
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ සභාපති ධූරය දරූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාල බදු මුදල් නොගෙවා රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන සතියේදී පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම ඉඩම කෘෂිකර්ම අමාත්‍යාංශයට 2000 වර්ෂයේදී පවරා ගැනීමෙන් අනතුරුව එම ගොවි සමාගමට බදුදී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඉඩම සංවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය කෝටි පහකට වැඩි මුදලක් වැය කර ඇතත් ඉඩමෙන් සත පහක හෝ බදු මුදලක් රජයට ලැබී නොමැති බව පැවසූ සුසිල් රණසිංහ මහතා මෙම සිද්ධියට එවකට හිටපු ඇමතිවරුන් ජනාධිපතිවරුන් සහ ඉඩම් කොමසාරිස් සම්බන්ධවී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවද සඳහන් කළේය.
මෙම ඉඩම රජයට නැවත පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කරනු ලැබ ඇත.
නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කරුණු අනාවරණය කළේය.
මේ අතර රජයේ ඉඩම් මහා පරිමාණ ලෙස අවභාවිත කළේ යැයි කියන මහනුවර සහ ගම්පහ පිරිසක් සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට