(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා මේ අවස්ථාවේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥවරයා කැනඩා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
කැනඩාවේ අධ්‍යාපනය සඳහා පැමිණි 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා පසුගිය මාර්තු මස මුලදී එම සිදුවීමට සැකපිට ඔටාවා පොලිසිය අත් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් කැනඩා පොලිසිය විසින් ගොනු කරනු ලැබුවේය.
ෆෙබ්‍රියෝ ද සොයිස ලබන සතියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුට එරෙහි විභාග වන නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රටවල රිමාන්ඩ් එකත් ලංකාවේ සාමාන්‍ය හෝටලයක් වගේ සුපිරියි. මෙයාට ඉතින් අවුලක් නෑ රිමාන්ඩ් එකේ වුණා කියලා...
දරුවන්ව කොහොම හරි රට යවන්න දඟලන දෙමාපියන්ට හොඳම පණිවිඩයක් මේ සිද්ධිය.. අඩුම තරමින් මූලික උපාධියවත් නොමැතිව විදේශගත වීමට ඉඩ නොදිය යුතුයි...