(ඉන්දිකා රාමනායක)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි.
මෙම තරුණයා ඊයේ (1) පස්වරුවේ වාහනයකින් අවදානම් සහගත ලෙස ශීත කරණයක් අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට උත්සහ කිරීමේ නිසා පොලිස් කොස්තාපල්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර පරීක්ෂා කිරීම සදහා මෝටර් රථය පිටුපස ගන්නා ලෙසට කළ දැනුම් දීමට උරණව ඇමැති පුතා සහ ඔහුගේ බිරිද පොලිස් කොමස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදි තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා බෙලිඅත්ත පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
මෙම සිදිධියට මුල් වු තරුණයා සමගිජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැතුව මෙහෙම නම්....... තැනක හැසිරෙන්නවත් උගන්නලා නැති තාත්තටත් දඬුවම් දෙන්න ඕන
ඔක ලංකාවෙ තියෙන නිදන්ගත රොගයක්. ඔකට බහෙත් නැහැ,,,,, ඒ් උනාට තාත්තකම් උඩපනින්නෙ රට හදනව කියල
අපේ මැති ඇමතිලා පුතුන් හදල තියන හැටි.
ඇයි හිටපු ඇමති කියලා දාන්නේ ? පොඩි මනුස්සයෙක් පොල් ගෙඩියක් කඩන් ගිහින් අහුවුනානම්, නම ගම ඔක්කොම එක්ක දාන්නේ... දිලිප් වෙදආරච්චිගේ නේද ?
විපක්ෂයේ ඉඳගෙන මෙහෙම නම් බලයට ආවොත් කොහොම තියෙයිද.
විවියන් ට ගහපු වෙලාවේ "ඇත්තේ සිරා ලිව්වා මෙහෙම එකක් " මේ බල්ලා බැද දමව් " කියල ඒ කිව්වේ පොලීසියට දැන් මේක පොලීසියට ගොන් පාට් දමපු මෙයාට කියන්න වෙලා හැබැයි එක මේ රටේ වෙන එකක් නැහැ මෙහෙව් එවුන් ලබන සැරෙත් වැඩිම මනාපෙන් දියවන්න පට්ටියට යනවා ෂුවර් !!!
පිය උරුමයෙන් ඊළගට රට පාලනය කරන්නේ මේ වගේ උන් නේ . ඉතින් මේක දිවුණු වෙයි ද ?
සිස්ටම් චේන්ජ් එක ඉක්මන් විය යුතුයි...
නිට්ටඹුවෙ වෙඩි තිබ්බේ වැරදි කෙනාට...! ඒක මෙතනත් වුනානම් " ප්‍රී-ෂූට් " එකක් හැටියට අමුවෙන්ම මාලු කෑව දකින්න තිබ්බා... ඒකෙ වටිනාකම එහෙමනම් කියා නිමකල නොහැක..!
සජබයට බලය ලැබුනොත් මොනවගෙ තත්වයක් තියෙයිද කියල හිතගන්න පුලුවනි, මෙ කලකන්නි දෙන්නගෙ හැසිරිම දැක්කම.
පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කළා කියා අත්අඩංගුවට ගත යුතුයි. එම නීතිය අලුත්කර දැඩි දඬුවම් පැමිණිය යුතුයි. ඇමරිකාවේ මෙන් හැම පොලිස් නිලධාරියාටම, මාංචු කුට්ටමක් දෙන්න. මේ වගේ අයව මාංචු දමා අත්අඩංගුවට ගන්න...
වහාම මේ දෙදෙනාව අත්අඩංගුවට ගන්න.
මේ දෙන්නව කෙලින්ම හිරේ දාන්න ඕනෑ ඇප නැතිව...
ඔය පළාතේ ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න ලොකු මිනිස්සු මැරයෝ.. ඔය පළාතෙන් ඡන්දෙ ඉල්ලපු උගත්, වැදගත් මිනිස්සු අද දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. මේ රස්තියාදු කාරයින් එක්ක වැඩකරන්න බැරි නිසා. මේ දේශපාලන සංස්කෘතිය ඇති කළේ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසිනි. දිලිප් වෙදආරච්චි සහ රාජපක්ෂලා හොඳ මිතුරන්... මේ ගොල්ලන් ඔක්කොම එක කණ්ඩායමක්. දෙපැත්තට බෙදිලා ජනතාව මුලා කරනවා.
ඔය වෙදආරච්චි රාජපක්ෂලාගේ කෙනෙක්. පවුලේ අයගේ හැසිරීමෙන්ම පේනවා...
අමු මාලූ කෑවම ඔහොම තමා. තාත්තා කන ඒවා යේ ඌෂ්නය පිටකරන්නේ පුත්තු තමා. ඔය වගේම......පුතෙක් කැලණිය පැත්තෙත් උන්නා
ඔක අපේ පොලීසියෙ අසමත්කම කනට 2ක් දීල ඇතුලට දාල තිබ්බනම් වැඩේ ඉවරයි
මහජන නියෝජිතයින් යයි කියා ගන්නා උදවිය, තමන් පත් කල මහජනයාට ඉහලින් වැජබීමට තැත් කිරීම තමා මේ රටට ඇති ලොකුම හෙනය.
ඉතින් අප්පච්චි කළ දේ පුතා නො කළොත් එයා නොට්ටිගෙ පුතා වෙනවනේ...
එහි සිටින්නේ ඔහුගේ බිරිඳ කියලා ශුවර්ද? හැසිරීම නම් මානසික රෝගයකින් පෙලෙන තැනැත්තියක් වගේ...!
මීහරක් වැඩ තමයි කරන්නේ. අසභ්‍ය වචන කියන මෙවැනි දුර්ජනයින් මීහරකුන්ටත් අන්තයි. මේ දෙන්නාව අල්ලලා හිරේ දැමිය යුතුයි.
පුතාව රජයට ගන්නට සුදුසු යැයි හිතනවා..
සිස්ටම් චේන්ජ් ක්‍රියාව, අරගලකරුවෝ නියමෙට කරලා තියෙනවා. දින 54න්, පොලිසිය බල්ලට දමා... නිවාස 100ක් ගිනිබත් කොට, මන්ත්‍රීවරු අමුඅමුවේ මරා දමනවා. නියම තත්වයක් රටට උදකරලා දුන්නේ... !
රටේ මේ අවස්ථාවේ තිබුණේ සජබ ආණ්ඩුවක් නම් මේ පොලිස් නිලධාරින්ට කුමකින් කුමක් සිදුවේද? දරුවන්ගේ වැරදි වලට අප්පලා වැරදිකරුවන් නොවේ යයි යමකුට කිව හැක.
රටේ මේ අවස්ථාවේ තිබුණේ සජබ ආණ්ඩුවක් නම් මේ පොලිස් නිලධාරින්ට කුමකින් කුමක් සිදුවේද? දරුවන්ගේ වැරදි වලට අප්පලා වැරැදිකරුවන් නොවේ යයි යමකුට කිව හැක. එහෙත් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමේදී දේශපාලක දරුවන් මදාවින් වී සාමාන්‍ය පුරවැසියාගේ දරුවන් පමණක්ද සුචරිත විය යුත්තේ...?
කතාකරන්න දන්නේ නැති තිරිසන් ජාතියේ අය... පොලිසියට බනින්න හොඳ නැහැ. එයාලා අපේ රට වෙනුවෙන් නායක පිරිස බලය පෙන්වන්න හදන්නේ...
මෙයාගේ තාත්තාව සජබෙන් එළවන්න. නැත්නම් අපි ඡන්දේ දෙන්නේ නෑ..!
දෙන්න ඕනෙ කන පුපුරන්න. එතකොට තමයි මහඑවුන්ට උණ ගැනෙන්නේ...!
මෙම වීඩියෝව මම දැක්කා. හරිම අපූරුයි කතා විලාසය.. බලය නැතිදා මෙහෙම නම්, බලය ඇතිදා කොහොම රඟයිද?
අපේ බදුමුදලින් නිකන් ලැබෙන නිලඇඳුම ඇඳගෙන හාල්පාරුවෙක් ඉස්සරහ බාල්දු වෙච්චි පොලිස් රාලහාමිගේ වැඩ තහනම් කරන්න ඕනේ...
අම්බරුවෙක්ගේ පුතෙක් අම්බරුවෙක් වෙනවා මිසක් වෙන මොකෙක් වෙන්නද?
කොමිසමක් පත්කරලා මේ අයව අල්ලයි...