(සුජිත් හේවාජුලිගේ)
ෆයිසර් එන්නත් යුදහමුදාවට ලබාදී විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව විවිධ ප්‍රදේශවල විවිධ වයස් කාණ්ඩවලට ලබාදීම අනුමත නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි .
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා සුළු ප්‍රමාණයක් නිකුත් කරන අවස්ථාවක යුද හමුදාවට කිසිදු හිඟ තාවයකින් අඛණ්ඩව එන්නත් සැපයීම සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
උයන්වල, වෙන වෙන තැන්වල එන්නත්කරණය සිදු කිරීමට වඩා එම කටයුත්ත සිදුකිරීමට සුදුසුම ස්ථානය රෝහල් පද්ධතිය බවද කල්ප කාලාන්තරයක් තිස්සේ මේ රටේ එන්නත්කරණය රෝහල් පද්ධතිය හරහා ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කළ බවද ඔහු සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවකට අනුව ජනාධිපතිවරයා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල එන්නත්කරණ ක්‍රියාවලියට සමගාමීව රෝහල් පද්ධතියද ඊට අනුබද්ධ කිරීම අනුමත කළ බව පැවසූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා එම වැඩපිළිවෙළ හරහා එන්නත් මාත්‍රා ලක්ෂ 5 සීමාව ඉක්මවා දෛනිකව ලබා දිය හැකි බව ක්‍රියාවෙන් සනාථ කර ඇති බවත් හෙතෙම පැවසුවේය
රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්නත් මධ්‍යස්ථාන වෙත එන්නත් සුළු වශයෙන් නිකුත් කිරීම නිසා අද එම මධ්‍යස්ථාන වල අධික තදබදයක් ඇතිවී ඇති බවත් එම තදබදය ජනතාව දැඩි අවදානමට ලක් කරන්නක් බවත් වෛද්‍යවරයා කීවේය.
ලෝකයේ කීර්තිමත් පිළිගැනීමක් ඇති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සහ එන්නත්කරණ වැඩසටහන අපකීර්තියට පත් කරමින්ද ජනතාව අපහසුතාවයට හා අවදානමට ලක් කරමින්ද කරගෙන යන මෙම ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද පැමිණිලි කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.
COMMENTS
හා හා තමුන්ලාගේ දරුවන්ට විදගන්න බැරි හින්දා දැන් ඒකටත් වැරැද්දක් හොයනවා...
දොස්තරලගේ හිතවතුන්ට දෙන්න තිබුන ෆයිසර් එන්නත් ටික හමුදාව දුන්නම හරියනවද.?
මෙච්චර කාලයක් එන්නත්කරණය කළේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ. දැන් මේ පවතින්නේ විශේෂිත අවස්ථාවක්. වැඩේ හරියටම කෙරෙනවා. මෙයාලාට ඕන හැම එකම තමන්ගේ යටතේ තියාගෙන තමන්ගේ බලය පෙන්වන්න. මමත්වයේ දැඩි භාවය. වැඩේ හරියට කෙරෙනවා නම් ආයේ මොකුත් කතා ඕනෑ නෑ.
ලෝකයේ කීර්තිමත් එන්නත්කරන වැඩසටහන කම්බිවැට යටින් එන වෛද්‍යවරුන්ගේ පවුල්වලට ලබාදීම මගින් අපකීර්තියට පත්වන්නේ නැතිද? අසීලාචාර ලෙස තම පවුල්වලට තම නිලබලය යොදා ෆයිසර් එන්නත වෛද්‍යකාර්ය මණ්ඩලය ලබාගැනීම වෛද්‍ය සංගමය අනුමත නොකරන ක්‍රියාවක් බවට ප්‍රකාශකිරීමට මැලිවන්නේ ඇයි? වෛද්‍යවරුන්ගේ අක්‍රමිකතා නිසා එන්තත් කරණය අප්‍රසාදයට පත්වුවද තවම යුදහමුදාව පිළිබද විශ්වාස සාමාන්‍ය ජනයාගේ කඩවී නොමැතිබව කිව යුතුමයි...
එතකොට අනිත් සෞඛ්‍ය සෙවකයන්ගෙ පවුල් වලටත් නොදී වෛද්‍යවරුන්ගේ පවුල් වලට ප්‍රසිද්ධියෙ විදගෙන, ගාල්ලෙ ඇවිත් පවුල් පිටින් විදගෙන, කම්බි වැටවල් වලින් රිංගල විදපු, එන්නත් 13000 හොරෙන් ඉස්සුවෙ මොන පදනමෙන්ද? මොන ක්‍රම වේදයද කියල කියන්න.
ඔයාලා ගහපු විදියට ගැහුවානම් දැනුත් දවසට 5000 වගේ තමයි.
බලාගෙන ගියාම හැම විරෝධයකම පදනමක් නැහැ. වැඩේ හරියට කරන එක බලාගෙන ඉන්න බෑ.
වෙන කටයුතු කෙසේ වෙතත් යුධ හමුධාවේ එන්නත් කරනයනම් ලස්සනට පිළිවෙලට කරනවා.
කවුරු කෙරුවත් කමක් නැහැ අපිට, මේ කුහක කම අත්හරින්නකන් ලංකාවටව හරියන්නේ නැහැ.
මේ දොස්තර මාෆියා නඩයට ඒ බිස්නස් එක අතට ගන්න බැරිවීම ගැන විශාල කනගාටුවක් ඇති. ඔය කල්ලියේ නායකයින් කිහිප දෙනා තමයි මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්නේ. හමුදාව එන්නත් ක්‍රියාවලිය ඉතාමත්ම විදිමත් ලෙස කරනවා ඔවුන්ට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. ඇත්තටම ,කවුද ඔය මාෆියා කල්ලි නායකයින්ගෙන් ප්‍රතිකාර ගන්න යන්නේ? අනික ඔවුන්ට මයික් ඉදිරියේ කරපටිය දාගෙන රගනවට වඩා වෙන යමක් කරන්න වෙලාවක් තියනවද? ඔය මාෆියා කල්ලිය සතු මුදල් විගණනය කිරීමට රජය පියවර ගත යුතුයි. ඒ වගේම ඔය මුදල් රාජසන්තක කිරීමට පියවර ගත යුතුයි.
මේ දොස්තර මාෆියාව රටටම පිළිලයක්. හමුදාව නිසා එන්නත්කරණය හරියට කෙරෙනවා.
විද්‍යාත්මකව කෙසේ වුවත් තමතමන්ට එන්නත් ගසා ගැනීම නම් කොවිඩ් එන්නත් කරණයේදී මේගොල්ලෝ ජයටම කලා.
ෆයිසර් එන්නත් දීම හමුදාවට පැවරීම ගැන GMOA දැන් අඬලා වැඩක් නැත. මේ පලදෙන්නේ කළ කම්වල විපාකයි. රෝගී මරණ අඩුකරන්නටවත් වැඩකරන්න.
අපිට හමුදාව හරියට කරන බවට විශ්වාසයි
හමුදාවෙ වෛද්‍ය, හෙද සෙබළ සෑම දෙනෙක්ටම මිනිස්සුන්ගෙ හිත නොරිද්දවා විනය පාලනය කිරීමට හැකිවුනා. ඇත්තෙන්ම හමුදාවල හැමෝම පාහෙත් ගත්තෙ සයිනොෆාම් එන්නත තමයි. ත්‍රිවිධ හමුදාව කියන්නෙ ජාතික ඵලදායි සම්මානය පිට පිටම දිනන ආයතන. සිස්ටම් එකක් මුල සිට අගට නොවෙනස්ව ගෙනියන්න පුදුම ශක්තියක් ඒ අයට තියනවා. බඩගිනියි, අසනීපයි යනුවෙන් හේතු ගෙන හැර පෑම ඒ සේවාවල අයට තහනම්. ඇත්තටම ආණ්ඩුවට කඩේ යන්නවත් වාසි පැත්තට නැඹුරු නොවන අපි , ජනතාව පැත්තෙන් හිතුවොත්, මේ එන්නත්කරණය හොදින්ම කල හැක්කෙ හමුදාවට තමා. අර වගේ පෝලිම් ගස්සවා රැවුම් ගෙරවුම් මැද ගුටි බැට හුවමාරුවකට වාතාවරණයක් හෝ ඒ අය සැලසුවෙ නැහැ. ඒ මානසික ඒග්‍රතාවය හා ශක්තිය දීර්ඝ කාලයක පුහුණුව නිසා ලැබුණු දෙයක්.
ඔබතුමන්ලමනෙ වශ්වාසයයි... අවංකත්වයයි නැතිකරගත්තෙ මහත්වරුනෙ.... ඉතිං හරියට වැඩක් කරන විශ්වාසවන්ත පිරිසකට භාරදුන්නහම මොකද වෙන්නෙ...?
මේක හරියට බල්ලා පිදුරු කරන්නෙත් නැහැ කනගොනට දෙන්නෙත් නැහැ වගේ වැඩක්.
සතෙක් කාලා ජලභීතිකා එන්නතක් විඳගන්න ගියත් නර්ස්ලගේ ඇටෙන්ඩන්ට්ලගේ ඩොක්ටර්ස්ලගේ ලොකු සීන්, නම්බර් එක ගන්න යන තැන ඉඳලා. ලංකාවේ රාජ්‍ය සේවා වල සමස්ථ යක් වශයෙන් වයන්න තරම් ගුණයක් නෑ නොමිලේ ලැබීම හැර. ඉඳලා හිටලා හොඳ නිලධාරීන් ඉන්නවා. ආමි එකත් එච්චර තමා ඇතුලේ වැඩ.
වෛද්‍ය සංගමයට අප මෙසේ සදහන් කිරීමට කැමැත්තෙමු. මෙවන් අසීරු අවස්ථාවකදීවත් තමන්ගේ උගත්කම බුද්දීමත්කම නමැති අං තට්ටුව බිමින් තබා අවදානම පිලිබදව හොදින් අවංක සිතුවිලි ඇතිකර ගන්නේ නම් මෙහි අඩු පාඩුවක් දකින්නේ කෙසේද ? නුගත් අපටනම් මෙය පෙනෙන්නේ තමන්ගේ උද්දච්චකම් එළිදැකිමක් හැටියටය. මක්නිසාදයත් මෙවන් අබියෝගාත්මක අවස්ථාවකදී තම තමන්ගේ මෝඩ උගත්කම්, තනතුරු පට්ටම් නොව වැදගත් වන්නේ "එකාමෙන් වැඩ කිරීමය". එය තේරුම් ගැනුමට මහා ලොකු ඥානයක් කිසිසේත්ම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මිනිස්කම ,අවංකකම මෙන්ම නිහතමානිකමය. දොස්තර "මහත්තයලා" සැමටම මෙය කියවීමට හැකි වේවා.
රෝහල් වල එන්නත් ලබා දීම හා සසඳන විට එන්නත් ලබා දීමේදී යුද හමුදාව විශිෂ්ට කාර්යයක් ඉටු කළේය. විවිධ ස්ථාන වල වෛද්‍යවරුන්ගේ මිතුරන්ට එන්නත් ලබා දෙන ආකාරය අපි දුටුවෙමු. මම ජනාධිපතිවරයා නම්, හමුදාවට සම්පූර්ණ එන්නත් වැඩසටහනක් පවත්වන ලෙස මම කියන්න ඉඩ තිබුණා.
කරුණාකර අපේ හමුදාව අපහසුතාවයට පත් කරන්න එපා. හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් කරන කැප කිරීම සහ කරන උසස් සේවය නිසා තමයි ලංකාව මේ තරම් වත් බේරිලා තියෙන්නේ. අපේ හමුදාවට ස්තුතියි...!
ඉහත දක්වන ලද ජනතා මත වලින් පැහැදිලි වන්නේ වෛද්‍ය වෘත්තිකයින් විසින් ආත්ම වාසිය ගැන සිතා කටයුතු කරන බවයි. ජනතාවගේ මුදලින් ඉගෙන ගෙන, ජනතාමුදලින් විශාල පඩි ලබමින් සිටින වෛද්‍ය වෘත්තිකයෝ මිට වඩා ජනතාවාදීව සිතා වෘත්තීය කටයුතු අගය කරන මට්ටමට ගෙන ඒම ගැන සිතීමට කාලය එළඹ ඇත. GMOA හි අනවශ්‍ය මැදීහත් වීම් නවතා ඔබගේ වෘත්තීය සේවාව ජනතාවට ලබා දෙන්න. විශාල ලෙස දුක් විඳිමින් ඔබට විශාල පඩි ගෙවන්නෙත් ජනතාවමයි.
සෞඛ්‍ය අමාත්‍යතුමණි, හමුදාව යනු ඒකවර බොහෝ විෂය කේෂේත්‍රයක් ආවරණය කල හැකි විවිධ හැකියාවන් සහිත පුළුල් ඒ්කකයක් බවත්, ඔවුන් සතුව ආයුධ වෙඩි බෙහෙත් පමණක් නොව වෛද්‍ය, හෙද, ප්‍රවාහන, ආහාර, වඩු, මේසන්, ලෝහ, යනාදී සියළුම පහසුකම් ඇති බවත්, සහ ඒ් සියල්ල ඒකවර මැනවින් කළමනාකරණය කල හැකි නායකත්වයක්ද සහිත විධිමත් සංවිධානයක් බවත් ලිංමැඩියන්ට පැහැදිලි කර දෙන්න. විශේෂයෙන්ම ඔවුන්ට වැඩිපඩි බැඩි පහසුකම් ඉල්ලා වර්ජනය නොකරන සියල්ලන්ටම වඩා හොඳ විනයක් ඇති බවත් මතක් කර දෙන්න.