IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ෆොන්සේකා සජබෙ කේන්දරය බලයි

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය ඉදිරියේදී තවත් දරුණු ලෙස කඩා වැටීමට ලක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

තමා සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ නායකයාගේ තිබෙන දුර්වලතා නිසා බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සරත් පොන්සේකා මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"සමගි ජන බලවේගය කඩා වැටිලා තියෙන්නේ.ඉදිරියට අනිවාර්යයෙන් තවත් කඩා වැටෙනවා.මම සජබෙන් ඉවත් වුනෙත් නායකයාගේ තිබෙන දුර්වලකම් නිසයි.මා පමණක් නොව පක්ෂයේ සිටි ප්‍රබලයන් රැසක් පක්ෂය හැරයාමට පටන් ගත්තා.මගෙන් පසුව පක්ෂ සභාපති ධුරය  බාර ගත් ඉමිතියාස් බාකීර් මාකර් ද ගියා.ඒ පක්ෂය ප්‍රතිසංවිධානයට ලක් නොවුනොත් ඒ නායකයා සමඟ ඉදිරි ගමනක් නෑ.ඒ නායකයා සමග ඉතිරි වී සිටින ටික දෙනාටත් ඉදිරියේදී සාර්ථක දේශපාලනයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

ඒ වගේම එතුමාට මේ රටේ නායකත්වය බාර ගන්න ශක්තියක් තිබෙනවා කියා මා විශ්වාස කරන්නේ නෑ " යනුවෙන්ද ෆොන්සේකා මහතා කීය.



අදහස් (7)

ෆොන්සේකා සජබෙ කේන්දරය බලයි

kamal Tuesday, 25 March 2025 03:37 PM

යන අයට තනියෙන් තමයි ඉන්ට වෙන්නේ. මොකද ඉස්සර වගේ දැන් කාටවත් ආණ්ඩුවට පනින්ට බැහැ.

:       4       35

ඉන්දික Tuesday, 25 March 2025 04:11 PM

ෆොන්සේකා හැමදාම චන්දයක් එනකොට සජබට මඩ ගහනවා. ඒක රනිල්ගේ කොන්ත්‍රාත් එකක් වෙන්න ඕන. ෆොන්සේකා එක පක්‍ෂයක හිටියනම් අදත් පාර්ලිමේන්තුවේ ඉන්න චරිතයක්. එත් කට නිසා වැනසෙනවා

:       1       4

යෝගා Tuesday, 25 March 2025 04:49 PM

සජිත්ට මේ පච මෝල් ආණ්ඩුව එක්ක මොකක් හරි ඩීල් එකක් තියෙනවද කියලා සැකයි. එච්චරටම හීලෑවෙලා ඉන්නේ. සජබෙ දක්ෂ තරුණ මන්ත්‍රීලා ඉන්නවා. ඒ අය පව්...!

:       14       13

ගමේ එකාලා Tuesday, 25 March 2025 05:03 PM

විපක්ෂ නායකයා කියන කියුම්, කෙරුම් වලින් අපි නම් වෙන දේ දැනගෙන හුඟාක් කල්. අපිට නම් එයාට වගේ ජපන් භාෂාව දන්නෙත් නැහැනේ?

:       4       21

කෝරළගේ Tuesday, 25 March 2025 05:19 PM

මේ ෆොන්සේකා මහත්තයා හැමදාම අනුන්ව විවේචනය කර කර බනිනවා. නමුත් මෙයාටත් යන එන මන් නැහැ. මොකද ගිය තැනක ඉන්න බැහැ. කට හොඳ නැහැ. කට ප්‍රවේසම් කරගෙන හිටියා නම් මෙතුමා අද හොඳ තැනක ඉන්න තිබුණා. අපරාදේ !!!

:       4       21

Priyantha Dissanayake Tuesday, 25 March 2025 05:20 PM

අනේ කරුණාකර ඔබතුමාගේ ඉතිරිවෙලා තියෙනවා නම් අභිමානයක්, ගෞරවයක් එයවත් ආරක්ෂා කරගෙන පාඩුවේ ඉන්න. ඔබතුමා දක්ෂයි යුද්දෙට, අපි ඒ ගෞරවය දෙනවා නොඅඩුව. නමුත් දේශපාලනයේදී නම් බිංදුවයි..., කථාකළොත් ඉවරෙටම ඉවරයි. ඔබතුමාටත් ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. සමඟියේ ඉහළම තනතුර දුන්නා එයාලා, එය බාරගෙන ඉවසලා ඉන්නේ නැතිව වෙලාවට කලින් නායකයා වෙන්න ගියා. ඉතිං ලොකු කම් පෙන්වලා අයින්වෙලා ගිහිල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණා. වේදිකාවල් ඉතිරී පැතිරී ගියා, ඡන්දේ කොහොමද..? ගාන මතකයිද..? සජිත් මහත්තයා දඟලන දැඟලිල්ල ඔබතුමාට පේන්නේ නැහැ. නමුත් නෑ බෑ කියකියා, නිදහසට කරුණු කියමින් ඉන්න නායකයෙක් නොවෙයි. ඔබතුමාටත් නායකයා වුණා නම් තේරේවි නායකයාට කොච්චර වගකීමක් තිබෙනවාද කියා...

:       7       22

Malith Wednesday, 26 March 2025 09:33 AM

අයියො සජිත් ගැන කතාකරන්න පෙර ඔයා එන්න එන්නම වැටෙන අගාදෙන් එලියට එන්න ! ඔබතුමා දැන් නියම රුකඩයක් නේ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site