එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය ,පිවිතුරු හෙටක් සඳහා වන සංවිධානය ඇතුළු විපක්ෂ සංවිධාන රැසක් අද (12) කොළඹ මුත්තයියා පිටියේදී රැස්වී ඒකාධිපති වාදයට එරෙහිව හඬ නැඟීය. විධායක ජනාධිපති ක්‍රමයට හා රාජපක්ෂ පාලනයට එරෙහිව නැඟී සිටින බවද ඒ කථිකයෝ කීහ.
තවමත් රජයේ හවුල්කාර පක්ෂයක් වන හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හා අතුරලියේ රතන පිවිතුරු හෙටක් සංවිධානයේ මාදුළුවාවේ සෝභිත හිමිවරුද එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ කේ ඩී ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග ,පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක,හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.
රතන හිමියන් හා ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ජනපති පරාජය කිරීමට සැමදෙනාම එකතු විය යුතු බවයි.
රතන හිමියන් කියා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුදැයි තීන්දු කිරීමේ බලවේගයේ උපත වශයෙන් මෙම රැළිය හැඳින්විය හැකි බවයි.
ජයමාල් චන්ද්‍රසිරි
ගයාන් අමරසේකර



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සමහර මිනිසුන්ට මේක ප්‍රජාතාන්ත්‍රික රටක් කියලා අමතක වෙලා. කවුරුහරි විරුද්ධ මතයක් දැරුවොත් රැස්වීමක් තිබ්බොත් සාකච්ඡාවක් කළොත් 'ඔන්න අසවලාට විරුද්ධයි' කියනවා. මේක පුදුම රටක් (නි)
අද අපේ රටේ තිබෙන්නේ විධායක ජනාධිපති ප්රශ්නය යයි.(හේ)
ඔය කවුරු මොනවා කිවුවත් එයාලා බලන්නේ අවසාන මොහොතේ හරි මහින්ද රාජපක්ෂ මහතා වෙනස්වෙයිද කියලා වෙන්න පුලුවන්. ඒත් ඉතින් මහින්ද රාජපක්ෂ කියන්නේ බයකරලා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. (නි)
කවුරු කවුරුත් කොහොම කොහොම හරි චන්ඳ්‍රිකා නෝනට කෑම සහ නෑම පවරලා ජන්මේ බේරගන්න තමයි වගේ බලාපොරොත්තුව.රනිල් මහත්තයාගේ මොලේ තමයි මොලේ.තව දුරටත් අඛන්ඩ විපක්ෂ නායක සහ පක්ෂ නායක.(අ)
ඡන්දය දෙන තැන ගැන විතරද හැමෝම හිතන්න ඕනෑ. වෙනත් දේශපාලන මතයක් ප්‍රතිපත්තියක් තිබීම කැරලි ගැහිල්ලක්ද? (නි)
හමුදුරුවනේ ...එදා දේශද්‍රෝහී කියපු විපක්ෂය අද හොද වුණේ කොහොමද කියල අපිට කියල දෙන්න..(අ)
මම මෙතෙක් සිතාගෙන හිටියේ රතන හාමුදුරුවෝ උගත්, බුද්ධිමත් හිමිනමක් කියලා විතරයි. දැන් තමයි දැනගත්තේ උන්වහන්සේට එඩිතරකමත් තිබෙනවා කියලා. අපේ රට මුදාගන්න අපේ හාමුදුරුවනේ!!! (නි)
ජාතිවාදී ගින්නේ ගිනිපුපුරු තවමත් තිබියදී පිදුරු දමා යළි අවුළන්නටද හදන්නේ? (නි)
ඔබ වහන්සේලා ඇතුළු සියලු දෙනාට ජය! (අ)
19 වෙනිදා වෙනකොට තව අය ඔය වේදිකාවේ දකින්න පුළුවන් වේවි.අනේ හොදයි රටට හොදක් වෙනවනම්.(හේ)
රට ගිනිගත් ජාතිවාදී ගින්නේ ගිනිපුරු තවමත් නිවී නැති අවදියේ එයට පිල්වාදී පිදුරු දමන්ඩද හදන්නේ? (නදී)
පෝල් මහත්තයා පේන කියන්න හපනෙක් වගෙයි. බලාගෙන මහත්තයෝ ඔබතුමා අච්චාරු කන හැටියට දිව හැපෙයි. අර බන්දුල පෙරේරා නම් දැනටමත් කන පතට සුවඳ විලවුන් ඉහගෙනලු කන්නේ. කට්ටිය එකතු වෙලා නාවන නිසා එතුමාට කවදාවත් නාන්න ඕන නම් නැහැ. (නදී)
මොන දේ කළත් තීන්දුව ජනතාවගේ අතේ.(හේ)
තණකොළ පෙත්තෝ විවිධ පාටින් වේදිකාවේ. (නදී)
රටබේරාගත්,රට සංවර්ධනය කළ මහින්ද ජනදිපති වැජබේවා!. (අ)
අනේ අපි නොන්දන්න ජාතික බලවේගේ ..දිනපු ගමන් එක එක කතා කියල අයින් වෙනවා..ඊට පස්සේ ආණ්ඩුවෙන් පැනපු අයත් එක වැඩේ කරන යන්නේ..එදා මෙදා තුර වුනේ ඕක තමා...එයාල බබාල නෙමේ..තමන්ගේ කෝන්තර පිරිමහගන්න ජනතාව මුළා කරනවා..(අ)
යහපත් රටක් හදන්න අපි හැමෝම සහාය දෙමු.(හේ)
මේකට අඩු ටී එන් ඒ විතරයි.(හේ)
කොහොමත් රනිල් මහත්තයා තමයි පොදු අපේක්ෂකයා.(හේ)
අනුරාධ මහත්තයටත් බෝල සබන් කැල්ලක් දෙන්නද නදිනිත් එක්කම නාගන්න..අනේ අපි නොදන්නා ලයිව්.මහින්ද මහත්තය පරදින බව දන්නවනම් පැහැදිලිනම් කාටවත් ඔය විධායකය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ..ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙන්නේ නැති බව හොදින්ම දන්නා එක..ඉතින් ගහන්න පුළුවන් ඒකම තුරුම්පුව ඉස්සරහට දාල ගහනවා..අපි ඔය කවුරු ගැනත් දන්නවා මහත්තයෝ..යහ පාලනය, පිවිතුරු හෙටක් අපිට මොකටද? අපිට යහපාලනය තියෙනවා..පිවිතුරු අදක් තියෙනවා..හෙට කොහොමත් පිවිතුරු වේවි.එ්කට ඔච්චර දගලන්න ඕන නැහැ.(අ)
පිවිතුරු හෙටක් සඳහා ඔබ සැමට ජය වේවා! (නි)
පිවිතුරු හෙටක් සඳහා තෝරාගන්නා පිවිතුරු නායකයා කවුද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ. (නි)
කවුරුහරි බලයට ඇවිල්ලා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. එදා බලයට පැමිණෙද්දී එහෙම පොරොන්දු වුණ දේ කරන්න බැරිවෙන්න දැන් බැහැනේ. (නි)
ඉතින් ටිකිරි බන්ඩෝ..පන්සල පැත්තේ ගියානම් ඔය ඉතුරුවෙන අහක දාන දෙයක් ළමයින්ට තුන් වේලටම ඉල්ලලා දෙන්න තිබුනනේ. අනේ ටිකිරි බන්ඩෝ..ඔයානම් නියමයි සිංහල චිත්‍රපටියක අර රන්ජන් ගොයියත් එක්ක සහාය නළුවට දාන්න..ගෙදර ගෑනු මනුස්සය දන්නවනම් මෙයා මෙහෙම බොරුවට හිගනවා කියල කන පලනවා ස්ථිරවම ළමයින්ව විකුණන් කනවට....(අ)
නොදන්නා යකාට වඩා දන්න යකා හොදයි. (අ)
බන්දුල පෙරේරා අර පරණ කියමනක් තියනවනේ රත්වන තෙක් දිය සැලියේ , සැපයක් යයි කකුළුවා දිය කෙලියේ කියලා මට මතක් වුණේ එ්ක විතරයි. (අ)
රතන හිමිට දැන් ඉතින් පැන්ෂන් එක ලැබෙන්වා නේ . (අ)
අදිරි කොහොමද දැනගත්තේ මහින්ද මහත්තය දෙවැනි පෝසතා බව..අපිනම් දන්නේ පලවෙනි පුරවැසිය හැටියට මිසක් ඔය ඔබ තුමා කියන නාමයෙන් නෙමෙයි.කට තිබුණු පලියට අැහිදගත්තු වචන කියන්න එපා මනුස්සයෝ..ඕව ගෙදර ඉන්න අඹු දරුවන්ට ඉදන් හොඳ නැහැ.පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන්නකො..විපක්ෂයක් ඉන්නේ පොල්ගාන්න නෙමෙයිනේ..ඔය මංගල තියරිවල කාලේ දැන් ගිහින්. පච කෙලින්නේ නැතුව ඔයත් බෝල සබන් ගාල නා ගෙන යන්න රතන හාමදුරුවන්ගේ පිවිතුරු හෙට බලන්න.(අ)
ජනාධිපතිවරණයේදී හිතන්නේ නැති දෙයක් වෙන්නේ.(හේ)
අනේ අපේ හාමුදුරුවනේ, බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න. මේ වෙලාවේ බොහොම ගැඹුරින් සිතාබලන්න වෙනවා (නි)
මේ ළඟදි එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනව තමන්ව ලක්ෂ 500 කට බිලි බා ගන්න හැදුවා කියල. මේවා ඇත්ත නම් ඡන්ද දායකයෝ වෙච්ච අපිට තමා දෙයියන්ගේ හාල් කන්න වෙන්නේ. (දිල්)
අවංකව හොර නොකා ඉතා හොදින් ජනතාවට සේවයකරන්න . එතකොට එම පිනෙනේ ලබන ආත්මේ ගොඩක් හොදවෙනවා නියම බෞද්ධයා එක හොදට දන්නවා. එහෙම කරලා තියනවනම් කවුරුත් බොරුවට බය වෙන්න ඕනේ නෑ.අපි කවුරුත් වසර දහස් ගණන් ඉන්නේ නෑනේ. බොහොම ඉක්මනට මැරෙනවා. එතෙක් හොදින් ජීවත් වෙන්න.(දිල්)
අපේ රට බේරා ගන්න නම් මෙහෙම එකතු වෙන්න ඕනේ,මෙහෙම හරි කමක් නැහැ අපේ රට තියෙන ටික හරි බේරා ගන්නව නම් සුභ පැතුම් (දිල්)
ලංකාවේ ඉන්න අයට මොනදේ කිවුවත් තේරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න බැරි එක ගැන පුදුමවෙන්න දෙයකුත් නැහැ. (නි)
රනිල් මහත්තයාගේ මුහුණ හරිම පින් පාටයි. දැන් ඉතින් දිනන්න අවස්ථාවක් ඇවිල්ලනේ. හැබැයි පොදු අපේක්ෂකයා දිනලා විධායක ක්‍රමය අහෝසි කළාට පස්සේ ජනතාව ඡන්දේ දීලා කාව අගමැති පුටුවට තෝරාගනීද නම් දන්නෙ නැහැ හොඳේ! (නි)
ඇයි බන්දුල ඔච්චර කඩේ යන්නේ? (නි)
බාලසුරිය කොළොන්නාවට ජයවේවා! (නි)
විධායක ජනාධිපතිකම කෙසේවෙතත් , සමහරු නම් අහෝසිවෙන විදියක් තමා අපිට පෙනෙන්නේ (නි)
විරුද්ධවාදීන් ඕනෑම දේශපාලකයෙකුට ඇතිවිය හැකියි. නැත්තේ කාටද? කිසිම විරෝධයක් නැතුව රාජ්‍ය පාලනයක් ගෙනගිය කෙනෙක් ඉන්නවද? (නි)
ඔය ඔක්කොම දාගත්තොත් නම් අපිට හොඳ ටෙලි නාට්‍යයක් නෙමෙයි වලි නාට්‍යයක් තමයි බලන්න වෙන්නේ (නි)
මෙය කාලීන අවශ්‍යතාවයක්. ඔබට ජය! (නි)
කවුද කියන්නේ සිංහලයින්ට අතීතය මතක තියෙන්නේ දවස් හතයි කියලා? එහෙම හිතාගෙන ඉන්න ගොයියෝ තමයි රාජ්‍ය නොවන සංවිධානවලින් වපුරන සල්ලිවලින් අට්ටාල ගහගෙන මිනිස්සුන්ගේ ඔලු විකාර කරවන්නේ. අපේ රටේ මිස්සුන්ට හොඳ දේවල් අමතක කරන්න බැහැ. ඒ වගේම කරපු නරකත් අමතක කරන්නේ නැහැ. මිනිසුන්ට එපා වෙනකොට අතහරිනවා. ඒක නිසා මම රතන හාමුදුරුවන්ට පමණක් කියනවා, ඔය කුණු තැවරුණු සරීර සමග එකතුවෙන්නට එපා. මහජනයාට එපා වෙන වැඩ කරන්නට එපා. තවමත් ජනතාව ජනාධිපතිතුමා සමගයි. (අ)
මේ කියන ඒවා කෙරෙනවා කියලා කැමති කෙනෙක් පිළිගන්නකෝ (නි)
සිල්වා, මේක රටේ ප්‍රස්නයක් කියලා තේරුම්ගන්න තරම්වත් මොළයක් ඔයාට නැතිවීම ගැන මම කණගාටු වෙමි. ඔයා ඔයාගේ පපුවට තට්ටු කරලා අවංකව සිතන්න අපේ රණවිරුවන් යුධ ජයග්‍රහණයට ළඟාවෙද්දී ජාත්‍යන්තරයෙන් ආ තර්ජන ගර්ජන වලට බියනොවී ඒවා අබමල් රේණුවක් තරම්වත් ගණන් නොගෙන නොබියව සටන ඉදිරියටම ගෙන යන්නට රාජපක්ෂ ජනාධිපති හැරෙන්න වෙන කාටද පුළුවන් වුණේ? (නි)
අහෝ! රතන හිමිට ඡන්දය දුන් කෙනෙක් හැටියට මට හරි කණගාටුයි. ඔය වටේට ඉන්නේ කවුද? (නි)
දැනට තිබෙන තුනෙන් දෙකේ බලය පාවිච්චිකර විධායක බලතල ඉවත්කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් හැටියට එනවා නම් මේ ප්‍රශ්න නැහැනේ. මහින්ද මහතාට පක්ෂව කතාකරන අයට ඇයි බැරි පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් හැටියට එතුමාව එතනට යවන්න. විධායකය අපේ රටින් නැතිකර දැමීම කාගේත් යුතුකමක්. ඒක අරය ගෙනාවේ මෙයා ගෙනාවේ කියලා කකුලෙන් ඇද ඇද ඉන්නේ නැතුව එක වගේ එකතුව මේක නැතිකරන්න උත්සාහ කරන්න. මේක විධායකය සම්බන්ධ විරෝධයක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කතා නොකියන තරමට හොඳයි. (නි)
මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අන්තිමට දාපු හාලකුත් නෑ හදපු කැදේකුත් නෑ. (හේ)
මේක ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ අන්තිමට දාපු හාලකුත් නෑ හදපු කැදකුත් නෑ. මට දුක අර්ජුන ගැන. මම ආනන්දෙදි උගන්නපු මල්ලි කෙනෙක් එයා එයාගේ පියාගේ ප්‍රතිපත්ති වලටත් අපහාස කරනවා. 1977 එයාලට වුන දේවල් මතක නැතිවෙලා. ඔය ලගින් ඉන්න අයගෙන් අහන්න එ්වාගැන. මේ හැම දෙයක්ම ක්‍රෝධය ද්වේශය නිසා කරන දේවල්. මේවා තෙරුන් වහන්සේලාට සුදුසු නෑ අද අපිට රටක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන බටහිරට ගැති නොවුන අදටත් ගැති නොවන යුග පුරුෂය නිසා අරන්තලාවේ සිද්දිය මතකද කැබෙතිගොල්ලෑව මතකද දළදා ව මහා බැංකුව දැන් ඒවා අමතකයි නේද ඔබ සියලුදෙනාට දෙවිපිහිටයි. (අ)
අනේ! අදහස් දමන අය බුද්ධිමත්ව සිතන්නකො. රටේ අවශ්‍යතාවය නායකයෙක් තෝරා ගැනීමට වඩා රටට හානිකර දුෂණය, නාස්තිය අවනීතිය නැතිකිරීම නොවේද? රටේ සෑම පුරවැසියෙකුටම හිතකර පරිපාලනයක් විනා කිහිප දෙනෙකුගේ උවමනා එපාකම්වලට අහිංසක ජනතාවගේ බදුමුදල් නාස්ති කිරීම හරිද? යුද්ධය තිබුනා නම් හොඳයි කියලා හිතෙන තත්වයට ජනතාව පත්කරන්න එපා. (නි)
මෙයාලා පොදු අපේක්ෂකයා හොයනකොට මහින්ද මහත්තයා දිනලා ඉවරයි (නි)
බාලසුරිය, මේක යම් තනතුරක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවක් මිස පුද්ගලික කාරණාවක් නෙමෙයි. ඒක නිසා තනි පුද්ගලයකුට පුද්ගලිකව සිදුවෙන කෙනෙහිලිකමක් වගේ ප්‍රාථමික තර්ක ඉදිරිපත් කරන එක හරි නැහැ. (නි)
මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේවා. (නි)
බන්දුල මහත්තයා අගුරු සුදුවෙන්නේ නැහැ කියා කිව්වේ සන්ධානයේ සමහර නායකයන් ගැන හිතලා වෙන්න ඇති,ඔය පාස්සන වැඩේ නම් නවීන තාක්ෂණය අනුව දැන් පහසුවෙන් කරගන්න පුළුවන් ඒ ගැන ඔබ තුමා කලබල වෙන්න එපා.(දිල්)
සියල්ලම එකම වේදිකාවේ, සතුටුයි.(හේ)
අනුරාද මහතාගේ අදහසත් සමඟ මම එකඟයි. පළමුව විධායකය අහෝසි කරමු. (නි)
දැන් බාලසුරිය හිතන්නේ රටක් කරවන කෙනෙකුට ඔක්කොම කට්ටිය හා 'එහෙයි' කියාගෙන කිසිම වෙනස් මතයක් නැතුව ඉන්න ඕනෑ කියලද? කොහෙද අනේ එහෙම රටවල් තියෙන්නේ? (නි)
මේ ඉන්න හැමෝම ප්‍රසිද්ධියේ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරනවා කියන එකනේ? ඒ වුණාට බුද්ධිමත් ජනයාට අවබෝධ වෙනවා මේ උත්සාහය වෙනයම් කෙනෙක් දිනවන්න කියලා. (නි)
පක්ෂ විපක්ෂ අපේක්ෂකයෝ හැමදාම දිනුම් ඡන්දේ දුන්න අපි හැමදාම පරදිනවා .(හේ්)
සමහරු මේක පුද්ගලික කෝන්තරයක් වගේ හුවා දක්වන්නේ. අමතකද මේක ප්‍රජාතාන්ත්‍රික රටක් කියලා. විවිධ අදහස් වෙනත් මත තිබෙනවා. හැමෝගෙම අදහස් රටක ඉදිරි ගමනට වැදගත් (නි)
ඉදිරි ජනාධිපතිවරණය දෙවැනි ලෝක යුද්ධයට සමාන ලකුණු දැන්මම පෙන්නුම් කරලයි තියෙන්නේ.(හේ)
සමහරු අනුන්ගේ කුණු ගැන කතා කරන්න නම් හරි දක්ෂයි. (නි)
"හෙළ උරුමය,එජාපය හා ජවිපෙ එකම වේදිකාවේ".සොනාලි අල්විස් රටවෙනුවෙන් එකම වේදිකාවේ ඉන්න එක වරදක්ද?(අ)
බාලසුරිය හරියට මේක කවුරු හරි තනි පුද්ගලයෙක් එක්ක පුද්ගලික ප්‍රශ්නයකට තරහවෙලා තරහට කරන වැඩක් වගේනේ කතා කරන්නේ. (නි)
මේ වගේ සියලු දෙනාම එකතු වෙනවා නම් කොච්චර හොඳද?(හේ)
හෙට උදේ වෙනකොට සොබිත හිමියන් ගැන අලුත්ම ප්‍රවෘත්තියක් ලැබෙන්නයි යන්නේ.ලංකාවේ අය නොදන්නවා වුනාට දැනටමත් මුළු ලෝකෙම දැනගෙන ඉවරයි. (අ)
මටත් කවි මතක් වෙනවා සත්‍යපාල මහත්තයෝ.."යා දෙක නොරත රථ සමග පෑහීමක් නම් නැත"..තව ඕනනම් " කිරි දියෙනි දෙවියත් අගුරු සුදු වන කලෙක්නම් නැත්."...ඕව දැලි අගුරු සත්‍යපාල මහත්තයෝ.. මහත්තයට තව සැහෙන කාලයක් පෙරුම් පුරන්න වේවි ඕවත් එක්ක පිවිතුරු හෙටක් දකින්න..ඔය මනස්ගාත අත ඇරලා එන්න අපි එක්ක නව සද බලන්න.(අ)
විවිධ මති මතාන්තර නැති නම් මෙවැනි පුවත් තීරයක් වුනත් ඉදිරියට යන්නේ නැහැ. (නදී)
රජය කොච්චර කළත් ලංකා තිලකෙට පේන්නෙම විපක්ෂයේ අය විතරයි. (නි)
ඔය ඔක්කොම එකයි. හොඳට ඉගෙන ගත්තු මොලේ තියන කෙනෙක්ට ඡන්දෙ දෙන්න. (නදී)
පහුගිය යුධ කලේ මේ අය කොහෙද හිටියේ? මේ ජනාධිපති ක්‍රමය හදපු අයටම එ්ක එපාවෙලා දැන්. නමුත් මේ ක්‍රමය තිබුනේ නැත්නම් කොටියා උතුර විතරක් නෙමෙයි දකුණත් අල්ලලා මෙලහකට. අපි කවදත් රට බේරාදුන් කෙළෙහි ගුණය අමතක කරන්නේ නැහැ. (නදී)
රනිල් මහත්තයට අව්ව ටිකක් සැරයි වගේ. කාටවත් බැරි වුනානේ තොප්පියක් දෙන්න (නදී)
මෙච්චර කණ්ඩායම් එකතු වෙන එකෙන් පේන්නෙ මහින්ද පරද්දන්න නම් ලේසි නැ කියන එක නේද. (අ)
කේ පී, කරුණා, පිල්ලෙයාන් සිටින පැත්ත සෑහෙන පිවිතුරු ඇතිනේ? (නදී)
විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි යුද්ධය දිනුවේ කියන එකේ හරයක් නැහැ. නාමික ජනාධිපති කෙනෙක් හිටියම හොඳටම ඇති. (නදී)
මේක කරන්න තිබ්බේ අවුරුදු හතරකට කලින්.(හේ)
බන්දුල පෙරේරා දැක්කේ නැද්ද ඕමල්පේ සොබිත හාමුදුරුවන්ව. (නදී)
රතන හාමුදුරුවන් දැන් තමයි ඇත්ත වටහාගෙන තියෙන්නේ. (නි)
පටු අදහසින් නොවේ, වගකීමෙන් අද රටේ තත්වය බලන්න. (නි)
මොකද්ද ජයසිරි මනිමේන්ද්‍ර, මේක රටක ප්‍රශ්නයක්ද? නැත්නම් පවුලක ප්‍රශ්නයක්ද? (නි)
සෙනරත් බණ්ඩාර ගේ අදහසේ හැටියට ගරුත්වය ආරක්ෂා කර ගන්න ඕනේ පුජ්‍ය පක්ෂය විතරද (නදී)
මම හිතන්නේ රතන හාමුදුරුවන්ගේ ක්‍රියාදාමය හරියට හරි. මිනිසුන්ට මේකේ හරි අවබෝධයක් නැහැ. මේ යන ක්රමයේ අනිසි ප්‍රතිඵල එන්නේ ඉදිරියේදී. ඒ හින්දා මේ සංශෝධන කිරීම කාලයට උචිතයි. (නි)
මට නම් හිතෙන්නේ මෙතන වෘත්තීය කොමෙන්ට් කරුවන් ඉන්නවා වාගෙයි(දිල්)
අපිට සබන් කෑල්ලක් වත් ගන්න පුළුවන් ආර්ථික තත්වයක දැන් නැති නිසා බන්දුලව කෙලින්ම දියවන්නා ඔයටම ගෙනියන්න වේවි වගේ අපුල්ලලා ගොඩ ගන්න. (නදී)
මෙතන පොදු කවටයා නම් දැන් අපි තෝරලා ඉවරයි (නදී).
කුහක විදියට හිතන අය ඉන්නාතුරු මේ රට ගොඩදාගන්න අමාරුයි (නි)
එයාව අපි තෝරලා ගොඩක් කල්, අරුණ. (නි)
මේ ඡන්දය නම් ඉතිහාසගත වෙනවා, සිකුරුයි (නි)
දැන් මේ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව ජනාධිපති කරලා ඊට පස්සේ මිනි මරා ගනීවි. කවදවාත් ඔය පක්ෂ එකතු වෙලා නායකයෙක්ව තෝරාගෙන රටක් කරන්න බැහැ. ඕක අච්චාරු හැලියක් වෙනවා.(නදී)
කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල කියන කියමන මට මතක්වුණා (නි)
මොන ක්‍රමයෙන් හෝ යහපත් රටක් පිවිතුරු හෙටක් අප ට ලැබිය යුතු වෙනවා.(හේ)
සුබ පතනවා අපි! බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
දැන් ඔය කට්ටිය අපිට විශ්වාස කරන්නද කියන්නේ? (නි)
රතන හාමදුරුවනේ, ඔය ඉන්න අපිවිතුරු කට්ටියගේ කුණු ගා ගත්තට පස්සේ ඔබ වහන්සේට හත් අවුරුද්දක් නෑවත් පිවිතුරු වෙන්න නම් බැරි වේවි. (නදී)
අනුන්ගේ කුණු සෝදාගන්න සබන් තිබෙන තැන් පෙන්වීමට පෙර තමන්ගේ පිට අතුල්ලා ගන්නා එක කාටත් හොඳය (නි)
ඔබ වහන්සේලා ඇතුළු සියලු දෙනාට ජය! පිවිතුරු හෙටක් පතමු (නදී)
මහින්ද රාජපක්ෂට විරුද්ධව මේ කට්ටිය මෙහෙම එකතු උනාට අර යුද්ධය කාලේ ප්රභාකරන්ට විරුද්ධව මේ අය එකතු උනේ නැහැ. (නදී)
මට සිතෙන ආකාරයට මෙතන සිටින පිරිස අතුරෙන් මහින්ද රාජපක්ෂ මහතාට සටනක් දිය හැකි එකම අපේක්ෂකයා මාදුළුවාවේ සෝභිත හිමියන් පමණි. ගෞරවනීය භික්ෂුවකට එරෙහිව ඡන්ද සටනක් දියත් කිරීම පහසු නැත. 70%කට අධික බෞද්ධ ජනතාවක් සිටින රටේ එවැනි සටනක් කිරීමේදී ඉතා කල්පනාකාරී වියයුතුය. සුළු වරදකින් සම්පුර්ණ සටනම කණපිට හැරීමට ඉඩ ඇත. (නි)
ලංකා තිලක්ට ලැජ්ජාවක් නැහැ වගෙයි (නි)
පොදු අපේක්ෂකයෙක් වෙන එකත් හරිම අමාරුයි වගෙයි. හැමදෙනාම සතුටු කරන්න එපායැ. (නි)
රතන හාමුදුරුවනේ, මේ ක්‍රමය සාර්ථක වෙයිද? (නි)
ඔන්න බයවෙලා ශෝභිත හාමුදුරුවන්ට තර්ජනය කරලා මේ ව්‍යාපාරයෙන් අයින් වෙන්න කියලා. මොනවා වුනත් මෙවර මැතිවරණය ලෙයින් තෙත් වෙන එකක් කියා කියන්න පුළුවන්....විපක්ෂයට ජය වේවා.(අ)
ලංකාවේ දේශපාලනය ගැන හිතනකොට දුකයි. රටකට ගිය කලක්! මුල අමතක වෙන හැටි රටේ සමහර මිනිසුන්ට?? (නි)
ඔය අයගෙන් කෙනෙක් ආවට පස්සේ කියයි, තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවෙන් නැහැ, හයෙන් පහක් රටේ ජනතාව ඡන්දෙ දුන්නේ නැහැ. ඉතින් කොහොම විධායකය ඉවත් කරන්නද - මම මොනවා කරන්නද ? ඉතුරු ටිකත් ඔහේ ඉන්නවා කියල. නැතිනම්, පාර්ලිමේන්තුවේ අයව ඔය අලුත් කෙනාට පාලනය කරන්න බැරිව මහා ජංජාලයක් වෙයි රටේ. හැබැයි, ඔය මුකුත්ම වෙන්නේ නැහැ. ඇයි ? මහින්ද පරදවන්න ඔය අතරේ එකම ජගතෙක්වත් නැහැ. පක්ෂක්ග්රාහීව ලියනවා නෙවෙයි. පෙණෙන ඇත්ත ලිව්වේ. (අ)
අනේ අපිට නම් හොඳට අතීතය මතකයි (නි)
රනිල් මහතා තම කතාවේදී මුලින්ම ඇමතුවේ අර්ජුනටයි. ඒ වගේම රතන හාමුදුරුවොත් අපි වීරයා කවුදැයි හෙළි කරනවා කියූ නිසා මට සැකයක් තියෙනවා අන්තිමට පොදු අපේක්ෂකයා ලෙස අපේ අර්ජුන ක්‍රිකට් වීරයා තෝරාගනීවිද කියලා. (නි)
මට දුක බන්දුල පෙරේරාට ලගදීම කුණු කානුවක් හොයා ගන්න වෙනවා හැංගෙන්න (නදී)
බාලසුරිය කොලොන්නාව, භයානක අනාගතයක් පෙනෙන නිසා තමයි කට්ටියම මේ එකතුවෙන්නේ (නි)
නෝරා පෝල් ඉන්නේ පිටරටද ? දැන් පවතින පාලක පක්ෂයට සන්ධානය කියන්නේ මොකද කියල ඉස්සෙල්ලා හරියට තේරුම් අරගෙන කතා කරන්න. (නදී)
දුක තමයි රන්ජනී ඔයා කියන තක්කඩි වටුවෝ ගැන හිතෙනකොට. එ්ත් බයවෙන්න එපා රංජනී ඒ තක්කඩි වටුවෝ තක්කඩි වගේම උන්ට දැලත් අරන් පියාඹන්න ශක්තියකුත්,දැනිමකුත් නැති දුර්වල වටුවෝ ටිකක්. උන් ආවත් නාවත් මෙදා පාර බුද්දිමත් නිර්භීත වටුවෝ ටික වැඩේ ගෙනියනවාමයි. (නදී)
මමත් ඔවුන් සමඟයි. ජයවේවා! (නි)
පසුගිය කාලය හා සැසඳීමේදී අපි දියුණූ නැහැයි කියලා කියන්න පුලුවන්ද? (නි)
මේ හැමකෙනාටම වැඩිය මහින්ද මහත්තයා පිවිතුරු බව අපි දන්නවා (නි)
හැමදේටම වැඩිය එකමුතුකමයි වැදගත් වෙන්නේ (නි)
මම තමයි විරයා කියන කෙනා. මම පුද්ගලිකව දන්නවා මේ ඉන්න අයට එකට වැඩකරන්න බැරි අය බව. මහින්දට තියන දේශපාලනික දුර දක්නා නුවන කිසි කෙනෙකුට නැහැ. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය හොඳ හෝ නරක් වෙන්නේ, ඒ තනතුරට පත්වෙන පුද්ගලයාට අනුවයි. එය අහෝසි කරන බවට ජනාධිපතිතුමා දෙවතාවක් පොරොන්දු වුණා.ඉතින් අපේ හුඟදෙනෙක් ඇයි මේ බයවෙලා.පළමුව රට. පුද්ගලයෝ වැදගත් වෙන්නේ ඊටපස්සේ. කලබල වෙලා ඉන්නේ නියම දේශප්‍රේමින්ද? කඩේ යන අයද? කියලා තේරුම්ගන්න අපහසුයි. (නි)
අපි බලමුකෝ මොනවගේ ගමනක් යයිද කියලා (නි)
මේ කිසිම කෙනෙක් වෙහෙසෙන්නේ අපටවත් රටට වත් ආදරේට නොවන බව විතරයි මට තේරෙන්නේ? මම හරිද? (නදී)
ඔබගේ උත්සාහයට මම සුබපතමි! (නි)
සිල්වා, මේක පවුල් ප්‍රශ්නයක්ද රටේ ප්‍රශ්නයක්ද කියන එකට මට ඔයාට උත්තර දෙන්න පුලුවන් (නි)
ප්රභාකරන්ට බයේ හිටපු අය දැන් වීරයෝ වෙලා. රතන හාමුදුරුවනේ, චම්පික රණවක මහතාණෙනි, ඔබගේ මතය වෙනම ඉදිරිපත් කරන්න (නි)
සියලු දෙනාම දන්නවා විධායකය අහෝසි කරන්න තුනෙන් දෙකේ බලය නැහැ කියලා. ජනතාව චින්තනය පිළිගන්නේ චින්තනයේ තිබුණු ප්‍රධානම කොන්දේසිය වන විධායක ජනපති ක්‍රමය මාස 6 ක් තුළ අහෝසිකර දීම කියන දේ ඉෂ්ට කළොත් පමණයි කියලා මට හිතෙනවා (නි)
රතන හාමුදුරුවෝ කියන්නේ හෙළ උරුමය නෙමෙයි. හෙළ උරුමය කියන්නේ රතන හාමුදුරුවොත් නෙමෙයි.කෝ මෙතන හෙළ උරුමයේ අනෙක් සාමාජිකයෝ? .ඒ කියන්නේ හෙළ උරුමෙන් යන්න ඉන්නේ රතන හාමුදුරුවෝ විතරද? (නි)
බාලසූරිය කොලොන්නාව, ඔබ හරියට හරි. ඔය ඉන්නා වීරයෝ යුද්ධය කාලයේ හිටියේ කොහේද? ජනපතිතුමනි, ඔබට ජය! (නි)
මෙයාලට රට දුන්නොත් පුංචි දේකට තීරණයක් ගන්නත්, අර මහදැනමුත්තා සහ ගෝල පිරිස ළිඳ උස්සාගෙන යන්න සැළසුම් කළා වගේ හිටීවි කියලා මට හිතෙනවා (නි)
බන්දුල පෙරේරාගේ දේශපාලනය මට වැදගත් නැහැ. හේතුව මම කතා කරන්නේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති අයෙකු ලෙසයි. නමුත් විදේශගතව ඉතා දුක් මහන්සියෙන් හරි හම්බකර එවන විදේශ විනිමයෙන් ලංකාවේ දේශපාලකයන් පිස්සු නටද්දී, දුෂණයෙන් පිරි වන්දිබට්ටයින් පිරිසක් නිර්මාණය වෙද්දී, ඉතිහාසයේ වැඩිම දුෂණයක් සිදුවෙමින් පවතිද්දී, මේ සියල්ල සංවර්ධනය යන මායාවෙන් වැසෙද්දී, තවදුරටත් ඇස්කන් පියාගෙන නොසිට වර්තමාන ආණ්ඩුව යහමඟට ගැනීම අප සැමගේ යුතුකමකි. රටේ සංවර්ධනයක් නොවන බව මම කිසිවිටක නොපවසමි. නමුත් විදේශ රටවලට විශාල ලෙස ණයවී, විශාල පොළියක් ගෙවමින් කරන්නා වූ සංවර්ධනයේ ඵලවිපාක වලට මුහුණදීමට සිදුවන්නේ ඔබ හා මට නොව අපගේ දරු පරපුරටය (නි)
සමහරු කියනවා යුද්ධය කාලේ මේ අය එකතුවුණේ නැහැ කියලා. එහෙම කියන්නේ මතකය අඩු දේශපාලන අජීර්ණය තියෙන අය. ප්රභාකරන්ට විරුද්ධ අය සැමදෙනාම එදා එකතුවුණා. මෙහෙ වර්ජන, තර්ජන පටන් ගත්තා නම් තත්වය කුමක්ද? යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපතිතුමා.එහෙත් යුද්ධය පටන්ගන්න මාවිල් ආරු සොරොව්ව ළඟට ගොස් සත්යග්රහ පටන් ගත්තේ හෙළ උරුමය සහ ජවිපෙ (නි)
එකම වේදිකාවේ නිදාගෙන ඉන්න අයත් අපි දැක්කා. ඒක රූපවාහිනියෙන් පෙන්වද්දී අපි හිනාවුණේ ගමටම ඇහෙන්න. පිවිතුරු හෙටක් ගැන කතා කරන්න මේ කිසිවෙකුට අයිතියක් තියෙනවාද කියලා අපි එකිනෙකා වෙන්කර සැළකිල්ලෙන් බලන්න සුදුසු කාලයයි. (නි)
සියලුම දෙනාට ජය! (නි)
වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මයම පාවා දෙනු වෙනුවට ඒවා අතහැර ඉන්නවුන් ශ්‍රේෂ්ඨයි (නි)
මම නම් යෝජනා කරන්නේ අර්ජුනව. (නි)
බැලුවොත් අන්තර්ජාලයේම තමයි බන්දුල පෙරේරාගේ රාජකාරිය. (නි)
අපිට නම් නව වෙනසක් අවශ්‍ය නැහැ. අපිට මේ තියෙන විදිය හොඳටම හොඳයි (නි)
රටට යහපාලනයක් වගේම නීතිගරුක පාලකයෙකුගේ අවශ්‍යතාවය ඇතිවෙලා තියෙනවා. (නි)
බන්දුල පෙරේරා මහත්තයා සඳ දැකලා වැඩිකමට ඔය අමාරුව හැදිලදෝ කියලා වෙලාවකට හිතෙනවා. මොනවා කරන්නද මහත්තයෝ, ඕක ඔබතුමාගේ දෛවය. ඕකට අපි මොනවා කරන්නද? ඔබට නිරෝගී සුවය ලැබේවා!!! (නි)
නියම කට්ටියක්නේ එකතුවෙලා ඉන්නේ (නි)
බාලසුරිය කොලොන්නාව, ඔයාටත් අතීතය මතක තිබෙන්නේ දවස් 7ද? (නි)
බණ්ඩාර, මෝඩ කතා කියන්න එපා. අනිත් එක රතන හාමුදුරුවෝ අධිරාජ්‍යවාදින්ට එරෙහි වෙන්නේ කවුරු එක්කද? බුදුදහම රැකගන්න හදන්නේ කවුරු එක්කද? මොකද්ද මේ කරන්නේ? අනිත් එක මේ රටේ තියෙන ලොකුම ප්රශ්නය විධායක ජනාධිපති ක්රමයද? (නි)
රට හදන්නද කට්ටිය මේ එකතුවෙන්නේ? (නි)
නීති වෙනස් කරන්නේත්, ආණ්ඩුක්‍රම වෙනස් කරන්නේත්, ව්‍යවස්ථා වෙනස් කරන්නේත් රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය සඳහාය. එසේනම් ජනතාවට අවශ්‍ය නම් ජනපති කෙනෙක් දහ වරක් හරි, ඒක ජනතාවගේ සහ රටේ කැමැත්තයි (නි)
බාලසූරියට යටගියාව මතක නෑ වගෙයි (නදී)
ජය වේවා! (නි)
මහජනයා නොදන්නා තිරෙන් එහා සිදුවීම් මේ අය හොදින් දන්නවා. ජනපති කෙරුවාවල් එපා වෙලා රට ගැන නියම කැක්කුමකින් ඉන්න බව කියන්න පුළුවන්. මේ අය දන්නවා හොදටම තව පාරක් දුන්නොත් රට යන ආගදය. ඔබලාගේ ක්‍රියාවට ජයම වේවා (නදී)
රතන හාමුදුරුවනේ, සමාවෙන්න. මම කියපු දේ මට තේරුනේ පසුවයි. (නි)
ජය ගමු ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජයවේවා (නදී)
පිවිතුරු හෙට ප්‍රතිපත්ති වල ඔබලාට එකඟ වන්නට බැරි දෙයක් තිබෙනවාද කියා ඒ අයට බනින කට්ටිය කියන්න බලන්න. (හේ)
රට දියුණු වෙනකොට තමන්ගේ පැවැත්ම ඉවර වෙන බව දන්නවා. ඊට කලින් රට ආපස්සට ගන්න තමා මේ හදන්නේ. (නදී)
මේ ජනාධිපති නිසා උපාධිධාරී අපිට සුභ අනාගතයක් උදාවුණා.කවුරු ආවත් වැඩක් නැහැ.මහින්ද රාජපක්ෂ මැතිතුමා ආවොත් ඉතින් අපි හැමෝටම පිවිතුරු සුභ අනාගතයක් ලැබෙයි. (නි)
බන්දුල පෙරේරා එක එක නම් වලින් ලියනවා වගෙයි (නි)
බන්දුල පෙරේරා මහත්තයා එක එකක් නම්වලින් කොමෙන්ටු දාන්නේ මොකෝ? දැන් වැඩක් නැහැ මහත්තයෝ හිතට දුක තමයි මොකද කරන්නේ? ඔයා ඔය පිවිතුරු නැහැ කියන කට්ටිය ඔය පැත්තට කරණමක් ගැහුවම වොෂින් මැෂින් එකේ දාල ගත්ත වගේ පිවිතුරු සුදෙන් බබලනවනේ නේද? අර මට මුකුත් මතක නැහැ කියන මහත්තය, දුටුගැමුණු මහත්තය හෙම කොච්චර පිවිතුරුද නේද? මංගල මහත්තයත් පිවිතුරු වෙන්න යනවා කියලත් ආරංචියක් තියනවා ඕන් (නදී)
හුඟ දවසකට පස්සේ තමයි කට්ටියම එකට දැක්කේ (නි)
හොරු සමග හෙළුවෙන්. (නදී)
මෙහෙම එකතු වුණා කියලා රට හදන්න පුලුවන්ද?මං හිතන්නේ ලංකාව හදා ගන්න බැරි තරමට දුර ගිහිල්ල වැඩියි.(හේ)
බන්දුල පෙරේරා කියන මනුස්සයා විවිධ නම් වලින්,ගැහැණු නම් වලින්,පිටරටවල නම් වලින් කියන,කරන දේවල් එතරම් ගණන් ගන්න එපා. (නි)
පිවිතුරු හෙටක් ගැන කතා කරන මෙගොල්ලා ප්රභාකරන් අපේ ගමට කඩා පැනලා අපේ සනුහරේ ඝාතනය කරද්දී අපිව බේරා ගන්ට කටක් ඇරලා වචනයක් කතා කෙරුවේ නැහැ. මහින්ද මහත්තයා ප්රමුඛ රණවිරුවන් කොටින් සමුල ඝාතනය කරද්දීවත් පිවිතුරු හෙටක් ගැන කතා කෙරුවේ නැහැ. සහයෝගය දෙන්ට වචනයක් කිව්වේ නැහැ. අපේ අප්පච්චි වෙඩි කාල මිය ඇදෙද්දී කිවු දේ මට තවමත් ඇහෙනවා වගේ. ' මහින්ද මහත්තයෝ අපේ මිනිස්සු බේරා දෙන්න බුදු මහත්තයෝ..' (නදී)
ජයවේවා! ඇස් නැති අයගේ ඇස් පෑදේවා. රට යන අත නරක බව අපි හොඳින්ම දනිමු. රටේ අති බහුතරයකගේ ඡන්දය ඔබලාට ලැබී රටට මහත් ව්‍යවසනයක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර පිවිතුරු රටක් ගොඩ නගන්නට ඔබලාට ශක්තිය ආශිර්වාදය ලැබේවා. ජය නියතයි. (නදී)
මහින්ද මහත්තයා පරදින බව දන්නවා නම්, පැහැදිලි නම් කාටවත් ඔය විධායකය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්රශ්නය තියෙන්නේ එහෙම වෙන්නේ නැති බව හොඳින්ම දන්නා එක. (නි)
මහින්ද මහත්තයා කවුරු කොහොම කිව්වත් දිනනවා.(හේ)
බන්දුල පෙරේරා මොකද බය වෙලා (නදී)
ඔබ සැමදෙනා මෙහෙම එකට ඉන්නවා දකින එකත් අපිට ලොකු සතුටක් (නි)
අපරාදේ කියන්න බැහැ. මෙතන ඉන්න සේරම කට්ටිය සංකේතවත් කරලා හොඳ නැටුමක පින්තුරයක් ( 16 ) පල කරලා තියෙනවා. (නදී)
බන්දුල පෙරේරා අල්ලාගෙන තේරුමක් නැති අදහස් දාන එක සමහරුන්ට හරි විනෝදජනක වැඩක් වගේ. (නි)
පොඩ්ඩක් හිතන්න මෙතන ඉන්නේ කවුද කියලා. මේ රටට අවංකව වැඩකළ, රටේ දියුණුවට වැඩකළ බුද්ධිමත් නායකයෝ. මෙයාලා එකතුවෙලා හදන්නේ රටේ වෙන්න යන විනාශයක් වළක්වන්න. (නි)
කවුරුහරි කමක් නැහැ. මේ යන ගමන නම් අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනෑ. ඒකේ කතා දෙකක් නැහැ. (නි)
මට නම් මේක නිකන් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ. එක ප්‍රතිපත්තියක් නැති අයව දිනෙවුවොත් අන්තිමට නැති ප්‍රශ්න ඇතිවෙලා රට මීට වඩා විනාශ වෙනවා. (නි)
ඔය කවුරු මොනවා කිවුවත් අතීතය අපිට අමතක නැහැ (නි)
අපිට වෙනසක් අවශ්‍යයි. දුෂණයට තිත තබා, පොඩි මිනිහාට සෙත සළසමු. ජීවත්වීමේ අයිතිය සැමට තිබිය යුතුයි (නි)
අපේ රටේ කන්න අඳින්න නැතුව මෙච්චර ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් දුක් විඳිනවා.අපේ අය මහජන මුදල් ලෝකයේ වෙනත් රටවලට කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරනවා. ඒකම ඇති හිතන්න. (නි)
ඔබ සැමට සුබ ගමන්! (නි)
මට නම් හිතෙන විදියට, ශීලාචාර,හොඳම පුද්ගලයා තමයි සජිත් ප්‍රේමදාස
ජනනි ලොකුහේවා, පළමුව ඔයා ළඟ තිබෙන කුණු කාටහරි කියලා අපුල්ලා ගන්නකො, අනුන්ගේ පිවිතුරුකම ගැන කතා කරන්න කලින් (නි)
රටක් වැරදි මාර්ගයක අරගෙන යනකොට එක නිවැරදි කරන්න එකතුවීම හොදයි.විනිවිද දකින්න මිනිස්සු ටික දැනුවත් වෙලාවගේ. සියලු දෙනාගේ දෑස් පැදේවා (දිල්)
ප්රභාකරන් කාලේ මහින්ද මහත්තයා විතරයි නිර්භයව හිටියේ. අනෙක් අය හිටියේ ප්රාණබයේ. (නි)
බන්දුල පෙරේරා විවිධ නම් වලින් දිගට හරහට අදහස් දාලනේ.ඒත් අදහස එකමයි. (නි)
පොදු අපේක්ෂකයාගේ උපත මෙම රැස්වීමලු. මේ අය එක රැයෙන් ජාතික නායකයන් බිහිකරන්න යනවා. මොනවා කළත් මම හිතන විදියට මහින්ද මහත්තයාට තරඟයක් දෙන්න නම් රනිල් මහත්තයා අලියා ලකුණින් තරඟ කළයුතුයි. (නි)
රට වෙනස් මඟකට යනවා නම් අපිත් කැමතියි (නි)
අනේ අපේ හාමුදුරුවනේ, අපි දවස පිරිමහගෙන එක වේලක් දරුවන්ට කන්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්. (නි)
මේ රටේ දැන් තත්වය යුද්ධයට වඩා දරුණු බව අවබෝධ කරගන්න. මේ රට බේරාගන්න තමයි රතන හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ මේ වැඩපිළිවෙල පටන්ගත්තේ (නි)
ජනනි ලොකුහේවා හිතන විදියට මේක එක්තරා පාර්ශවයකට සීමා වූ දෙයක්ද? (නි)
ජනනි ලොකුහේවා, ඔබ කියන රූපරාමුව අපිත් දැක්කා. ගිනි අවුවේ හාමුදුරුවරු වටාපතෙන් මුහුණු ආවරණය කරගෙන සිටියදී සමහරු සිටි හැටි අපිත් දැක්කා. මේ තමයි පිවිතුරු හෙටක් වෙනුවෙන් රට වෙනස් මඟකට ගෙනයන කට්ටිය (නි)
මහින්ද මහත්තයාට ජය නියතයි...! (නි)
ඉතින් විරාජ්, විනෝදයක් කියලා දෙයකුත් මෙතන තියෙන එක හොඳයිනේ. (නි)
විපක්ෂයට ජයවේවා (දී)
එදා මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට මුදාගැනීමට කළ සටනට රතන හාමුදුරුවෝ විශාල දායකත්වයක් දැරුවා.ඒ වගේම අදත් මේ රට නිදහස් කරදෙන්න ඉදිරියට එන්න අපේ හාමුදුරුවනේ. (නි)
ලංකාවේ මිනිසුන්ට මුල අමතක් නැහැ. අපි මහින්ද මහතාට පක්ෂයි. එහෙත් ඔහු වටේ ඉන්න සමහරුන්ට සහ සමහර දුෂිත ගනුදෙනු වලට විරුද්ධයි. මගේ මවුබිම දිනේවා! සම අයිතිය කාටත් ලැබේවා! (නි)
පොදු අපේක්ෂකයා කවුද දන්නෙ නැහැ නේද? (නි)
ජනනි බලන්නේ එක නාලිකාවක් විතරක් වෙන්න ඇති. ඒකනේ රටේ වෙන අනෙක් දේවල් මොකුත් දන්නේ නැත්තේ. අනෙකුත් නාලිකා සහ පත්තරත් බලන්න. එතකොට හයියෙන් නෙමෙයි පොළවේ හැපි හැපී හිනාවෙන්න පුළුවන්. (නි)
මේ ඔක්කොම එකතුවෙලා වෙනසක් කරන්න ගියාට කවුරුත් ඡන්දය දෙන්නේ නැතිවෙයි. ජනාධිපතිතුමාගේ ජය දැන්මම පේනවා... (නි)
මේ පාලන ක්‍රමය වෙනස් කිරීමට සැවොම එක්වෙමු (නි)
මට හිතාගන්න බැරි විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් අය නැවත මේක එපා කියන එකයි. (නි)
මේ ඡායාරූප දකිනකොට මට හිතුණු දෙයක් කියන්නම්. මේ වේදිකාවට අපේ ජනාධිපතිතුමා ආවා නම් මෙතන ඉන්නා සමහර අය "හිරු දුටු කදෝපැණියන් " බවට පත්වෙනවා නොවේද? නිකන් හිතලා බලන්න. එතුමාගේ තිබෙන ප්රතාපවත් බව මේ අයගෙන් පෙනෙනවාද කියලා. (නි)
මම හැමදාම දුෂණය සහ අවනීතියට විරුද්ධයි. ඕනෑම කෙනෙකුට බල තණ්හාව හොඳ නැහැ (නි)
අර කුරුල්ලෝ ටික ඔක්කොම එකතුවෙලා දැල උස්සගෙන ඉගිලුන නිසා ඔක්කොම බේරුන කතාව මතක් වුනා. ඒ අතරත් එක එක මත තියෙන කුරුල්ලෝ ඉන්න ඇති. පොදු දේකට එකතු වුනා. ජයගත්තා. එතන අරයගේ මෙයාගේ පැටිකිරිය හොය හොය පස්ස ගහන තක්කඩි කුරුල්ලෝ හිටියා නම් ඔක්කොම අමාරුවේ වැටෙනවා. මෙතන අදහස් දාල තියෙන සමහරුත් අර තක්කඩි කුරුල්ලො වගෙයි කියලයි මට නම් පේන්නේ. මෝඩකම, නූගත්කම සහ උද්දච්චකම නිසා සමගියට බාධා කරනවා වගේම, වෙන කෙනෙකුගේ සමගිය උහුලන්නත් බෑ. (නදී)
නීතියක් රීතියක් සතයකට ගණන් ගන්නේ නැතුව යන ගමනක භයානක කම ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන කොට ප්‍රමාද වෙලා වැඩියි (නදී)
ඔබ වහන්සේලා බලාපොරොත්තු වන පිවිතුරු බව ඔතන ඉන්න හැමෝගෙම හිත්වල තියනවා නම්. .ලක් මෑණියන් වාසනාවන්තයි. එ්ත් ඔහොම පටන් ගත්තට කට්ටිය කුලල් කා ගන්නාවිට ඔබ වහන්සේලා කෙරෙහි මහා ජනතාවගේ හිත්වල තිබුන පිවිතුරු බවත් ඉතිරි වේවිද මන්දා. (නදී)
හෙළ උරුමය දුෂ්ට වැඩකරන පක්ෂයක් නෙමෙයි. රට ජාතිය ආගම වෙනුවෙන් කෙළින් වැඩකරන පක්ෂයක් කියලයි මගේ හැඟීම.ඔය එකමුතුව හොඳයි. ඕකෙන් අන්තිමට වෙන්නේ වැරදි හදාගෙන ව්‍යවස්ථාවේ නරක දේවල් ඉවත් කරලා නැවත වැඩි බලයකින් බලයට එන එකයි. ජනපති එතනට ගන්නයි ඔය එකමුතුව දඟලන්නේ. (නි)
අපේ රටට දළඳා සමිඳු පිහිටයි .බන්දුල මහත්තයෝ එතුමාගේ දියුණුව බලන්න තංගල්ල නගරයට ඇවිත් බලන්න. අපේ උපන් ගමේ අපිට බොරු කරන්න බැහැ.(දිල්)
අනේ මගේ රට! (නි)
අනේ හාමුදුරුවනේ, කරන දෙයක් හොඳින් හිතලා බලලා කරන්න (නි)
දැන් අපිට යන එන මං නැතිවෙලා.දරුවන්ට කන්න අඳින්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්. (නි)
අපේ රටට දළඳා සමිඳු පිහිටයි .(හේ)
3 පාරක් බෑ බෑ බෑ බෑ බෑ බෑ බෑ (නදී)
ජනනිගේ රූපවාහිනියේ ඇන්ටනාව හැරවිලා තියෙන්නේ මොන පැත්තටද කියලා මට හිතාගන්න පුලුවන් (නි)
රනිල් පමණි අපිට විශ්වාස! ඔහු අවංක නිහතමානී නායකයෙක් (නි)
අනේ රතන හාමුදුරුවනේ, මොනවාද මේ වැඩ? ඔය අය එක්ක රටක් පාලනය කරන්න පුලුවන්ද? (නි)
පුදුමය කියන්නේ මේ ජනනිගේ රූපවාහිනියේ තියෙන්නේ එකම චැනලයක් වගේ. (නි)
අපි මෙය අගය කරනවා. හොඳ ප්‍රවණතාවක්. (නි)
රට බේරගන්න ඕනේ. එ්කට මෙහෙම එකතු වෙන් නැතුව බැහැ. නීතියක්, ආචාර දර්මයක් ගොඩක් අයට නැහැ. (නදී)
යසන්ත, උපාධිදාරින්ට හොඳ අනාගතයක් උදා උනේ ජේ.වී.පී හින්දා. (නදී)
මේ වෑයම අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරය අහෝසිකර පාර්ලිමේන්තුවට බලය පවරා, රටේ ප්‍රජාත්‍රන්තවාදය යළි ස්ථාපිත කිරීමටයි. ජය වේවා!!! (නි)
රතන හාමුදුරුවනේ ඇයි මෙහෙම උනේ? (නදී)
දැන් රොබෝ කෙනෙක් ගැන විතරයි අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. කාවද මේ රවටන්න හදන්නේ. (නි)
බලමු කෙටි කාලයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් කාටද කියලා (නි)
කඩාගන්න බැරි වුණාම නරියත් කිවුවේ මිදි තිත්තයි කියලා. රටේ සංවර්ධනය දකිනකොට තේරෙනවා මෙයාලට කවදාවත් විධායක ජනාධිපති පුුුටුවේ ඉඳගන්න බැහැ කියන එක. ලාකඩ වලින් යකඩ පාස්සන්න බැහැ. (නි)
බළලුන් ලවා කොස් ඇට බාවනවලු. තුහ් ....(අ)
කොහොමද හිතාගන්නේ? ඔක්කොම මේ පවුලක් ගොඩදාන එක ගැනනේ කතාව. (නි)
මහින්ද මහතාට සමකළ හැක්කෙක් නැත (නි)
හැබැයි පුතෝ මෙච්චර ගොඩක් එකතු වෙලත් මහින්ද මහත්තයාම මේ වාරයේත් දිනුවොත් මාර ලැජ්ජාවක් තමයි වෙන්නෙ. (නි)
මේ විධායක ජනාධිපති ක්‍රමයයි, මනාප ඡන්ද ක්‍රමයයි තමයි අපේ රට විනාශ කලේ. (හේ)
රටට මොකද මෙහෙම වුණේ කියලා ඇයි කාටවත් හිතන්න බැරි? (නි)
වටේට ගසා කන්නන් සහ ගුස්ති කාරයන් දකිනකොට ජනනිලාට වලි බර හෙටක් පේනවා ඇති. ඒකයි ඔය කියවන්නේ.(අ)
මේ විධායක ක්‍රමය කෙසේ හෝ වෙනස් කළ යුතුයි.(හේ)
මහින්ද ජනපති තුමනි, මොන බලවේග ආවත් දකුණේ අපි ඔබ සමග (නදී)
මේ විධායක ජනාධිපති ක්‍රමයයි, මනාප ඡන්ද ක්‍රමයයි තමයි අපේ රට විනාශ කලේ. මේ පවතින ක්‍රමය වෙනස් නොකොළොත් මේ රට තවත් සිම්බාබ්වේ, මියන්මාරයක්, සෝමාලියාවක් වේවි. මේ රටේ සාරධර්ම දැන් ඒ තරමටම පිරිහිලා.(හේ)
අපි හිතමු හරි දේ. පුද්ගලයා වැඩක් නැහැ. වැදගත්ම දේ තමයි රටට යහපත් දේ. අපේ මුළු පරම්පරාවම හොද ශ්‍රී ලංකාකාරයෝ. නමුත් මේ ගමන මෙහෙම යන්න බැහැ. දැන් වෙනස් වුනේ නැත්නම් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ වගේ වෙනවා (නදී)
බොහොම හොද වැඩක්. ජය පතමි. මහින්ද සහ කට්ටිය රටට ලොකු බරක් වෙලා ඉවරයි (නදී)
කවුරු කවුරුත් පොදු අපේක්ෂකයා වුණත් නැතත් තම තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න එක හොඳයි. මට සමහරුන්ගේ කතා ඇල්ලුවේ නැහැ. (නි)
රතන හිමියනි, ක්‍රෝධය වැපිරීම සුදුසු නොවේ! (නි)
පීරා ඝන අඳුර නව සඳ නැඟෙනු ඇත ... මෝරා අං දෙකද අතගා බලනු පුත... (නි)
මං මේ කල්පනා කරන්නේ යසන්ත කියන විදියට මීට කලකට පෙර හිටපු උපාධිදාරියෝ රැකියා ලැබිල කසාද බැඳලා ගෙවල් හදා ගෙන තුන් වේල කෑවේ නැද්ද කියල. (නදී)
සහෝදර සමාගම නිසා ත්රස්තයන් විනාශ කරන්න පුළුවන් වුනා තමයි. එ්ත් දිගටම එක රජයක් යටතේ පාලනය කිරිම නුසුදුසුයි (නදී)
මේක බෞද්ධ රටක්ද කියලා හිතෙනවා වෙලාවකට.... (නි)
ආයේ මොකද්ද ඕක. ඇන්ටෙනාව හැරවිලා ඇත්තේ බන්දුලගේ ගෙවල් පැත්තට (නදී)
මේ තාක්කල් විරුද්ධ පක්ෂ ශක්තිමත් නැහැ කියලා ආඩපාලි කිවුවා. දැන්?? සන්ධානය කියන්නෙත් පක්ෂ කිහිපයක එකතුවක් නේද? හෙට උපදින දරුවන්ගේ අනාගතයට ජය! (නි)
බාලසුරිය කොලොන්නාව, ඔයාට අමතක වුණාට ඔතන ඉන්න අයගෙන් විපක්ෂය හැරෙන්න අනිත් අයගෙන් 90% හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක තමයි යුද්ධය කාලේ. හිතලා බලන්න එයාලා මොකද දැන් ඉවත්වෙන්නේ කියලා (නි)
රතන අපේ බුද්ධ පුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේ පිවිතුරු සමාජයක් ගැන කතා කරන්නේ සද් භාවයෙන්ද? අපට නම් ගැටලුවක් තියනවා. (නදී)
මේ කට්ටියගේ කෙරුවාවල් අපි දැක්කනේ ඉස්සර .(හේ)
හාමුරුවනේ, පුද්ගලයන් සමඟ එකතු වීමේදී බොහෝ සැළකිළිමත් වියයුතුය . එසේ නොවුවහොත් රට අගාධයෙන් අගාධයටම යනු ඇත. (නි)
මෙතෙක් සිංහලයන් හා සාමකාමී අනෙකුත් ජාතින් ලැබූ ජයග්‍රහණ ආපසු කරකැවීමට අමුඩ ගහ ගන දඟලන මේ වීරයෝ ප්රභාකරන් සිංහල ජාතිය වනසමින් උතුර නැගෙනහිර ඊලම ප්‍රකාශ කරන කොට හිටියේ ඇඳන් යට නේද ? (නදී)
ඇත්ත නේන්නම් ටානියා, වටේට ඉන්න ගසා කන උදවියට කරුණාව දක්වන මෙහෙම කෙනෙක් තවත් නැහැ තමයි. (නදී)
ඇයි චන්දිම මහින්ද මහත්තයා දිනුවෙත් ගොඩක් එක්ක සන්ධානගත වෙලා නේද ? (අ)
"හෙළ උරුමය සහ ජවිපය එකම වේදිකාවේ.." මෙහෙම හෙඩිමක් දැක්කට රටේ පොදු ජනයා කිසිම ආශ්වාදයක්වත් කණගාටුවක්වත් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒ පක්ෂ දෙකටම ජනතාවගේ එතරම් කැමැත්තක් නැති නිසයි. පක්ෂ දෙකම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයට පින් සිදුවෙන්න ගොඩ නැගුන නිසයි. එයින් මහජනයා අතරට ගිය නිසයි. (හේ)
රතන හාමදුරුවෝ කියන්නේ හෙළ උරුමය නෙමෙයි. හෙළ උරුමය කියන්නේ රතන හාමදුරුවොත් නෙමෙයි. කෝ මෙතන හෙළ උරුමේ අනෙක් සාමාජිකයෝ. ඒ කියන්නේ හෙළ උරුමෙන් යන්න ඉන්නේ රතන හාමදුරුවෝ විතරයි. සිදු වෙන්නෙත් එයයි. අන්තිමට රතන හාමදුරුවන්ට වෙන්නේ අපිවිතුරු පුද්ගලයින් සමග අපිවිතුරු හෙටක පිරිසිදු වෙන්න සබන් කෑලි වතුර බාල්දි හොය හොයා දුවන්න තමයි. (නදී)
16 වන පින්තුරේ ඉන්න එක්කෙනා වෙන්න ඇති මන් හිතන්නේ පොදු අපේක්ෂකයා. ඔය වේදිකාවේ ඉන්න කට්ටිය දාගෙන ඉන්න වෙස් මුණු ගැලෙව්වා නම් කාගේත් තියෙන්නේ ඔය මුණ තමයි. (නදී)
අපේ රටේ ඡන්දදායකයා මේ වෙනතුරු කළේ හදවතට වහල් වී ඡන්දෙ කියන බොරුවලට රැවටී ඡන්දෙ දාපු එක. දැන්වත් බුද්ධිමත් ව හිතල ඡන්දෙ දෙනවනම් වැදගත් කියල තම මම කියන්නේ. පොඩි උදාහරණයක් ගනිමු, ඔබට පුද්ගලික රෝහලක් ආරම්භ කරන්නේ නම් ගොඩනැගිල්ල සෑදීම දොස්තරට කළ නොහැක. එය කළ හැක්කේ ඉන්ජිනේරුවෙකුට පමණි. ඉන්ජිනේරුවා එය කල පසු රෝහල පවත්වාගෙන යාමට දොස්තරවරුන් අවශ්‍යයයි. ඉන්ජිනේරුවා රෝහල හොදින් හැදුවා කියා ඉන්ජිනේරුවා රෝගීන්ට බෙහෙත් දුන්නොත් කොහොම හිටීද? අද ලංකාවට වෙලා තියෙන්නේ එක තමා. (අ)
අපේ රටත් ටියුනීසියාවක් කරන්න ඉඩ දෙන්න එපා. (නදී)
මේ ගොල්ලෝ රාජපක්ෂ පවුල එලවන්න දගලනවා. රාජපක්ෂ පවුල එකතු වෙලා යුද්දේ අවසාන කරේ නැත්නම් අද ඔය කට්ටිය ඔය වේදිකාවේ ඉන්නෙත් මර බියෙන් (නදී)
මේකත් අර සේනාව කළා වගේම සිංහල බෞද්ධයා රවටන නාට්‍යයක් .(අ)
රට වෙනුවෙන්, රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් සමස්ත ජනතාවම එකට එකතු වෙන්න ඕනේ වෙලාවක් මේක. (නදී)
මට යටගියාව හොඳට මතක තියෙනවා , මා 1977 පෙර සිට අතීතය දන්නවා , පළමු ත්‍රස්තවාදය කොටින්ට කලින් එති කලේ ඔය වේදිකාවේ ඉන්නා ජේ වී පි එක , (1971 ) අහිංසක තරුණයන් මංමුලා කරලා ජිවිත සිය ගණනක් බිලි අරන් ( අහිංසක පොලිසිය එකසිය1771 පෙර ) තරුණ ජිවිත බිලි දීලා , කෙටියෙන් කියන්න තියෙන්නේ ඔය සමහරු දකින භයානක අනාගතය විදේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් හුවා දක්වා , ඔවුන්ගේ මුදල් වලින් පැපෙමින් කියන කතා , යුද්ධය නිමවී අවුරුදු කීයද? සිංහලුන්ට අතීතය මතක දවස් 7ක් ලු , එයට පෙර ඒවා මතක නැහැ.(දිල්)
ඔබේ සැමට අපෙන් සුබ පැතුම්. ජය වේවා. අපේරට බේරා ගන්න ඔබ සැමට ශක්තිය ලැබේවා. (නදී)
අපේ හාමුදුරුවනේ, මහත්තුරුනේ මෙතැනින්ම පේනවා පටන් ගත්ත වැඩේ අපිවිතුරුයි කියලා. දෙනෝ දාහක් මිනිසුන් පුජනියත්වයෙන් වැදුම් පිදුම් කරන මහා සඟ රුවන් පහත් ස්ථානයක හිඳුවා දේශපාලකයෝ ඉහල අසුන් වල හිඳුවා කරන මේ වැඩේ අපිවිතුරුයි. ඔබලා දකින්නේ හීනයක් පමණයි. මේ මහා සංඟරත්නයෙන්ම ඉල්ලා සිටින්නේ ඔබවහන්සේලගේ ගරුත්වය ආරක්ෂා වන අන්දමින් වැඩ කටයුතු කරන්න කියලයි. (නදී)
රතන හාමුදුරුවන්ට වූ විපත මෙන් විපතක් වනේ වන හතුරෙකුටවත් සිදු නොවේවා. අසේව නාච බාලානම් පණ්ඩිතානන්ච සේවනා. මේ බන පදය බුදු දහම අදහන ලොකු කුඩා ඕනෑම කෙනෙක් දන්නවා. (නදී)
යුගන්ත , මහින්ද මහත්තය රටේ දෙවෙනි පොහොසතා වුණේ කොහොමද ? සිංහලයන්ට, විහාර වලට අයිති ඉඩම් එයාලගේ අයිතිවාසිකම් මේ කට්ටිය ලබා දෙයිද ? රටේ ඉඩම් සුලුජාතින් කොල්ලකන එක නවත්තයිද ? නැත්නම් මූණ මාරු කිරීමක්ද ? යූ.එන්. පී.එකයි ජේ. වී. පී. නම් ඒවාට ගානක් නැති බව දන්නවා?(අ)
නේරා පොල්, මේ කට්ටිය එකතුවෙලා තෝරාගන්න යන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් මාස 6 කට. ඒ කාලයේදී ඒ පත්වෙන තැනැත්තා හෝ තැනැත්තිය අපේ රටට මහා විනාශයක් කරපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරලා අර ඉස්සර තිබුන විධිහට පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් තෝරාගන්නවා. ඒ පත්වෙන තැනැත්තා මස 6කින් අයින්වෙනවා. මේවා කටින් කියන පොරොන්දු නොවෙයි. ලිඛිතවම දෙන පොරොන්දු. අපිට ඇත්තටම දැන් ලොකු වෙනසක් අවශ්‍යයි. (නදී)
කරු ජයසුරිය මහත්මයා පමණක් නොවෙයි මංගල මහත්තයත් මේ රැස්වීමට නොගිහින් බැරි නිසා ආවා වගේ කියලයි මම දැක්කේ. ඒ දෙන්නම ඔයිට වැඩිය සෙනගක් බලාපොරොත්තු වුණා වෙන්න ඇති. නැත්නම් හොඳ පිළිගැනීමක් තැනට ලැබේවි කියල හිතන්න ඇති. ඇත්ත තමයි ඒ දෙන්නම ජනාධිපතිතුමා එක්ක එකට හිටිය නිසා මේ රැස්වීමේ උණුසුම හොඳ නින්දකට පමණක් ප්‍රමාණවත් කියලා හිතන්න ඇති. (අ)
මේ හැම දේම ජනතාවට භාරයි.(හේ)
මේගොල්ලන්ට 51% කට වැඩිය ඉතා පහසුවෙන් ගන්න පුළුවනි. දැන් රට විනාශ වෙලා අගාදයකට වැටිලා තියෙන්නේ. විශ්වවිද්‍යාල වල ළමයින්ගේ පවුල්වලින් විශාල ඡන්ද ප්‍රමාණයක් අනිවාර්යෙන්ම මේ අයට ලැබෙනවා. (නදී)
මෙය හොදයි. නමුත් ගැටළුව මේ පත්වන පුද්ගලයාට එය අහෝසි නොකර තමන්ට බලයේ සිටීමට හැකිවිමයි එයට අභියෝග කිරීමට මෙම ක්‍රමය තුල කිසිවකුට බැහැනේද. එවිට සිදුවන්නේ ඒ සදහා උද්ගෝෂණ කිරීමයි . එයින් සිදුවන්නේ මහජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අවුල්විම නේද. ඒ වගේම මෙම ක්‍රමය තුල නිති සම්පාදන බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයෙ වන පාර්ලිමේන්තුවට නේද. ඒක මේ අය දන්නේ නැද්ද. විධායකයේ බලය සීමා කළ හැකි වන පරිදි රටට අහිත කර ඇමති මණ්ඩලය සීමා කිරීමට,වංචා දූෂණ කරන්නවුන්ට දැඩි දඩුවම් පමුණුවන රටට වැඩදායක අණපනත් ගෙන ඒමට මෙම සංගමයේ සිටින පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් උත්සාහ දරු බවවත් පුවත් පතක ඔබ දැක තිබෙනවාද (අ)
හරි පිවිතුරු මහත්තුරු ටික ..(අ)