IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත්  නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය වැරදි පූර්වාදර්ශයක් බව කී ජයසේකර මහතා රටේ තිබෙන ඉහලම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම  සදාචාරයක් ඇති වැඩක් නොවේ යැයිද කීය. 

ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම  ගැන ස්තුතිවන්ත වන බව කී ජයසේකර මහතා ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන  කටයුතු කළ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාත් ඊළඟ වසරේ මහ මැතිවරණයට ඉල්ලා පාර්ලිමේන්තුවට ඒවි ද නොදන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (14)

හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා

Amal Wednesday, 22 November 2023 05:23 PM

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්න සුදුසු නැතැයි ජනතාව තීන්දු කළ කෙනෙක්. ඊළඟ මැතිවරණ තීන්දුව ඉතිහාස ගතවෙනවා!!! තමුන්නැහේලා ඔක්කොම ෆේල් හලෝ...

:       17       48

බලයWednesday, 22 November 2023 06:44 PM

අමල් කප්පරක් බොරු කියලා බලයට එන අය හා ඒ බොරුවලට රැවටෙන කප්පරක් මහජනයා ඉන්නකන් එහෙම වෙනවානේ...

:       1       23

abeygunasekarasampath95Monday, 01 January 2024 10:23 PM

පාස් කෙනා කවුද දන්නේ නෑ. අනෙක පාස් අය බයේ දිව්වේ මොකද? නැට්ට දෙපරන්දේ ගහගෙන ප්‍රශ්න එනකොට... මෝඩකමේ සීමාවක් තියෙන්න ඕනේ...!

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 22 November 2023 06:18 PM

මහින්ද එක්ක කුරුණෑගල එකට ඡන්ද ඉල්ලන විට මෙයාට මේවා මතක් වුණේ නැහැ... ඊළඟ ඡන්දයේදී සිරිසේන පාර්ලිමේන්තු එනඑක වළක්වන්න හිතාගෙන වෙන්න ඇති මෙයා මේවා කියවන්නේ...! ඔහේලාගේ වැදිබණ අහන්න දැන් රටේ මිනිස්සු සූදානම් නැහැ කියලා මතක තියා ගන්න හලෝ..!.

:       6       29

fairoos Wednesday, 22 November 2023 06:28 PM

ලංකාවේ ඉන්න බයියන්ට මේවා තේරෙනකොට රට ඉවරයි...

:       3       17

Bamunuarachchi Thursday, 23 November 2023 01:16 PM

ඈ බොල ගම්මිරිස් හොයන්න උතුරු ඉන්දියාවෙන් ආපු හම්බයින්ටද තේරෙන්නේ...?

:       4       0

සෞභාග්‍යයෙන් රට පෙරට Wednesday, 22 November 2023 07:44 PM

මෙයා කියන විදිහට හිටපු ජනාධිපති කෙනෙකුට එන්න නොදෙනවා වගේම ආවොත් අවසාන අවස්ථාවේ එනම් විශ්‍රාම ගන්නා අවස්ථාවේ හිටපු තනතුරට අදාල වන ලෙසට විශ්‍රාම වැටුප් ගෙවීමටත් කටයුතු කරන්න ඕනෑ.. (කිසිවක් නොගෙනාවා නම් වඩාත් හොඳයි) උදාහරණයක් හැටියට හිටපු ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ලෙසට විශ්‍රාම ගත්තා නම් මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා මන්ත්‍රී කෙනෙකුට හිමි වැටුප් අනුව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕනෑ... අනෙක් පහසුකම් දෙනවා නම් දෙන්න ඕනෑ කරන්නේ ඒ විදියටම තමයි.. හිටපු ජනාධිපති කෙනෙක් මන්ත්‍රී වුණොත් ජනාධිපති කෙනෙකුට ලබාදෙන නිලනිවාස අහිමි කරන්නත් ඕනෑ... අපි බලමුකෝ, කවුද එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නේ කියලා... අඩුම තරමින් මොහුවත් එහෙම කරයිද කියලා හිතන්න බැහැ...! 

:       0       26

ගමේ එකාලා Wednesday, 22 November 2023 07:51 PM

තමුන්ගේ වාසියට, පැවැත්මට, තණ්හාවට රිලව් වගේ එහෙට මෙහෙට පනින අවස්ථාවාදී කාලකන්නි දේශපාලුවන්ටත් මෙහෙම නීතියක් ගේන්න වටිනවා...

:       2       19

de silva berlin Wednesday, 22 November 2023 07:58 PM

ඔබතුමා ජනාධිපතිවරු පිළිබඳව ඉදිරිපත් කරන අදහසට මම විරුද්ධ නැහැ. නමුත් ඔබතුමාට තිබෙන්නේ වෙන ප්‍රශ්නයක් බව පෙනෙනවා එහෙට මෙහෙට පනින්නේ නැතුව පක්ෂ මාරු නොකර එක පැත්තක එක ප්‍රතිපත්තියක හිටියා නම් ඔබතුමාට මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔබතුමාගේ දේශපාලන අනාගතය විශාල ලෙස සෝදාපාලුවට ලක්වෙලා...

:       0       6

saki Wednesday, 22 November 2023 10:14 PM

මේ කියමන ඉතා වැදගත්...

:       2       1

keheliya Thursday, 23 November 2023 12:08 AM

මේ පෙරළිය කළ හැක්කේ මාලිමාවට පමණයි. ඒ නිසාම තමයි අද වෙන කොට මාලිමාව වටා ජනතාව එක් රොක් වී සිටින්නේ...!

:       1       7

Sampath AbeygunasekaraMonday, 01 January 2024 10:21 PM

මාලිමා කාරයෝ කොහොමද මිනිස්සු ඡන්දෙ ඉල්ලලා එන එක නවත්තන්නේ... මේ මිනිස්සු හිතන් ඉන්නේ ව්‍යවස්ථාව පැත්තක තියලා කැලෑ නීතිය හඳුන්වා දෙන්න. කවුරු ආවත් ලිමිට් එකක් තියනවා කියන එකවත් නොතේරෙන මිනිස්සු රටට බලය ඉල්ලීම විහිළුවක්...

:       0       0

Bamunuarachchi Thursday, 23 November 2023 12:11 AM

එලෙව්වාම නකුට කකුල් දෙක අස්සේ ගහගෙන ඉඳලා දැන් හිටපු අයට එන්න දෙන්න එපාලු...

:       3       5

නාරද රත්නායක Thursday, 23 November 2023 04:39 PM

ලංකාවේ දේශපාලකයින්ට ලැජ්ජා නහරේ නෑ. රජවෙලා බලුවෙනවා...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 94 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 248 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 55 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 89 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 130 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 448 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site