
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මීගොඩ ආටිගල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුව දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (13) දින නියෝග කළේය.
අදාළ ඝාතනය සිදුකිරීමට යොදාගත් මෝටර් රථය පදවමින් සිටි එම සැකකරු බත්තරමුල්ල පාලම් තුන මංසන්ධියේදී ඊයේ (12) සවස තරංගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැමි 10.මිලි ග්‍රෑම් 60 ක් හමු වූ බවත් මෙහිදී තලංගම පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
වෙඩික්කරු සොයා වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු දින පහක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව රැඳවුම් නියෝග ලබාගත් සැකකරු තලංගම පොලිසිය මගින් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝමාගම පුංචි මන්ත්‍රී ඝාතකයා රඳවා ප්‍රශ්න කරන්න අවසර