(ගයාන් සූරියආරච්චි)
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පොලිස් පරීක්ෂකවරයා ඇස් රෝගයක් වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට යන බව පවසමින් තොරතුරු සටහන් පොතේ සටහනක් යොදා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත.
පසුව එම නිලධාරියා පදිංචිවට සිටි ලැගුම් හලක් ආසන්නයේ දී පහරකෑමට ලක්වූ හෝටල් හිමියා සමග ඇති වූ බව කියන ආරවුලක් හේතුවෙන් බෝතලයකින් පහරදී ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව හෝටල් හිමියාගේ බිරිය විසින් ඉකුත් 27 දින වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එම නිලධාරියා ඊයේ (3) පොලිසියට ඉදිරිපත්වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බව පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
බකල ජයා Tuesday, 04 March 2025 06:53 PM
හිටපු ජනපතියෙක් පැවසුවා... මොන දෙයක් කෙරුවත් මම ගන්නේ නිලධාරියාගේ පැත්ත කියලා. එහෙම පවසලා දිව්වා...