IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හෙලිකොප්ටර් ටෙන්ඩරය ගැන කියන්න කල් ඉල්ලයි


(යොහාන් භාසුර)


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානා 4ක සම්පූර්ණ අලුත්වැඩියාවට අදාල ටෙන්ඩරය කොන්දේසි ලේඛන සම්පූර්ණ නොකළ බව කියන සමාගමකට දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතියක කාලයක් ඉල්ලා සිටියේය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ඒ පිළිබදව කළ විමසීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඊලඟ සතියේ පිළිතුරක් දීමට කටයුතු කරන බව පැවසීය.


මෙම ටෙන්ඩරය සඳහා සමාගම් තුනක් ඉදිරිපත්වී ඇති අතර ඉන් ආරක්ෂක අමාත්‍යාංශය අදාල ආයතනයට ටෙන්ඩරය ප්‍රදානයකර ඇති බවත් එම ටෙන්ඩරය දීමේදී කොන්දේසි හතරක් සපුරාලීම අත්‍යාවශ්‍ය වන අතර එහි ප්‍රධානතම කොන්දේසිය වන හෙලිකොප්ටර් අලුත්වැඩියා කිරීමේදී අදාල හෙලිකොප්ටර් නිෂ්පාදනය කළ සමාගමේ අනුමැතිය ගැනීම අනිවාර්ය බවත් කියවේ.


අදාල අලුත්වැඩියා කටයුතු කරන ජෝර්ජියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ගැනීම දෙවැනි කොන්දේසිය වන අතර එම අධිකාරිය ටෙන්ඩරය ලැබුණේ යැයි කියන එම සමාගමට අනුමැතියක් දී නොමැති මෙන්ම එම අධිකාරිය අලුත්වැඩියා කටයුතු කිරීමට විරුද්ධත්වයක් නොමැති බවට දැනුම්දීමක් පමණක් කර ඇති බව පැවසේ.


2022 වසරේ සිට මෙම හෙලිකොප්ටර් යානා එම අධිකාරියේ ලියාපදිංචි කිරීම ද කර නොමැති යැයි ද ජෝර්ජියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාල සමාගමට යොමුකර ඇති ලිපියේ සඳහන් කර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ. 



අදහස් (0)

හෙලිකොප්ටර් ටෙන්ඩරය ගැන කියන්න කල් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site