(අංජුල මහික වීරරත්න)
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.
"අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා. එහෙම හොඳ නැද්ද?
17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ඇමෙරිකාවෙන් සියයට 44 ක තීරු බදු මෙරටට පැනවීම හේතුවෙන් ඇගලුම්, රබර්, තේ සහ කුරුදු ඇතුළු අපනයන ක්ෂේත්‍රවල නිරතවන සේවකයන්ගේ රැකියා අවදානම්ට වැටී ඇති බව ස්ත
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
sirisena Saturday, 12 April 2025 09:24 PM
රනිල් කොටියක කජු කෑවා කියලා හෝ වෙනත් අබුත කරණයකට රනිල්ව දුෂණ කොමිසමට ගෙන ඒමට වඩා ලොකු ගනුදෙනුවක් Donald trump සමග විසදාගන්න තියෙනවා. අමෙරිකාවෙන් පනවපු 44% තීරු බදු ගැටලුව විසදා ගැනීමට කටයතු කරන්න.
කව්ද බෝයි Saturday, 12 April 2025 09:36 PM
ඔව්, ඔය ඔක්කොම එකට හිටෝලා අසූචි වලින් නාවන්න ඕන. ඔය සෙට් එකම දේශපාලනික වශයෙන් උඩින් එකිනෙකට විරුද්ද අදහස් ජනගත කලාට, යටින් ඔක්කොම කල්‍යාණ මිත්‍රයෝ. රට බංකලොත් වුණාට, රටේ සාමාන්‍ය ජනතාව බංකලොත් වුණාට, ඒ සෙට් එකයි, ඒගොල්ලොන්ගේ හෙන්චයියෝයි ආර්ථික වශයෙන් සමුර්ධිමත්. එකයි වෙනස.
Sameera Saturday, 12 April 2025 09:37 PM
2015 AKD ගෙනාපු MY3 Supreme Court වැරදිකාරයා කලේ! වන්දි ගෙව්වේ!
Bena Saturday, 12 April 2025 09:58 PM
කොමිසම් වලින් සිතසි යවන්න බෑ නේද? සිතාසි යවන්නේ උසාවි වලින් නේද? ජනාධිපති තාම ඒකවත් දන් නෑ නේද? ගැලරි ටෝක්ස් නේද?
Laki Saturday, 12 April 2025 10:19 PM
උසාවි එන්න සිතාසි එවන එකයි ප්‍රකාශයක් සටහන් කරගන්න කොමිසමට එන්න කියනවා කියන්නෙ දෙකක් කියලාවත් මෙයා දන්නෙ නැහැනෙ.
සාලිය Saturday, 12 April 2025 10:24 PM
ආරක්ශාව අඩු කරගන්න එපා මහත්තයෝ.
Bimal Saturday, 12 April 2025 11:19 PM
අනේ මන්ද අනුර, ඔයාලට වෙන ලෝකයක් නෑ. එපාවෙලා නැද්ද ඕක ?
Nandalal de Silva - France Sunday, 13 April 2025 12:20 AM
හිටපු ජනාධිපති කෙනෙකුට සිතාසි එවීමක් ගැන බලේ සිටින ජනාධිපති, ප්‍රසිද්ධ දේශපාලන, මැතිවරණ වෙදිකාවක රඟපාන එක නම් සදාචාරාත්මක නෑ කියා මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුණා. අනේ උන්දැත් දන්නා දේශපාලනේ...
ගුණරත්න Sunday, 13 April 2025 12:27 AM
ඇයි නැත්තේ, රනිල් ජනාධිපති කාලේ සිරිසේන ජනාධිපතිතුමාට සිතාසි ගියා.
A Truth Finder Sunday, 13 April 2025 03:57 AM
හිටපු ජනාධිපතිවරයෙකුට කැඳවීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයෙන් කැඳවීමක් ලැබී ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබෙනවා පමණක් නොව. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණයෙන් කැඳවීමක් ලැබී නොමැති අතර, වෙනත් දේශපාලනඥයන් විසින් සිදු කර ඇති බවට සැක කෙරෙන වරදක් සම්බන්ධයෙන් CID විසින්ද කැඳවීමක් කර තිබෙනවා. එබැවින් CID යේ සාකච්ඡාවෙන් පසු රනිල්ට ගෙදර යා හැකියි.
Neel Sunday, 13 April 2025 04:19 AM
මාර වැඩේ රනිල්ට උනේ ?...
Asela Sunday, 13 April 2025 05:37 AM
සිල්ලර අනුර. ජනතාව තමන් තේරී පත් වූ පුද්ගලයා පිළිබිඹු කරයි.
කමල් Sunday, 13 April 2025 06:14 AM
භාණ්ඩාගාරයෙන් පළාතේ සංවර්ධනය සදහා ලබාදෙන මුදල් සංවර්ධනය සදහා නොගෙන බැංකුවල ස්ථිර තැන්පතුවල තැන්පත්කර ජනතාවගේ හිමිකම් උල්ලංඝනය කර කටයුතු කිරිම වරදක් ලෙස සලකා එම මුදල් ආපසු ගැනීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් වෙනවාද නැත්නම් රජයෙන් දුන්නු මුදල් මධ්‍යම රජයේ වැඩකටත් නැතුව පළාත් සභාවේ වැඩකටත් නැතුව බැංකුවල තබාගෙන සිටීමෙන් පාඩුවක් වෙනවද තේරුම්ගන්න බැරි එවුන්ට කල නොහැකි කිසිවක්ම නැහැ කියලා මේ කතාවෙන් පේනවා තවත් අතකින් බැලුවනම් ජනතා මුදල් රටේ සංවර්ධනයට නොගෙන බැංකුවෙ තබාගෙන සිටීම අනුමත කිරීමක් තමයි කියන්නෙ
pj Sunday, 13 April 2025 08:22 AM
88 89 වැනි අතිතයේ මෙයාලා කළ ත්‍රස්ත ක්‍රියාවලට සොබා දහමේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වුණා නම් මෙයාට මේ ප්‍රකාශ කරන්න වෙන්නේ අපායේ ජනපති වශයෙනුයි.
PGPTHILAK Sunday, 13 April 2025 08:48 AM
බරපතල වැරදි හා අඩුපාඩු සියයක් කරලා තියෙද්දී වෙන එකෙකුගේ දේකට සාක්ෂි දෙන්න කියලා ලියුමක් යවලා මිනිස්සු රවට්ටන්න බෙරිහන් දෙනවා...!
සිල්වා Sunday, 13 April 2025 10:35 AM
හිටපු ජනාධිපතිවරණයකට විරුද්ධව නම් වික්ටර් අයිවන් නඩුවක් දිනුවා.
Nishan Sunday, 13 April 2025 11:05 AM
ඔයාගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරනවා. මුලින්ම සිතාසි ආපු හිටපු ජනාධිපති තමයි මෛත්‍රීපාල සිරිසේන. ඔයාටත් එයි අනාගතේදි බලන් ඉන්න.
Perera Sunday, 13 April 2025 12:24 PM
අති විශිෂ්ඨයි. ඔබතුමා ඇතුළු මාලිමාවේ අය සද්භාවයෙන් හැම අතින්ම රට ගොඩනැගීමට වෙර දරන බව පෙනෙනවා. අපි එයට එකසිතින් හැකි පමණින් සහාය දෙනවා.
රම්බොඩ Sunday, 13 April 2025 01:13 PM
පට්ට වැඩ්ඩෙක් තමයි. හැබැයි තමන් දැන් ජනාධිපති කියලා අමතක වෙලා.
Lion Sunday, 13 April 2025 01:27 PM
මේ ගොන් ආතල් හොඳයි මඩකලපුවේ වහබි කාරයින්ට...!
upul Sunday, 13 April 2025 01:53 PM
මෙයාගේ පම්පෝරිය අහපල්ලා අලුත් අවුරුද්දටත්.
Lelwala Sunday, 13 April 2025 03:06 PM
බයවෙන්න දෙයක් නැත. ඔබටත් සිතාසි ලැබේවි...!
Saboor Marikkar. Monday, 14 April 2025 01:41 AM
100% ක් එකරටක්... එක නීතියක්.