
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත ජනතාවගේ ජන වරම ඉටුකිරීමකැයි පැවසූ අමාත්‍යවරයා මෙවැනි අනවශ්‍ය වරප්‍රසාද කපන තවත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා කප්පාදු කෙරෙන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණ.
ජනපතිවරුන්ගේ වැටුප හෝ විශ්‍රාම වැටුප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති හෙයින් නව පනත් කෙටුම්පතෙන් එම වරප්‍රසාදයට කිසිදු බලපෑමක් ඇති නොවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ඩඩ්ලිගේ හෝටලය කඩන්න ගිහිල්ලා වැටවත් ගලවාගන්න බැරි වුණා වගේ මේකෙනුත් අපිව පීචං වෙලා යයිද අනුරයෝ...?
බුහාහා, මේ මොනවා කළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එතැනින් යවාගන්න මොවුන්ට බැහැ...
යන්නෙම නෑ කියපු අයත් ලෑස්ති වෙන්න. බඩු හෙමින් සැරේ පැක්කර ගෙන ලොරියකට කතාකරලා තියා ගන්න...
ජනතාවට ටොම්පච ගහලා රවට්ටලා බලයට ආපු, හිටපු ජනාධිපතිවරු ඉන්නකම් සියලු වරප්‍රසාද, වරදාන භුක්ති වින්දගෙන සුවසේ, සැපසේ ජීවත් වෙච්චි අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට තවත් මොන වරප්‍රසාදද? මොන ආරක්ෂකයෝද?
ඉතාම හොඳයි. අවුරුදු 2ක් රට බංකොළොත් කරපු ගෝඨාභයව ඉස්සෙල්ලාම පන්නන්න ඕනෑ.
මාලිගාවක් නොවන ගෙයක් හිටපු ජනපතිලාට දුන්නාට වරදක් නෑ නේද? කාමර තුනක හතරක පමණ සාමාන්‍ය නිවසක්. ඒකත් මුලු නිල කාලයක් තනතුරේ හිටිය අයට පමණක්....