
(නිමල් ජයරත්න )
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිදු කළ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ ස්ථානයක් වටලා පුද්ගලයින් 12 දෙනකු අද(14) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම වැටලීමේදී එහි කළමනාකාරවරයෙකු ඇතුළු සේවකයින් දොළොස් දෙනෙකු, කලවම් කරන ලද පොහොර මිටි දාහකට ආසන්න සංඛ්‍යාවක්, මෙන්ම පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත්උ පකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි.
ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයිද පොලීසිය කියයි. වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක් සහ,පොහොර බෑග් මහන මැෂින්, වැඩි මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කීපයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2356
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
Lalan Chamindika Wednesday, 14 May 2025 05:23 PM
ඇයි නම දාන්න බැරි