(ටී.කේ.ජී.කපිල )
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල එළඹෙන 07 දින දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය .
සූර්යයා සෑම වසරකම දෙවරක් අප රටට ඉහළින් මුදුන් වන බවත් , ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම එළඹෙන 07 දින දහවල් බලා ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මෙසේ ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන් වීම හෙට (04 ) දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වන අතර , පුරා දින 10 ක පමණ කාළයක් , සූර්යයා එසේ ශ්‍රී ලංකාවට ඉහලින් විවිධ ප්‍රදේශ වලට දහවල් කාළයේ මුදුන් වන බවත් , එළඹෙන 15 දින එය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී සිදු වන බවත් , ඉන්පසුව එම මුදුන් වීම ශ්‍රී ලංකාවෙන් බැහැරට යන බවත් අනුර සී.පෙරේරා මහතා පැවසීය .
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා 07 දින දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කදවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සදහන් කළේය .
මෙම කාළය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිත අතර , රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සදහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හෙවනැල්ලත් නැතිවෙන මොහොතක්
රනේ Thursday, 03 April 2025 11:57 AM
අපේ හෙවනැල්ල අපිව දාල ගිහිල්ල ගොඩක් කල්..
ravin Thursday, 03 April 2025 12:55 PM
ඒත් එක්කම දුෂිත දේශපාලුවොත් අපෙන් දුරුවෙනවා නම්?
Chandrasiri Thursday, 03 April 2025 02:53 PM
කළ හොද සෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා කියල බුදු දහමේ දැක්වෙනවා ඒකත් අපව හැරයාමට අපි කල වරද ?