
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පළමු පියවර විය යුත්තේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මේ බව පැවසූයේ සෙවනගල උක් ගොවීන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එම ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ලංකා සීනී සමාගමේ සෙවනගල සහ පැලවත්ත උක් ගොවීන්, කර්මාන්ත ශාලාවල සේවකයින් මෙන්ම සැපයුම්කරුවන් මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් මුණගැසුණු බව කී නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දැඩි ජීවනෝපාය අර්බුදවලට මුහුණ දී සිටින බව සඳහන් කළේය.
සේවක වැටුප් නිසි වේලාවට නොගෙවීම, උක් ගොවීන් වෙත ලබා දිය යුතු මුදල් මාස ගණනාවක් නොගෙවීම, සැපයුම්කරුවන් වෙත නිසි ගෙවීම් නොලැබීම, සේවක අර්ථසාධක අරමුදල් ක්‍රියාවලිය නිසි පරිදි කළමනාකරණය නොවීම සහ උක් ඇඹරුම් ක්‍රියාවලියේදී ප්‍රමාණවත් නිෂ්පාදනයන් සිදු කිරීම මන්දගාමී වීම නිසා උක් වගාවන් අසීමිතව අපතේ යාමේ බරපතල ගැටළුවලට උක් කර්මාන්තය මුහුණ දී සිටින්නේ යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.
දේශීය ගොවියාට නිෂ්පාදන සඳහා ලබා දෙන වටිනාකම හොඳින් පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වනවා පමණක් නොව, එමඟින් රටේ ආර්ථිකයද ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය.
නිෂ්පාදන සැලසුම් නිසි කළමණාකරණය කරමින් මේ කාර්‍යයන් සිදු විය යුතු බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා නැතහොත් ලංකාවේ සීනි කර්මාන්තය විනාශ වීමේ අවදානමක් පවතින්නේ යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ගොවියෝ රකින්න වෙලාවක් නෑ. ෆොරීන් ටුවර් ගහලා, කාලා බීලා හමින්බර්ඩ් කෙනෙක් වගේ සැපේ ඉන්නයි ඕනෑ. ඡන්ද කිට්ටු වුණාම කියන්න පච ඕනෑතරම් තියෙනවා...
"බිග් කොච්චන්" සෙවනගල යකඩ වලට විකුණන්නයි යන්නේ. එතකොට උක් ගොවීන්ගේ ප්‍රශ්නෙ විසඳෙනවාලු.
රට බංකොළොත් කෙරුවා ඔහෙලා... කවුරුත් දන්නවා ඒක... දැන් මේ මොන ආර්ථිකයක් ගැනද මේ යෝධයා කතා කරන්නේ...?
විශාල කලුගලක් උක් ගස් අස්සේ සඟවා අඔරන යන්ත්‍රයට දැමීමට උත්සාහ කළ කන්ඩායම සොයා ගැනීමට මෙම කතාව උපකාර විය හැකිය.
පොහොර ආනයනය නතර කරලා, ගොවියා සංවර්ධනය කරන්න ඕනෑ. හැබැයි අපි මැරිලා ඉපදුනේ නෑ
කාබනික පොහොර විප්ලවයක් කලේ ගොවියා රැකගන්න ද?
ඕව ඉතිං ඒගොල්ලන්ගෙ කාලෙ කරල පෙන්නන්න තිබුන නේ. දැන් නිකං බයිල ගහනව.
අනේ හිච්චි කොලුවෝ උබේ බාප්පා ගොවියෝ රැක්ක විදිහ කොහොමද කියල රටේ මිනිස්සු දන්නවා. රටේ ජනාදිපති වෙන්න ඔය බොරු කියල හරි යන්නේ නැහැ
උබේ තාත්තා සුද්දෙක් ද? අම්මගෙන් අහලා බලන්න. මෙතැන නිකම් කුලියට ලියන්නේ නැතුව ඉන්න.