
(ඩී.ජී. සුගතපාල)
හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
ඔහු හිටපු අමාත්‍යවරයෙකුගේ හිනිදුම ආසනයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අයෙකි.
ඉකුත් 30 වනදින රාත්‍රි 11ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හිනිදුම මහාබෝධිවත්ත පදිංචි දිසාරා ගෙස්ට් හවුස් හිමිකරු වන පි.ඩබ්ලිව්.ඩී.ඉඳුනිල් සමන් කුමාර(55) ,බටපොල නාමල් සෙවණ පදිංචි එස්. එම්.නෙවිල්(34) සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි චතුරංග කුමාර බටගොඩ(39) යන තිදෙනාය.
ඝාතන සිදුවු ස්ථානයේ තිබි ටී 56 උණ්ඩ කොපු 28ක් පොලිසිය විසින් සොයාගෙන ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හිටපු ඔක්කොම රටට හෙනයක් වෙලා තියෙන්නේ...
පොහොට්ටුවේ වැඩි දෙනෙක් මීනිමරුවෝ එක්කෝ මංකොල්ල කාරයෝ ජාවාරම්කැරයෝ ඉන්නේ
කෝ මේකට රජයට දොස් කියපු අප්පුල? තමුන්ගේ අංකොං තමයි රටේ හැම ව්‍යසනයටම මුල, අලුතින් පටන්ගනිපුව නෙවෙයි, තව කාලයක් මේ පව් රටේ ජනතාවට දරන්න වෙයි. කවුරු මොනව කීවත් පවතින රජයේ කිසිවෙකු රටේ අයහපතට, භීෂණයට ,මත්ද්‍රව්‍ය වලට උදව් නොකරන බව සහතිකයි. ඒ විදියට තව කාලයක් යනකොට සියලුම අපචාරි ක්‍රියාවන් රටෙන් ක්‍රමානුකූලව අවසන්වෙයි.