
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබළකු පිළියන්දල විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මනුෂ්‍ය ඝාතනා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ විමර්ශන ගොනුවකට අදාළව එම අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයට ගොස් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වන පිළියන්දල මිරිස්වත්ත පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd