
(සුජිත් හේවාජුලිගේ)
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
මේ පිරිසට හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන එම හිටපු ජනපතිවරු තිදෙනා වෙති.
මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, , ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න,ගාමිණී ලොකුගේ, , මහින්ද යාපා අබේවර්ධන , සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක , කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති.
මේ අතර පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී තරුණ උගත් අයට අවස්ථාව ලබා දීමට තමා තීරණය කළ බවයි.
මේ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති.
COMMENTS
තව 150කගේ විතර පස්සට ඡන්ද දායකයා ගහවි...
සුනාමි, ජොලිසීයා, හිටන් හුටං, කරු, වාසු, ගෙදර යනගමන් නොහොත් ලොකුගේ, ජනක, කිරිඇල්ල, විග්නේෂ්වරන් ඇතුළු සෙට් එක අපායට නාම යෝජනා දීලා තියෙන්නේ. අනික එවුන් බයේම කට්ටිය එකඑක ප්‍රමාණයට කරලා තියෙන වැරැදි වැඩ සෑහෙන්න තියෙනවා.
එක කතිරයයි තාම ගැහුවේ
පස්ස ගහනව කිව්වම මතක් වෙන්නෙම රනිල්ව
සමහරු ඉන්නේ වැල යන අත බලා මැස්ස ගහන්න.
මේ ඔක්කොම හොඳම හොරු . දේශපාලනයෙන්ම සමු ගන්නවා නම් හොඳයි
කවුරු පත් උනත් හොරකම් නම් කරන්න ලෑස්ති වෙන්න එපා
මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවසන් කරවපු එකට මාලිමාවට පින් සිද්දවෙනවා
උතුරෙ ජාතිවාදී දේශපාලඥයන් ඉවත්වුන පසු රටේ ජාතිවාදී ප්‍රශ්න ඉවරයි, උතුරෙත් දකුනෙත් සැමට සමාන , නීතිය සැමට සමානව සහ විනිවිද පෙනෙන පාලනයක් ජනගත උනහම 13,පලස් අරව මේව වැදගත් නැහැ.
ආණ්ඩුවේ වාහන නැහැ .ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නැහැ, ආණ්ඩුවෙන් ආරක්ෂාව නැහැ, කුඩු කසිප්පු ගල් වැලි ජාවාරම් කරුවන් ආධාර කරන්නේ නැහැ. ඉතිං කොහොමද දෙවියනේ චන්දය කරන්නේ.
උන්ටම උන්ම එපාවෙලා.
ශ්‍රී ලංකාවේ අනාගතය සුබයි.
අලුත්ම කට්ටියක් පාර්ලිමේන්තුවට යන එක හොඳයි. මාලිමාව ගැන සුපිරි සුදු කියන අන්ධ විශ්වාසය නම් මට නැහැ. නමුත් රට වෙනුවෙන් යමක් කරන්න හොඳ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනෑ.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි...
මේ කොටන කාටවත් අපේ රටේ සහ අපට ඇති ප්‍රශ්න ගැන අවබෝධයක් නැති හැටි, තවමත් බොරුවෙන් ඒ දෑ වසන්න එපා. අපට ඇත්තේ දරුණු ආර්ථික ප්‍රශ්නයක්, එයින් ගොඩ නාවොත් අපි අවසානයි.
ඇයි බොලං, ලංකාවේ බත් කන හරක් තවමත් ඉන්නවානේ... ඔබලා වගේ රට කන තක්කඩින්ට ඡන්දය දෙන්න. හිතුවාද එක මැතිවරණයෙන් බත් කන හරක් වඳ වුණා කියලා...?
බලය දෙමු මාලිමා රජයකට පාර්ලිමේන්තුවේ පුරාණ බල මුළුවකට සුද්ද කරමු ජඩ හොරු දූෂිත රැලම. මාලිමාවට ජය.
මෙයාලා රට පනීවි. හොරු රැළක්. පියවරක් ගත්තොත් හොඳයි.
ඉල්ලුවත් පරදින බව දන්නවා. පොලිස් ගාර්ඩ් නැති නිසා ඡන්ද කරන්න තබා තනියම එළියටවත් බහින්න බැහැ.. මිනිස්සු දකින දකින තැන ප්‍රසිද්ධියේ මූණටම බැණ වදිනවා..
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රටම ලෝකෙටම හිඟාකන තත්ත්වයකට පත්කරපු, කාලකන්නි බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන් සදහටම දේශපාලනයෙන් තුරන් වේවා...!