
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන්ට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීමේ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් නිදහස් කරමින් දුන් නියෝගය බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය දැනුම් දීම සඳහා නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ හා මොහොමඩ් ඉර්සර්දීන් යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ කැඳවීය.
අධිකරණය මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබු සිතාසි වලට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හේමසිරි - පූජිතට එරෙහි නඩුව යළි කැඳවයි
රම්බොඩ Thursday, 23 January 2025 09:37 AM
අනේ මන්දා. මේවත් හරියට ඉඩම් නඩු වගේ. කාලෙයි මුදලුයි නාස්ති වෙනවා ඇරෙන්න වෙන මොකක්වත් වෙනව කියලනම් පේන්න නෑ.