IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරිවරයකු ලවා පරීක්ෂා කර ඔහුට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද (14) නියම කළේය.

රෝගී තත්වයන් කිහිපයකින් පෙළෙන තමාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවත් තමාට ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව මිස වෛද්‍ය නිර්දේශ අනුව නොවන බව විත්ති කුඩුවේ සිට පවසමින් ‘හරක් කටා‘ නමැත්තා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතතුරුව "වේදනාව දැනෙන්නේ රෝගී තත්ත්වයෙන් සිටින පුද්ගලයාට පමණක්” බව සඳහන් කරමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී එලෙස නියම කළ විනිසුරුවරයා නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරියකුට පහර දී පලා යෑමට කුමන්ත්‍රණය කීරීම, ඒ අනුව පළා යෑමට තැත් කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා 22 යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යෑමට සුදානමින් සිටි වාහනයේ රියදුරු බව කියන හිටපු පොලිස් කොස්තාපත්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.

හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් විනිසුරුවරයා වරෙන්තු නිකුත් කර ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක කටා නමැත්තා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ විශේෂ ආරක්‍ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර ‘හරක් කටා’ නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තම සේවාදායකයා රැඳවුම් භාරයේ පසුවන හෙයින් ඉදිරි දිනයේදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමට අපේක්‍ෂා කරන්නේ යැයි කීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා නඩුව ලබන 28 වැනිදා කැඳවීමටද නියම කළේය.



අදහස් (5)

‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි

පිටරටවැසියා Wednesday, 14 May 2025 05:44 PM

වේදනාව දැනෙන්නේ, කුඩු ගහන එකාගේ වදාපු දෙමව්පියන්ට. වේදනාව දැනෙන්නේ, නිකරුණේ වෙඩිකාල මැරිච්ච මිනිස්සුන්ගේ වැන්ඳබු වෙච්ච ගෑනුන්ට.

:       0       1

Nandana Wednesday, 14 May 2025 05:52 PM

ආයුධ පෙන්නන්න ගෙනියන්න බෙහෙත් ඕනේ නැහැ .ලෙඩ සනීපයි

:       0       1

fairoos Wednesday, 14 May 2025 06:49 PM

මෙවැනි අපරාද කරුවන්ටත් නීතීඥ මහත්වරු ඉන්නවානේ...

:       1       16

Janahitha uae Thursday, 15 May 2025 07:02 AM

Nadiun මහතා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු

:       0       0

Bunny Preena Thursday, 15 May 2025 09:42 AM

හරක් කතා කියන තැනැත්තා උසාවියෙන් එලියට ඇවිත් , පොලිස්පති දේශබන්දු සහ ඇමති ටිරාන් අලස් , ඔහුගෙන් රුපියල් කෝටි 30ක අල්ලස් ඉල්ලූ බවට කරන චෝදනාව සම්බන්ධ මෙම පුවතෙහි සඳහන් නොවන්නේ කුමන හේතුවක් නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site