..

:       1       14

ABMonday, 23 May 2022 03:00 PM

වී වගාවේ අස්වනු නෙලීම ඇරඹීම අගෝස්තු මාසයේ නිසා රුපියල් දසදහසට පොහොර අද සිට ගොවියාට ලබා දුන්නද? අගෝස්තු මාසයේදී දේශීය සහල් රටට නිකුත් කරනතුරු සහ කාලගුණ හේතූන් මත රටපුරාම එකවර වී වගාව සිදුවන්නේද නැත. එම නිසා විදේශයකින් සහල් ගෙන්වීම මේ ආකාරයටම කළයුතුවේ. මේ වනවිට පිටරටින් ගෙන්වන සහල් සඳහා ඇණවුම් කරන මිල ඉදිරියටත් පවත්වාගෙන යාමට ගෙන්වන සමාගම් සමග එකඟතාවයකට පැමිණිය යුතුවේ. කෘෂිකාර්මික, පොහොර සහ වැවිලි අංශයේ පවතින ගැටළු පිළිබඳ "වැනෙන" පිළිතුරු වෙනුවට පැහැදිලි පිළිතුරක් ගොවියාට සහ ජනතාවට ලබාදිය යුතුවේ. එම පිළිතුරු ජනතාවට ලබාදීමට පෙර සියලු විශ්ලේෂණ පසු ලබා ගන්නා වූ දත්ත මත, රටට පිළිතුරක් ලබාදීම වැදගත් වේ. මෙය පියවරෙන් පියවර දත්ත මත පදනම් ව කරන්නා වූ ක්‍රියාවලියක් නිසා දේශපාලන තීන්දුමත පොහොර හෝ අස්වනු පිළිබඳව ජනතාවට අනවශ්‍ය බලාපොරුත්තු හෝ පොරොන්දු ලබා නොදිය යුතුවේ. අර්බුදයට මැදිව සිටින ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම කළයුතුවේ..

:       0       6

කිරි පුතා Monday, 23 May 2022 01:05 PM

අවශ්‍ය බීජ රටතුළම හදා ගැනීමට සුපුරුදු කොමිස් කාක්කන්ට සිත් පහළවේවා. කොමිස් කාක්කන් කීවේ රජයේ සේවකයින්ද ඇතුළුවයි.

:       0       14

Hafeel Monday, 23 May 2022 01:07 PM

එහෙමනම් රාජපක්ෂ ආණ්ඩුවටත්, රනිල් ආණ්ඩුවටත් වෙනසක් නැහැනේ. වර්තමානයේ විදේශ විනිමය ගැටලුව මෙතැනට අදාල නැහැ. ඇයි අගමැති රනිල් ආවේත් මේ ප්‍රශ්නය විසඳන්න. දැන් හේතු කියලා හරියන්නේ නැහැ...

:       14       14

වාසුදේව Monday, 23 May 2022 02:52 PM

රනිල් පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ... මිනිස්සු ඊළඟ පාර රනිල්ව බේරේ වැවට දාන දවස ළඟ එනවා. ණය ගන්නත් බෑ. ණය ගෙවන්නත් බෑ. යයි අඬඅඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ? ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත්වෙන්න ඉඩහැර ගෙදර යන්න ගුටි නොකා...

:       6       11

de silva Monday, 23 May 2022 07:21 PM

කරුණාකර වහාම ගොවිජන සේවා කාර්යාලවල කල්මරමින් සිටින නිලධාරියන් යොදවා ගොවිබිම්වල පස් සාම්පල ලබාගෙන, ඒවට අවශ්‍ය සංඝටක අවශ්‍ය ප්‍රමාණයට පොහොර මිශ්‍රකර පසට ලබාදෙන වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්න.. එහෙම කළොත් නිකරුණේ නාස්තිවන පොහොර විශාල ප්‍රමාණයක් ඉතුරුවන අතර අසුවැන්නද වැඩිකරගත හැක. පසත් සාරවත් වේ...

:       2       4

Dhammika Tuesday, 24 May 2022 09:41 PM

මේ වනවිට ගොවීන් ඉතා අසීරු තත්ත්වයක සිටින්නේ... ඔවුන්ට රුපියල් 10000.00ට පොහොර ගැනීමේ හැකියාවක් කොහෙන් නැත. කරුණු හරිහැටි නොසොයා කරන මෙවන් යෝජනා හාස්‍යජනක වේ. අද අක්කරයක් සීසෑමට රුපියල් 25000.00 පමණද, බිත්තර වී බුසල් 1ක් රුපියල් 3600.00ක් පමණද වේ. වල් නාශක, කෘමීනාශක ඉතා මිලඅධිකයි. තවත් ඵලකට නැති යෝජනා ගෙනැවිත් කෘෂිකර්මය විනාශ නොකර ඵලදායී වැඩක යෙදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30588 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12585 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site