
(ගයාන් සූරිය ආරච්චි)
පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ‘හෑෂ්‘ මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 433 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 100 ක්, මිනුම් උපකරණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(12) සවස අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 52 සහ 54 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයිජීරියාවේ හෑෂ් එක්ක මිනිස්සු අළු මිශ්‍ර කරලා පානය කරන තරම් අදම මිනිස්සුන් බිහි කරපු මත්ද්‍රව්‍යයක්.