
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආණ්ඩුව වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ හැකි ඉක්මණින් මානුෂික ආධාර ලබාගෙන දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකාව තවමත් ආර්ථික අර්බුදයේ ආරම්භයේ සිටින බැවින් ඉදිරියේදී තවත් අසීරු වියහැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකාව මේ වන විට ණයවර ලිපිය විවෘත කර භාණ්ඩ ආනයනය කළ නොහැකි තත්වයකට පත්ව සිටීම නිසා තත්වය වඩාත් තීරණාත්මක බවත් ආණ්ඩුව මේ මොහොතේ හැකි ඉක්මණින් මානුෂික ආධාර ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා කීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලුවට රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාවයේ ඌනතාව වඩාත් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති බව කී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිතාව ඉහළ දැමීමට පුහුණුවීම් වැඩිකළ යුතු බවත්ය.
රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ඵලදායිතාව වැඩිකරගැනීමේ හැකිය නොමැති බව කී මහාචාර්යවරයා ඒ සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
COMMENTS
රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කරගැනීමට ඔය වෘත්තිය සමිති ටික විසුරුවලා ඉන්න ඕන. නැත්නම් වැඩ වරන එකම තමයි හැමදාම. වැඩ වෙලේ හර්තාල් කරලා වැඩ ඇරුනම ගෙදර යනවා. මාසෙ අන්තිමට පඩිය ගන්නවා
මෙය සත්‍යයකි. ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම අනුමත කරවා ගැනීමට ඉංජිනේරුවා ඉතා දීර්ඝ කලක් ගන්නා පසුබිමක ව්‍යාපාර බිහිවන්නේ කෙසේද? කිහිප දෙනෙක් හැර රාජ්‍ය සේවකයන් උණු වතුර බෝතලයයි කෑම පාර්සලයයි අත ඇතිව තම සගයන් සමග සතුටු සාමිච්චියේ යෙදෙමින් කෑම සදහා උදේට පැයක්ද දවල්ට පැයක්ද ගන්නේ කිසිම හැගීමක් නොමැතිවය. සමහරෙක් දරුවන් පාසැලට ඇරලවීමටද, මගුල් ගෙයට සහ මළ ගෙවල්වලටත් තම අසුනේ දකින්නට නැත. මෙි සා කාලය කා දැමීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට පුරුද්දක් නැත. පක්ෂ බෙදී වෘත්තීය සමිති විරෝධතා කරන්නේ තම යුතුකම ඉටු කිරීමෙන් පසුවදැයි තමාගෙන්ම අසා දැන ගැනීම වටියි. මක්නිසාද වර්ජනයකදී වැටුප් ගැනීම සදාචාර විරෝධී වන බැවිනි.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ ඵලදායි අතන නොවේ. ගස් ලංකාවේ දක්ෂ සිසුන් හිටියට ඔය කියන ආචාර්ය මහාචාර්ය ගොල්ලෝ දක්ෂයෝ නෙමෙයි.
මේ මාාාර සොයාගැනීම් ටික කරපු මෙතුමා මෙච්චර කල් කොහෙද දන්නෙ නැහැ හිටියෙ?
තාම මේ රටේ මිනිසුන්ට දැනුමක් නෑ . ඔය තත්ත්වය අවබෝධ කරගන්න . නහය ට උඩින් වතුර යන්නම ඕන . හැබැයි ඒ තමන්ගේ ම.
හැකි සෑම විටකම අසරණ වූ මහ ජනතාව වෙනුවෙන් උදව් උපකාර කරන්න පුළුවන්කමක් තිබෙන ජනතාව උදව් උපකාර උපරිමයෙන් කරන්න.
අගමැතිතුමාට කියන්න වැඩිපුර මුදල් අච්චු ගහලා ශ්‍රී ලංකා දෙරණේ උපන් ජනතාව හැකි ඉක්මණින්ම ගොඩදාන්නයි කියලා...