
(රෝෂන් තුෂාර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ රහස් ප්‍රකාශයක් අද(06) ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතිි අතර මොහොමඩ් පාරිස් නැමැති සැකකරු මෙසේ රහස් ප්‍රකාශය ලබා දුන්නේය.
මීට පෙරද එක් සැකකරුවකු රහස් ප්‍රකාශයක් ලබා දී තිබිණි.
සමිත මණ්ඩාර, මොහොමඩ් පාරිස් , සුරංගි උදේසිකා , රුවන් තුසිත, මොහොමඩ් සස්නි සහ මොහොමඩ් සෆ්රා සැකකරුවන් මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරන අතර සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා හා දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අධිකරණය මගින් නියෝග ලබාගෙන ඇත.
සැකකරුවන් ලබන 12වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර ඊයේ රහස් ප්‍රකාශය ලබා දුන් සැකකරුද යළි එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හල්ලොලුවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක්ගෙන් රහස් ප්‍රකාශයක්
නිර්මාල් Saturday, 07 June 2025 02:57 PM
වෙඩි තියපු එකත් රිමාන්ඩ්, වෙඩි කාපු එකත් රිමාන්ඩ්. අයි ඒ දන්නේ නෑ.