
(දයාරත්න ඇඹොගම)
රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙද ගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරැ මැද පළාත් සභාව මගින් රැපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් මෙම වසරේ නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.
මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.
හොරිවිල වෙද මැදුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.
මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා ගෙන් දුරකථනයෙන් සිදුකළ විමසුමේදි ආණ්ඩුකාරවරයා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.