
(මහින්ද නිශ්ශංක)
හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 80ට අළෙවි කළ හයිලන්ඩ් යෝගට් එකක නව මිල රුපියල් 70ක් බව මිල්කෝ කිරිපිටි සමාගමේ අලෙවි හා විකුණුම් කළමනාකරු සම්පත් ගුණරත්න මහතා පැවසීය.
මෙයට අමතරව මිල්කෝ සමාගම මඟින් නිෂ්පාදනය කරන දියර කිරි වර්ගවල මිලද අඩු කර ජනතාවට සහන සලසා ඇතැයි ද කළමණාකාර සම්පත් ගුණරත්න මහතා සඳහන් කළේය.
මෙතෙක් රුපියල් 225 අළෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ කල් තබාගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 200 දක්වා ද රුපියල් 200 ට අලෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ පැකට්ටුවක මිල රුපියල් 170 දක්වා සහ රුපියල් 440 ට මෙතෙක් අළෙවි කළ මිලිලීටර් 900 ප්‍රමාණයේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වා රුපියල් 60 කින් අඩු කළ බවත් අලෙවි හා විකුණුම් කළමනාකරු පැවසීය.
COMMENTS
දැන් මාසෙකට විතර ඉහත හයිලන්ඩ් යෝගට් එකක් 60 ට දුන්න, එක වැඩි කළා 70 වෙනකම්. දැන් ආපහු රුපියල් 10ක් වැඩි කර තිබෙනවා. මේවා ඡන්ද ගුණ්ඩු නොවෙයිද? කොහොමද මාස දෙකක් ඇතුලේ ඔය වගේ මිල වෙනසක් වෙන්න බලපෑව හේතු?
කිරි පිටි මිළ ඊට සමගාමීව අඩු කරන්නේ නැද්ද? මේ පුවත් පතේම එක්තරා පුවතක් තිබුනා කිරි පිටි මිළ වැඩි කල නිසා කිරි තේ එකක මිළ රු 10කින් ඉහල දැමිය යුතු බව කියමින්.
බොහොම ස්තුතියි! ලබුදූව වගේ රජයේ ගොවිපල වල හැමදේම පුදුම මිළයි. ඒවත් පහල දමන්න.
පුනුරුදේ කිරි ඉතිරෙනවා අනේ ! ගැස් කඩේට ගියාම තමයි තේරෙන්නේ රුපියල් 10 වගේ නෙමෙයි මතක හිටින්න දීල තියෙනවා කියල!
මුදිත් කහපාට වෙනුවට නිල්පාටට යන්න, කහපාට උන්නැහැ හරියට කරන්නෙ නැහැ.
අනේ, ... මේවාගේ කොමෙන්ට් දාන අපේ රටේ බත් කන පුරවැසියනි... අපි ගෑස් එකක් සාමාන්‍යයෙන් ගෙවල් වල ගන්නේ මාසෙකට වතාවත්.. (මාසෙකට රු.450 වැඩි වුනා) ඒත් අපි යෝගට් එකක් බොහෝ විට දිනපතාම වගේ කනවා.... (රු.10 කින් අඩු වුනා කියන්නේ අඩුම මාසෙකට රු.200 ක් අඩු වුනා කියමු.) තෙල් ලීටරේ රු.10 කින් අඩු වුනා (දවසකට අවම රු.100 බැගින් මාසෙකට රු.3000.00 අඩු වුනා) කිරිපිටි පැකට් එක රු.150 කින්ද වැඩි වුනේ.... ඉතින් බී ලූණු, අල එහෙමත් අඩුයි මගේ හිතේ..... ඔයාලා ආණ්ඩුවෙන් බලා පොරොත්තු වෙන්නේ සෑම දෙයම නොමිලේ ලබා දෙන්න කියන එකද? ඔහොම ගියොත් කසාද බඳින්නත් ආණ්ඩුවෙන් ගෑණියෙක්ව ඉල්ලයි හොයලා දෙන්න කියලා?.... දැනට වුනත් මම හයිලන්ඩ් යෝගට් එක ගන්නේ රු.65.00 ට හට හොට ඉඳන් රු.55.00 ට ගන්න පුළුවන්.
ගුණරත්න බොරු කියන්න එපා. දැන් කාලෙක ඉදන් හයිලන්ඩ් යෝගට් එකක් 80යි. වැඩිපුර ගන්නකොට ඩිස්කවුන්ට් දාලා දෙනව කඩෙන්. හයිලන්ඩ් එකේ ග්‍රැම් 90ක් තියෙනවා අනිත් ඒව ග්‍රෑම් 80යි.
ගිය ආණ්ඩුව තියෙන වෙලේ රනිල් ඉන්දියාවේ අමුල් AMUL කිරි අඩු ගානට ලංකාවට දෙන්න හදන්න ගියා. එතකොට ලංකාවේ කිරිපිටි එක රු1000ට වඩා විකුණන Highland කට්ටියයි,1000ට වඩා දීලා අරන් කිරිපිටි එක බොන එළ හරක් ජනතාවයි, අනේ අපි කිරිවලින් ලාබ ලබනවානේ අපට පාඩු කරන්න මොකටද ඉන්දියාවේ කිරි අරන් කියලා වැළලුණා. උඹලාට හොඳ නම් මට මොකද කියලා රනිල් ඒක අකුළා ගත්තා. බුද්ධිමත් අනුර ඒ වෙලේ ඒකට මොකුත් කිව්වේ නෑ. එයත් කට වහගෙන ඉන්දියාවට ගිහින් AMUL සමාගමේ factory වල කිරි නිෂ්පාදනය බලලා, අධ්‍යයනය කරලා ආවා...!