(රන්ජන් කටුගම්පොල)
විද්‍යුත් වීසා ලබා දීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය පසුවට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
ඒ අනුව අධිකරණය අපහාසය සම්බන්ධයෙන් නඩු විභාගය සහ මීට අදාළ පෙත්සමේ විභාගය සඳහා මැයි 8 වෙනිදා කැදවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරීණ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන ප්‍රීතිමත්ම සූරසේන ගාමිණී අමරසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙනූ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලක වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවා දායකයා මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කර සිටින බැවින් ඔහු ඇප මත මුදා හරින් යැයි කිය.
දැනට මේ අදාල ප්‍රශ්නය නිරාකරණය වී ඇති බැවින් පෙත්සම කරුවන්ද තම සේවා දායකයාට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බවද කියා සිටියේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හර්ෂ ඉලූක්පිටියට ඇප දෙනවා ද?නැද්ද? තීරණය පසුවට
Sudath Wednesday, 29 January 2025 02:23 PM
ටිරාන්ගේ උණ ඇඟට අරගන්නේ නැතිව රටේ පවතින නීතියට අනුව වැඩකළා නම් දැන් කෙන්දිරිගාන්න වෙන්නේ නැහැනේ මහත්තයෝ... අඩුම තරමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගත්තා නම් මෙහෙම බලු වෙන්නේ නැතිව තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන ඉන්න තිබුණා.