(විනීතා එම් ගමගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.
උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් මේ වන විට දැඩි සත්කාර වාටුටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් පසුගුය සමයේ දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසේ.
COMMENTS
හාමුදුරුවන්ට හැදුණේ නීති කඩලද නොවේ. රෝග ස්වභාවයයි. ඒ නිසා දැන්වත් හොඳ තීන්දු අරන් මේක පාලනය කරන්න අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතමි.
ඉක්මන් සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ...!!!
එක එකාගේ පින්තූර දාන්නේ කොරෝනා ප්‍රවර්ධනය කරන්නද? කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... වැදගත් දෙයක් දාන්න.
හාමුදුරුවනේ, මොන පවක්ද මේ පඩිසන් දුන්නේ...?
අපි සියලු දෙනාම උන්වහන්සේට ඉක්මන් සුවය පතමු...
මෙයා තමයි මුලින්ම සංඝයාවහන්සේලාව දේශපාලනයට ගෙනාවේ.. දැන් දේශපාලනයට ආපු සංඝයා වහන්සේලා බුද්ධ ශාසනය විනාශ කරනවා. සොබා දහම මොවුන්ට නියමිත දඬුවම ලබාදේවි. මොකද මේක බුදුන් තෙවරක් වැඩම කළ රටක්..
ඉන්නෙ නරක තැනක උනාට අදහස් ක්‍රියාවන් අගය කරමි. ජේ ආර් ගෙ සරසවි සිසුන් මර්ධනය හමුවේ නේවාසිකාාගාරයට පහරදීමට පැමිණි මැරයෙක් උන්වහනසේ අතින් සල්ලංවූ බව නොදන්නා අයට මතක්කරමි.මේ බොරු බණ දෙසමින් පිරිත් නූල් බඳින භික්ෂුවක් නොවෙි. ඉක්මනින් සුවවේවා
ඔබ වහන්ෙස්ට ඉක්මන් සුවය පතමි.