
(සුජිත් හේවාජුලිගේ)
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බවයි.
මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇත.
ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයේ හෝටල් බව පැවසේ.
එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල් රෙදි?
බත් පතකට, තේ කෝප්පපෙකට, ටකරමකට නැත්නම් මාලිමාවේ හැමතැනම තියෙන ප්‍රචාරක දැන්වීම් වලට ඡන්දෙ දෙන ජනතාවටයි දඬුවම් දෙන්න ඕනෑ.
එහෙම නම් තමුන්ලාම ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න මුදලක් නියම කරන්නේ ආච්චිට හාල් ගරන්නද? රම්බොඩ කියන ආකාරයට මාලුමාමට ඕවා වලංගු නැද්ද?
ඊයේ ධාරානිපාත වැස්සේ මිනිස්සු, ගැහැණු කුඩ වැහි කබා දමාගෙන ජනපතිගේ කතාව අහන විදිය දැකීම පුදුම හිතුණා. වෙනදා පොදක් එනකොට මාරුවෙන මිනිස්සු අපේ ජනපතිගෙ කතාව නිසොල්මන්ව අහන හැටි දැකීම පුදුමයට කරුණක්. මේ මෙවැනි දෙයක් දුටු පළමු වතාවයි. අපේ ජනපතිගේ ජීවිතය ආරක්ෂා වේවා...!