IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි

(ඩයනා උදයංගනී)

සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාව‍යේ නිරතව සිටිති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ. 

(ඡායාරූප: හිමත් මතීෂ)



අදහස් (24)

හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි

මහසෙන් Wednesday, 22 June 2022 11:19 AM

අගමැති පාර්ලිමේන්තුවට යනකම් ඉඳලද ගේ වට කෙරුවේ? ඔන්න ඔහොම තමයි අනික් වැඩත්. විපක්ෂය කියන්නේ ආණ්ඩුවට ගැලපෙනම කට්ටිය. යන්නේ කොහේද මල්ලේ පොල්...!

:       20       70

senaWednesday, 22 June 2022 11:56 AM

සමගි ජනබලවේගයේ හිරුනිකා පාර්ලිමේන්තුවට පත්කළ යුතුම කාන්තාවකි

:       94       25

senakaWednesday, 22 June 2022 02:27 PM

පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු වන්නේ ශීලාචාර, බුද්ධිමත් කාන්තවන් මිස මෑන්පවර් ඒජන්සි මගින් දුප්පත් සේවකයාගේ වැටුපෙන් ගසාකන්න නොවේ. රටේ පුරවැසියන්ගේ දැනගැනීම පිණිසයි...

:       5       48

Ranga Wednesday, 22 June 2022 11:45 AM

ඉතිං එහෙනං බොරුවට පාරවල් ගානේ කෑගහන්නේ නැතුව මෙයාලගේ නායකයා සජිත් ප්‍රේමදාස ආණ්ඩුව ගත්තා නං හරිනේ. අගමැති කම දෙන්න හදද්දී හැංගි හැංගි ඉදලා දැන් මේ දගලනවා. ඒ තියා රංජිත් මද්දුමබණ්ඩාර ගෙනාපු 21 වෙනි සංශෝධනයත් ජනමත විචාරණයකට තුඩු දෙන කාරනා 10 ක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරානේ. ඒ ලැජ්ජාව වහ ගන්න මේ බොරුවට කලබල කරනවා. පාර්ලි‌‌මේන්තුව වර්ජනය කරනවා. ඔහොම කරා කියලා ප්‍රශ්න විසදෙනවද?

:       15       87

SiriWednesday, 22 June 2022 12:44 PM

එපා කිව්වේ ගෝඨා යටතේ අගමැති වෙන්න අකැමැති නිසා...!

:       63       16

සුජිත් පල්ලේවත්ත Wednesday, 22 June 2022 01:07 PM

රටට අගමැති කෙනෙක් ඕනෙනේ මෙයාලා එපා කිව්වාට.. ඒ නිසා බාරගත් කෙනාට කරන්න දෙන්න.අකමැතිනං කරන්න ඕනා විශ්වාසභංගයක් ගේන එක මිසක් පාරවල් අවහිර කරලා සාමාන්‍ය ජන ජිවිතයට බාධාකරන එක නෙමෙයි.

:       4       57

de silva Wednesday, 22 June 2022 11:48 AM

ඔහොම යමු පෙරහරෙ කස කාරයා තමාහිරුනිකා , ඊට පස්සෙ අනිත් ටික සිදුවෙවි , මතකනෙ ගොබ්බසෙනගේ මිරිහනෙ ගෙදර මුලින්ම අවෙ හිරුනිකා අද ගොබ්බසේ ගෙදරත් නැහැනෙ ? එය ඉන්නෙ බංක්?

:       54       16

ajithWednesday, 22 June 2022 02:30 PM

හිරුනිකා කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක්, අගමැතිතුමාට අරලියගහ මන්දිරයට යන්න පරිසරය නිර්මාණය කළා.

:       4       23

SWISSWednesday, 22 June 2022 02:43 PM

මෙයා දරුවෝ ඉන්න අම්ම කෙනෙක් නේද..?? ලැජ්ජයි හැසිරෙන හැටි..! හැබැයි පුරාජේරුවට තාත්තගෙ වාසගමෙන් පෙළපාලි යන්නේේ.." ප්‍රේමචන්ඳ්‍ර " කියාගෙන...! එතකොට මෙයාගෙ මිනිහාට වාසගමක් නැද්ද..?? එයාගෙ වාසගම කෝෂගම කියල නිසාද.. ඒක දාන්නැත්තේ??

:       13       22

රට රකිනගේ Wednesday, 22 June 2022 04:33 PM

යකෝ සිංහල මිනිස්සු වාසගම ලෙසට ගන්නෙ පියාගේ වාසගම ඒකෙ අගට ගේ කියලා යෙදෙනවා . ඉංග්‍රීසීන් හා තවත් පිරිසක් ඒක වෙනස්ව පවත්වා ගන්නවා ප්‍රේමචන්ද්‍ර කියන්නෙ මුන්දැගෙ උප්පැන්නෙ නම. වාසගම සදහා වචනයක් හෝ දෙක තුනක් යොදා අගට ගේ කියලා යොදනවා. ඒක බොහෝ විට පරම්පරා ගණනක් ඉදිරියට යනවා.

:       9       5

pushkara Wednesday, 22 June 2022 11:52 AM

මහින්ද රාජපක්ෂ ඇයට දේශපාලනයට ඒන්නට උදවු කරා.

:       12       28

ganegoda Wednesday, 22 June 2022 11:53 AM

අර අහින්සක මනුස්සයව උස්සගෙන ගියාවගේ ... ඇයි රනිල්වත් උස්සගෙන යන්න බැරි.

:       2       45

Rata Perata Wednesday, 22 June 2022 11:56 AM

නියමයි. රනිල් ගෙදර හිටියත්, නැතත් සංකේතාත්මකව හරි මෙව කරන්න ඔන. මෙකෙ අදහස් දාන සමහර මිනිස්සු ගෑනු වගේ ගෙට වෙල් ඉදගෙන මෙ කරන ටිකත් විවෙචනය කර කර ඉන්නව.

:       57       27

Kule Wednesday, 22 June 2022 12:24 PM

පාලුගෙයි වලන්බිදීමක් ලක්ශ 55 ජනපදනමක් ඇති කාන්තා නියෝජනය ප්‍රදර්ශණය කිරීමක් ලැජ්ජයි.

:       9       36

ranjith Wednesday, 22 June 2022 01:02 PM

රනිල් කියන්නේ මහපොලවේ අඩිය ගහගෙන සිටින ජනතාවට සංවේදී නායකයෙක් නෙවෙයි. අද හාල් ටිකක් ගන්න විදිහක් නෑ... කන්න ඕනෙ වේල් ගැන පාර්ලිමේන්තුවේ කියනවා. ජනතාව ප්‍රතික්ෂේප කළේ එමනිසයි.

:       30       24

ganegoda Wednesday, 22 June 2022 01:08 PM

අර උද්ඝෝෂණ කාරයින්ට වතුර ගහන වාහන මෙතැනට එව්වා නම් හොඳට නාවලා ගෙදර යවන්න තිබුණා..

:       8       31

කිරි පුතා Wednesday, 22 June 2022 01:20 PM

මේ හැම කෙනෙක්ම කරන්නේ මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල්මයි. රජය විපක්ෂය හෝ දේශපාලනයට සම්බන්ධ සියලුදෙනා එහෙමයි. රට දියුණු කරන්න සාර්ථක වැඩ පිළිවෙලක් ඇතිව අවංකව ඊට කැපවෙන කිසිවෙක් පේන්න නෑ. සාමාන්‍ය ජනතාවත් කරන්නේ එකඑක පක්ෂ බදාගෙන අනෙකාට වෛර කරනවා. සමබරව සිතා සත්‍ය තේරුම් ගෙන විනයක් ඇතිව රට දිනවන්නයි මිනිසුන් පෙළ ගැසිය යුත්තේ...! 

:       3       27

fairoos Wednesday, 22 June 2022 01:23 PM

නිකන් විපක්ෂයේ ඉන්නවට වඩා අගමැතිකම අරගෙන සැපට ඉන්නවා. රට එහෙමමයි..! 

:       10       18

SUNIL MILANO Wednesday, 22 June 2022 01:33 PM

ලැජ්ජාවක් නැහැ. එලොවටත් නෑ, මෙලොවටත් නෑ..

:       7       38

විරාජ් Wednesday, 22 June 2022 01:59 PM

පිස්සු හොඳම එක

:       4       33

Dharma Wednesday, 22 June 2022 02:33 PM

අපිත් ළඟ ඉඳන්ම මේ නාඩගම බලා ගෙන හිටියේ. ඔතන හිටියේ කාන්තාවන් 18 ක් විතරයි. රාජිතත් හිටිය මාතර චන්දෙ ඉල්ලලා පැරදුණු මන්ත්‍රී කෙනෙකුත් හිටියා.

:       5       24

SWISS Wednesday, 22 June 2022 05:00 PM

රට රකින්නන්ගේ මෙන්න පිළිතුර... එතකොට හිරුණිකාගේ සැමියගේ තාත්තගේ පරම්පරා නාමය සොහොන් කොතටම සීමා වුණාද බැඳපු දවසේ ගහපු අත්සනින්ම..! අනේ පව්..!

:       0       2

Shantha - Qatar Wednesday, 22 June 2022 06:05 PM

බලන්න අපේ තියෙන හැදියාව... අපි කාටවත් හූ කියනවද?

:       1       6

BamunuarachchiThursday, 23 June 2022 06:29 PM

කටාර් වල ඉඳගෙන කාට හූ කියන්නද? ලංකාවට ආවොත් හූ නොවෙයි මොවුන්ට ගල් ගහන්න හිතේවි....

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 1 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 82 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 442 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 778 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 268 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 235 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site