(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර තිබේ.
එම නිවසේ ජල බිල්පත රුපියල් ලක්‍ෂ තුනකට අධික මුදලක් එකතු වී තිබූ බවත් බිල නොගෙවීම හේතුවෙන් මෙසේ සැපයුම විසන්ධි කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සපයා තිබූ යුද හමුදා ආරක්‍ෂාව පසුගියදා ඉවත්කිරීම නිසා එම ගොඩනැගිල්ලේ කිසිවකු මේ වන විට රැදී නොමැති බවත් දැනගන්නට තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ මහතාගේ කාර්ය මණ්ඩලයට කිසිඳු දැනුම්දීමක් නොකර මෙසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවත් එහි බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම සාමාන්‍ය තත්වය බවත්ය.
ජනාධිපති ලේකම් කාර්යාලය බිල ගෙවීම නොකර සැපයුම විසන්ධි කර ඇති බව ද සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි
ගමේ එකාලා Thursday, 13 February 2025 08:59 PM
රටම හොරාකාලා විනාස කරපු අයට ජල බිල්පත ගෙවන්න බැරිකමක් නැහැනේ?
සත්‍යය හෙලි වෙමින් පවතීFriday, 14 February 2025 06:20 AM
කවුද කියන්නෙ හොරා කෑවා කියලා. හොරාට ඇමරිකාවෙන් සල්ලි අරන් මිනිස්සුන්ට බොරු කියලා අරගල කරන්න ඇමරිකාවෙන් සල්ලි දුන්න කියල ඇමරිකාවෙන්මයි කියන්නේ ඩොලර් මිලියන 7.2ට (රුපියල් කෝටි 216) වඩා හම්බෙලා තියෙනවා. රටේ ආර්ථිකේ වැටුනේ ලංකාවට ආදායම් ආපු සංචාරක, ඇඟලුම්, තේ, රබර්, පොල් ඇතුලු අපනයන සේරම එකපාර නැවතුනු නිසා. ආදායම් නැති වුනාට ඉන්ධන, බෙහෙත්, ආනයනය කරන්න උනා. ඔය ඇත්ත කවද හරි එලි වෙනවා. එදාට බලමුකො.
Lakwidu Friday, 14 February 2025 06:14 AM
එව්ව නම් පාහර වැඩ හොඳේ. රජයට වැඩක් කර ගන්න බෑ, සැලැස්මක් නෑ, තේරෙන්නෙ නෑ කියලා වැඩක් කරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ලෑස්ති වෙන්න එපා. දැන්වත් කීපදෙනෙක් එකතු කරගෙන සැලැස්මක් හදලා වැඩක් කරන්න. නැත්තන් අපරාදෙ රටේ මිනිස්සුන්ගේ අවුරුදු 5ක් නිකන් විනාශ වෙනවා.
KamalFriday, 14 February 2025 02:58 PM
ලක්විදු ඔයා හරි. දැන් තමයි මිනිස්සුන්ගේ කාලය නිකන් නාස්ති වෙන්නේ... පුදුම හදිස්සියක් තියෙන්නේ. අවුරුදු 76ක් මිනිස්සු හරියට සංවර්ධනය වුණා..
swene Friday, 14 February 2025 06:44 AM
ආරක්ෂාව ගැන නේ පොහොට්ටු ලේකමුයි පුතාලයි කතාකරන්නේ. ඉතින් අර නාවික හමුදාවේම නවාතැන් පොලක දෙන්නා නතර කලානම් ඉවරයි. සියලුම වියදම් අඩු කල හැකියි.
චතුරි Friday, 14 February 2025 06:49 AM
සාගර කියන ගොනා මහ කාලකන්නියෙක්. වතුර කපන්න දැනුම් දෙන්න. ඇයි උබලට එවන බිල කෝ හොරා කන්න විතරයි දන්නෙ. බිල් පේන්නෙ නැහැ. කජු ඇට කොස් ඇට වගේ . කියන්නේ ජනාදිපති කාර්‍යාලයෙන් ගෙවයි ඔය නම වෙනස් කරන්න. අසරන දුගී ජනතාවගෙන් . පින් ගොන්නුන්ට සලකන කාර්යාලය කියන්න. ජනාදිපති කාර්යාල ජනාදිපති අරමුදල්. මේවා හොරුන්ට පමනයි. මුන්ව තව කාලයක් තියන් හිටියානම්. ජනතාවට. හිටගන මැරෙන්න වෙන්නෙ දැනටත් එහෙම වෙනවා අසරන පවුල් වල තියෙන ප්‍ර්ශ්න වලට. මුන්ට හෙන හත වැදිලත් මදි
සාලිය Friday, 14 February 2025 07:25 AM
ලිදක් කපා ගනිල්ලා.
වික්‍රම විදුර Friday, 14 February 2025 07:54 AM
එතකොට මූට ඉන්න ගෙවල් 2ක්.. යකෝ එතකොට අපි ඉන්නෙ මහ මුහුදෙද? අහන්න දෙයක් යැ රට ණය වෙන එක..
කයි Friday, 14 February 2025 09:54 AM
හොරා කෑව හොරා කෑව කිය කිය ඉන්නේ නැතුව හොරා කෑවා නම් හොයලා දඩුවම් කරා නම් හරිනේ. ඔහෙල ගෙනාපු කයි ආණ්ඩුව මිසක් මහින්දගේ ආණ්ඩුව නෙමෙයිනේ දැන් තියෙන්නේ.
පිටිගල මිලානෝ Friday, 14 February 2025 01:00 PM
හා දැන් වතුරත් නිකංද ඉල්ලන්නේ…?
සමන්ති Friday, 14 February 2025 01:09 PM
ගෝටා නම් කතරගම අනවසර ගෙදරට ජී රාජපක්ෂ නමින් වතුර බිල් ගෙවලා තියෙනවා….
ටානියා Friday, 14 February 2025 01:13 PM
වතුර නැතුව වැසිකිළියට යන්නේ කොහොමද….? විශාල ප්‍රශ්ණයක් වුනානෙ මේක….
සෞම්‍යා Friday, 14 February 2025 01:18 PM
විජේරාම මාවතේ පාරේ ටැප් එකක් නැද්ද දරුවෙක් යවලා වතුර බාල්දියක් ගෙන්නා ගන්න…
ඩයස් Friday, 14 February 2025 02:49 PM
අම්මපා, ලක්ෂ 4ක් පනිනතුරු වතුර දුන්නාට ජල සම්පාදනයට නඩු පැවරිය යුතුයි.
යාමිනී Friday, 14 February 2025 02:53 PM
මහින්ද නිල නිවාසයේ ලයිට් සහ වතුර බිල මාසෙකට ලක්ෂ 10 පනිනවා ඇති. වර්ග අඩි 30500 (පර්චස් 112) ගෙදර වායුසමීකරන වලට වලට විතරක් රුපියල් ලක්ෂ 10 විතර යනවා ඇති. ඒවා ඔක්කෝම ගෙවන්නේ අපේ ටැක්ස් සල්ලි වලින්...
Nadun Friday, 14 February 2025 03:39 PM
කෝපිකඩේ අප්පුවයි, මහින්දයි මාර වෙනස්...!