
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය ඊයේ ( 31) නිකුත් කෙරිණ.
එම පනත් කෙටුම්පතෙන් ජනාධිපතිවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට සපයන නිවාස සහ දීමනා ඉවත් කෙරෙනු ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි සකස් කෙරැණු මෙම පනත් කෙටුම්පතෙන් 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කෙරේ.
එ් අනුව මෙම පනත් කෙටුම්පතෙන් හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවද හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්ද හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුපද ඉවත් කිරීම සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරප්‍රසාද කපලා අත්හරින්න එපා... කෙරුව අපරාධ හොරකම් හොයලා දඬුවම් කරන්නත් ඕනෑ, එකයි රටේ බලාපොරොත්තුව...!
ඔය වගේම රාජ්‍ය සේවකයින්ගේ අනවශ්‍ය වරප්‍රසාදත් කපාහරින්න අවශ්‍ය පියවර ගන්න. ඔය හමුදාවල හා පොලිසියේ වාහන භාවිතය ගැන හරි හමන් විගණනයක් කළොත් පෙනේවි රාජ්‍ය සේවකයින් දේශපාලකයින්ට වඩා මහජන මුදල් නාස්තිකරන බව...
ඔච්චර තමයි ඉතින් අවුරුදු 5 ටම...!
වැන්ඳඹුව වෙනුවෙන් නොවේ කලත්‍රයා විය යුතුයි...
මේ අය රජයේ සේවකයන්ට වඩා වෙනස් වෙන්නේ නෑ. සමහරු ඉතා දූෂිතව රට වලපල්ලට ගෙනගියා...
හිතාගෙන හිටියාට නියම නායකයන් ඉදිරියට බිහිවෙන්නෙ නැ. රටෙ නායකයාට තියන තම සේවා කාලය අවසන් උවත් එය ලබා දිය respect එක දිය යුතුයි. ලංකාව පාලනය කලෙ රජවරු එ වගෙ ඉතිහාසයක් තියන රටක්..මෙවායින් පලිගැනිම මිස කිසිදෙයක් රටට සිදුවෙන්නේ ද නැත.. සැබෑ නායකයකු කිසිදා මේ රටේ බිහි නොවණු ඇත...
ඒ කියන්නේ පිං ජනාගෙන් පස්සේ වැන්දඹු සාගලට හම්බ වෙන්න තිබිච්ච වරප්‍රසාදත් නෑ කියන එකනේ. අනේ අපොයි..!
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රට බන්කොලොත් කරන්න දායක වෙච්චි, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීරී මාන්ස හූරාගෙන කාපු බලලෝභී, බඩගොස්තරවාදි දුශිතයෝ. වරප්‍රසාද විතරක් නොවෙයි හොරාකාපුවත් රාජසන්තක කළයුතුයි...
හිටපු පින් ජනපතියාටත් ඔය කියන වරප්‍රසාද ලැබෙනවාද? පරිණත, අත්දැකීම් බහුල, ලෝකෙම පිළිගත් කෙනෙක් කියලා නම් කියනවා.
ඔය ලක් අම්මා සහ යෝගා කියන කුහකකම හා ඊර්ෂ්‍යාව උපතින්ම අරගෙන ඇවිත් තියෙන ඩෝබිලා... දන්නේ නැත්නම් දැනගනිල්ලා. රනිල් වික්‍රමසිංහ අදටත් ඔහෙලා ඔය මහලොකුවට කියන කිසිඳු පහසුකමක් රජයෙන් ගන්නේ නැහැ. උඹලාගේ සීයලා අනුන්ගේ වතුවල කුලියට වැඩ කරත්දී ඒ මනුස්සයාගේ සීයා තමයි ලංකාවේ පළමු සිංහල දිසාපති වුනේ... ඒ මනුස්සයින්ට පරම්පරාවෙන් ලැබුණු දේපල මිසක සතයක් හොරකම් කරන්න කිසිඳු වුවමනාවක් ඇත්තේ නැහැ. අනික ඔය ලිංගිකත්වය ගැන කියමින් ඔහුට මඩ ගහද්දී බලපල්ලා උඹලගේ පිලේ අය දිහාත්... හොර උපාධි කාරයෝ පිරිලා. ඉංග්‍රීසි බැරිව ඔබලාගේ මහ එවුන් කිචවෙන හැටි දැක්කාම විලිලැජ්ජයි. අනුන්ට මඩ ගහන්න කලින් කන්නාඩිය ඉස්සරහට ගිහින් බලන්න...
රනිල්ට පින් ජනා කියා අපහාස කරන එවුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ට ජනාධිපති අනුරට හා මචං කියලා බඩට තට්ටු කරලා කතා කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා කියලා. ඔය වගේ අය තමයි ඔය ජනාධිපති මුණගැහෙන්න ඇවිල්ලා ලයිට් කණු උඩට නැගලා උපවාස කරන්නේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වන ව්‍යවස්ථාවේ (2) අනුව්‍යවස්ථාව යටතේ, හිටපු ජනාධිපතිරුන්ගේ විශ්‍රාම වැටුප කිසි ලෙසකින් අහෝසි කළ නොහැක.