
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා බීමත්ව රිය පැදවිම සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ කුඩා බුත්ගමුව පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සෑහෙන්න ආයුද සංසරණයේ තිබෙනවා. මේ අය ආයුධ සමඟ අසු වුණාම, වහාම ඒ වාහනය රාජසන්තක කරන්න. මොකද ආයුධ බාර දෙන්න දීපු කාලේ ඉවර වෙලා ගොඩක් දවස් නේ? මේක රටක්, සෙල්ලම් කරපු කාලේ ඉවර කරන්න. ටිකක් තද විය යුතුයි.