(සුජිත් හේවාජුලිගේ)
හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා නීතියේ සමානාත්මතාවය, ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි කාරුණික අවධානය යොමු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව එම ලිපිය යොමු කර ඇත.
හිටපු බුද්ධි ප්‍රධානී, පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මත මෙම ලිපිය යොමු කරන බවද එහි සඳහන්වේ.
පොලිස් අත්අඩංගුවේ පසු වූ ඔබ පක්ෂයේ නිර්මාතෘවර, රෝහණ විජේවීර මහතා ඝාතනය කර ප්‍රාණය නිරුද්ධවීමට ප්‍රථම ආදාහනාගාරයට යවා පුළුස්සා දැමූ මිලේච්ඡ යුගයක බිහිසුණු පැල්ලම්, මේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යය මත නැවත සටහන් නොවිය යුතු බව සියලුදෙනාගේම අනම්‍ය විශ්වාසය බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
එබැවින් ජනාධිපතිවරයා හමුවේ තැබූ සියලු කරුණු තුලනාත්මකව අධ්‍යයනය කරමින් හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවෙකු සේ සලකා නීතියේ සමානාත්මතාවය, ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරනු ඇතැයිද ඔවුහු සඳහන් කරති
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ආචාර්ය ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන මහත්වරු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියට අත්සන් තබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය සිරකරුවෙකුට මෙච්චර සලකනවාද? මෙහෙම රෝහල් ගත වෙන්නයි මෙච්චර අවධානයක් තියනවාද? බොරුවනේ මේයාලා මේ කියන්නේ. සාමාන්‍ය මිනිහෙක් ගියානම් බල්ලෙක් ගානට දාන්නේ.
සුරේෂ් සලේ මහතාගේ හමුදාව තුළ වතගොත සරත් ෆොන්සේකා මහතාගෙන්ම අසා දැනගන්න. සරත් ෆොන්සේකා මහතා හිරබත් කනකොට ඔබලා ආරක්ෂා කලේ නිහඬ බවයි. එකල ඕගොල්ලෝ පාලනය කරමින් හිටිය නිසා කිසිවක් කිව්වේ නැත...
යුක්තිය නීතීය සාධාරණය කාටත් පොදුයි. ජනතාව රජයෙන් බලපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරයට ලක්වු වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට වෙනකම් දූෂිත දේශපාලුවන්ට ඕනෑ වෙලා තියෙන්නේ සුරේෂ් සලේ ගේ පිහිට අරන්, දූෂිත පවුල් පාලනේ අයව බේරාගන්නයි. බොරු බේගල් ගහලා ජනතාව අන්දවපු කාලේ දැන් ඉවරයි.
මේ අපතයෝ කියන ඒවා අහන්න තරම ජනාධිපති මෝඩයෙක් නෙවෙයි. මොවුන් මේ රට කාපු මිනිස්සු නේ...