
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගං වතුරට යටවි වසා දැමු හලාවත මහ රෝහල යළි යථා තත්වයට පත් කිරීමට රෝහල් වෛද්‍ය කාර්ය මංඩලය ඇතුළු සියලුම අංශ යුද හමුදාව සමග එක්වි අද(2 ) දින පිරිසිදු කිරීම් ආරම්භ කල බව රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.
මහ වැසිත් සමග ඇතිවු ගංවතුර තත්වයෙන් හලාවත මහ රෝහල දැවැන්ත ජල කදකින් වැසි යාමත් සමග එහි සිටි සියලු රෝගීන් වෙනත් රෝහල් වෙත ගුවනින් හා බස් රථ යොදා ගනිමින් යැවිමට කටයුතු කර රෝහල නැවත යථා තත්වයට පත්කරන තුරු වසා දැමිමට කටයුතු කර තිබුණි.
එලෙස වසා දැමිම සිදුවයේ රෝහලේ සියලු වාට්ටු ඒකක ජලයෙන් යටවි සිටි ස්කෑන් යන්ත්‍ර හා ශල්‍යාගාර ඇතුළු සියලු වෛද්‍ය උපකරණ ගලා ආ ජලයෙන් පිරි යාමත් සමඟ විනාශ විමත් සමග බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නට විය.
මෙලෙස වසා දැමුණ හලාවත මහ රෝහල කඩිනමින් ආරම්භ කිරීමට 2 දින රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන්, ඇතුළු අනිකුත් කාර්ය මංඩලය සමඟ යුධ හමුදාවේ බෝයගනේ නිළධාරින් හා අනිකුත් යුධ හමුදා සාමාජීකයින් 150 කට ආසන්න පිරිසක් එක්ව තිබු අතර එම පිරිස සියලුම වාට්ටු ඒකක පිරිසිදු කරමින් අදාල කටයුතු ආරම්භ කිරීම සදහා තම දායකත්වය දක්වා තිබුණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වැඩි දුරටත් පවසා සිටියේ රෝහල් භාහිර අංශ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සදහා මේ වන විට අදාල කටයුතු සැලසුම් කර ඇති බවය.

2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාවත මහ රෝහල පිරිසිදු කරයි